chapter 5 ❤️

321 52 27
                                    

""" අහ්හ්..මේ එහෙම දෙයක් නැ තේජාන්.. සොරි..මන් දැන් යන්න ඕනි...""

මගෙ ඉස්සරහා ඉන්න එයාගෙන් ඈත් උන මන් කියද්දි ..

"" අයියෝ තීනු.. මොකද ඔච්චර හදිස්සි .. මාව දැක්කම බය හිතුනද එහෙමත් නැත්නම් ඔය චුටි  හිත මන් වෙනුවෙන් ගැහෙන්න පටන්ගත්තද ...??""

"" මොනවද ඔයා මේ කියන්නේ.. මට පිස්සු කියලා හිතුවද කොහේවත් ඉන්න මිනිස්සු නිසා හිත ගස්සගන්න..""

ගැගෙන වේගේ දන්නේ මන් විතරයි ..කොහොම කියන්නද අද නෙවෙයි දැක්ක දවසෙ ඉදලම මගෙ මෙ අහින්සක හිත එයා වෙනුවෙන් ගැහෙනවා කියලා ...

"" අපෝ..මේකා නම් ඇත්තටම රතු කොච්චි කරලක්නේ.. හැබැයි එහෙම තරහා ගියාමත් ඇත්තටම මාර ලස්සනයි තීනු...""

"" පිස්සුද මනුස්සයෝ..මොනවද මේ කියවන්නේ.. අයින්වෙන්න මට යන්න ඕනි...""

තවත් විනාඩියක් හරි මු ලග හිටියොත් ශුවර් එකටම මගෙ පපුව ගැහෙන සද්දේ එලියට ඇහෙන තරම් වැඩිවෙන නිසා මන් කියද්දි

"" හරි  හරි මැනික.. ඔහොම ඉන්න මන් ඔයාව බොඩිම ලගින් දාන් යන්නම්.. මෙ රැ ඇත්තටම පිස්සුද තමුසෙට මෙහෙම තනියම පාරේ යන්න අහ්හ්...?""

එයා කියද්දි මන් ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියේ එයා දිහා..ඇයි දෙයියනේ මු කොහොමද මන් ඉන්න තැන දන්නේ ...

"" ඔයා දන්නවද මන් ඉන්නෙ කොහෙද කියලා ..""

""හ්ම්ම්.ඔව්. අනිවාර්යයෙන්ම ... මන් ඉස්සෙල්ලත් කිව්වනේ මට දෙයක් ඕනි උනාම මන් ඔක්කොටම කලින් විස්තර හොයනව කියලා .. ""

"" ඔහ්හ්.. එහෙමද ..එතකොට දැන් ඔයා මොන හේතුවකටද මන් ගැන විස්තර හෙව්වේ ...??""

මාත් මූට කැමති බව ඇත්ත ඉතින් ...ඒත් ඒක පෙන්නන්න ඕනි නැහැනේ ...

"" හෙතුවද....හේතුව තමයි මට ඔයාව ඕනි නිසා.. මන් ඔයාට ආදරෙ නිසා..""

එයා හරි ලස්සනට හිනාවෙලා කියද්දි මගෙ හුස්ම ටිකත් නතර උනා වගෙ දැනුනේ ..

"" එක මහා පිස්සු කතාවක් නේද තේජාන්..??  එහෙම එක සැරයක් දැක්ක පලියට ආදරයක් ඇති උනා කිව්වම ටිකක් මොන්ගල් වගෙනේ...""

තුන් සදක්.... Slow update Where stories live. Discover now