chapter 4 ❤️

313 58 27
                                    

දාහකුත් ප්‍රශ්න මගේ මුලු හිතටම වද දෙද්දි ටිකක් හරි හිත නිදහස් කරගන්න කියලා බීච් එක ලගට ගිහින් පාර අයිනේ හිටිය කඩල විකුනන අන්කල් කෙනෙක්ගෙන කඩල ගොට්ටක් ගත්ත මන් ටිකක් ඈතින් පේන බන්කුවක් ලගට ගිහින් එ මතින් වාඩි උනේ හිතේ කිසිම නිදහසක් නැති නිසා..

හවස් වරුවේ බීච් එක ලගට ඇවිත් බලන්නම ඕනි ඒකේ තියන සුන්දරත්වය ඇස් දෙකින්ම දකින්න නම්...

උදේ පාන්දරම කැම හොයාගෙන කූඩු වලින් නිදහස් වෙලා ගිය කුරුලු රන්චු පිටින් වටින් පිටින් අදුරූ විගෙන එද්දී තමන්ගේ කුඩූ වලට යන්නේ පුදුමාකාර සතුටකින් කියලා මට හිතුනේ....

දවස පුරා අත් තටු රිදෙනකම්ම පියාබලා පියාබලා යන්නත් බඩ පිරෙන්න කොහේන් හෝ කැම ටිකක් හොයාගෙන යන කුරුල්ලොත් හරියට මහා පොලවේ පය ගහලා හරි අමරුවෙන් ජිවත්වෙන්න පොර කන මිනිස්සු වගේ... ....

හැන්දැ වෙද්දී මුහුදු ලග සෙනග පිරිලා.. උදේ ඉදලම වැඩ කරලා කරලා හෙම්බත්වෙලා ඉන්න අම්මලා තාත්තලා .. පෙම්වතුන් හිත සැහැල්ලු කර ගන්න වගේ මේ නිස්කලන්ක මුහුද දිහා බලන් ඉද්දි .මට දැනුනේ තවත් හිස් බවක් තනිකමක් විතරයි ....

"""අහ්හ්... ඔන්න ඉතින් ගන්නවා මගුල... මොන රෙද්දකට ගන්නවද දන්නෑ ...."''

ඈතින් පේන මහා සයුර දිහා ඇහිපිය නොහෙලා බලන් හිටිය මගේ දැහැන බිදි ගියේ සක්කුවෙ තිබුන මගේ ෆෝන් එක රින්ස් වෙද්දී ... නම්බර් එක බලද්දී අක්කාගෙන්... ඒක දැක්කමත් මට දැනුනේ එපා උන හැගීමක්...

කව්රු හරි පිට කෙනෙක් ඉන්න තැන හදවත ගලවලා අතට දෙන්න උපරිම ට්‍රයි කරන එත් තනියම ඉන්න වේලාවට ඒ බැල්මෙන් පවා පුච්චලා දාන අමුතු පහේ ගති ගුන තිබුන අක්කා... අපේ බාප්පිගේ එකම දුව...

පලවෙනි කෝල් එක කට් වෙලා යද්දිත් මන් ඒක අන්ස්වර් නොකර හිටියේ ඔය වාතේ එක්ක කතා කරන්න ගියොත් පිස්සු හැදිලා නවතින එකක් නැති නිසා..ඒත් ආයේ අයේත් කෝල් ගද්දි මන් අන්ස්වර් කරේ හිතින් දෙහි කපන ගමන්..

"" හේලො...""

""" කොහෙද තමුසේ ඉන්නේ ආහ්හ්...මන් දැන් කී සැරයක් කෝල් ගත්තද...?"""

තුන් සදක්.... Slow update Onde as histórias ganham vida. Descobre agora