* Chapter 01 *

515 53 34
                                    

මුලින්ම කියන්න ඕනේ idols ලගෙ නම් යූස් කරාට එයාලගෙ රියල් ලයිෆ් එකත් එක්ක පටලවන්න එපා.

ලීගලි තව දවස් දහ අටකින් මම adult  කෙනෙක් වෙන නිසා 18 + දානවා.😁😁😁

" තමුසෙ අපේ ගෞරවය නැත්තටම නැති කරලා දැම්මා ජීහා. ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද ? කියනවා."

එහෙම කියන ගමන් ජීහාගෙ අප්පා පවුලෙ හැමෝම ඉස්සරහ ජීහාගෙ කම්මුලට ගැහුවෙ කෙල්ලගෙ ඇස් වලින් කදුලු වැටෙද්දි.

" අප්පා "

" මන් තමුන්ගෙ අප්පා නෙමේ.දැන්මම මේ ගෙදරින් එළියට යනවා.මට තමුන්ගෙ මූණවත් දකින්න ඕනේ.තමුන්ගෙ බඩේ ඉන්න අවජාතක ළමයත් අරන් මෙහෙන් යනවා.මන් හිතාගන්නම් මට හිටිය ළමයි දෙන්නම මැරුනා කියලා."

" ඔම්මා ප්ලීස් මන් කියන දේ අහලා ඉන්න."

ජීහා තමන්ගෙ ඔම්මා දිහා බලද්දි කෙල්ලගෙ ඔම්මා කරේ තමන්ගෙ මූණ අහකට හරව ගත්ත එක.

" යනවා ගෙදරින් එළියට.ආයෙ ඔය මූණ පෙන්නන්න එන්න එපා.තමුනුත් තමුන්ගෙ ඔප්පා වගේමයි."

ජීහාගෙ අප්ප එහෙම කියන ගමන් කෙල්ලව ගෙදරින් එළියට දැම්මෙ කෙල්ල මාස තුනක ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක් වෙලා ඉද්දි.
කෙල්ල ටික වෙලාවක් තමන්ගෙ ගෙදර දොර දිහා බලන් ඉදන් ගෙදරින් එළියට ආවෙ ඇස් වලින් කදුලු වැටෙද්දි.ජීහා කියන්නෙ කවුද කිව්වොත් කෙල්ල කියන්නෙ Mr.& Mrs. ශින්ගෙ එකම දුව.කෙල්ලගෙ අප්ප තමා මේ වෙනකොට ශින්වා කම්පැනි ඒකේ ඕනර් වුනේ.

කෙල්ල මීට මාස හයකට කලින් ඩේගු ගියෙ තමන්ගෙ හැල්මොන්ව බලන්න.හැබැයි එහෙම ගියපු කෙල්ල ආපහු බූසාන් ආවෙ ප්‍රෙග්නට් ලේඩි කෙනෙක් විදිහට.

ජීහා වැස්සෙම තෙමීගෙන තමන්ගෙ ගෙදරින් එළියට ආවාත් කෙල්ලට කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරි වුනා.කෙල්ල පාරෙ ඇවිදන් යන ගමන් තමන්ගෙ එක අතක් බඩ උඩින් තිබ්බා.

" පැටියො ඔයා බයවෙන්න එපා.මමී ඔයාට මොනවත් වෙන්න දෙන්නෙ නෑ.මොකද මන් එයාට පොරොන්දු වුනා ඔයාව පණ වගේ බලාගන්නවා කියලා.ඔයා ලොකු වුනාම එයා වගේම ඉදියි.
ඔම්මයි අප්පයි මාව විශ්වාස කරත් නැතත් මට කමක් නෑ.මොකද මන් දන්නවා මන් වැරැද්දක් කරේ නෑ කියලා.අනික මගෙ පැටියා වැරැද්දක් කරෙත් නෑ.මගෙ පැටියා අවජාතක ළමයෙක් නෙමේ.

දැන් මන් මොකද කරන්නෙ.කොහෙ යන්නද ? හැල්මොනි ගාවට යනවද ? ඒත් හැල්මොනිට මාව කරදරයක් වෙයි."

කෙල්ල වැස්සෙම ඇවිදන් යනකොට වැස්ස නිසා කෙල්ල ඇවිදන් ගියපු පාරෙ කවුරුවත් හිටියෙ නෑ .කෙල්ලගෙ ගෙදර ටවුන් එකෙන් ටිකක් ඈතින් වෙන්න තිබ්බ නිසා කෙල්ල ගියපු පාරෙ වැඩිය වාහන ගියෙත් නෑ.එකට එක හේතුවක් වුනේ වැස්ස.

කෙල්ල පාර දිගේ ඇවිදන් ඉස්සරහට යනකොට පාරෙ අයිනෙ තිබ්බ බෙන්ච් එකක බියර් බිබී හිටිය කොල්ලෙකුයි සිකරට් එකක් කටේ ගහන් හිටිය කොල්ලෙකුයි තමන් ඉදගෙන හිටිය තැනින් නැගිටලා කෙල්ලගෙ පස්සෙන් යන්න ගත්තා.

තමන්ගෙ පස්සෙන් කවුරුහරි එනවා කියලා තේරුන නිසා කෙල්ල පිටිපස්ස බැලුවා.ඒ වෙලාවෙ තමා දැක්කෙ කෙල්ලෙ කොල්ලො දෙන්නක් තමන්ට ටිකක් විතර දුරින් ඇවිදන් එනවා කියලා.

වෙන වෙලාවකන් කෙල්ල මෙ වගේ වෙලාවට බය නොවුනත් අද කෙල්ල බය වුනා.ඒක නිසාම කෙල්ල තමන් ඇවිදන් යන වේගෙ වැඩි කරා.තමන්ගෙ පස්සෙන් ආව කොල්ලො දෙන්න තමන්ට ලන් වෙනවා කියලා තේරුන නිසාම කෙල්ල හයියෙන් දුවන්න ගත්තා .

කෙල්ල පාරෙ දුවන් යද්දි අර කොල්ලා දෙන්නත් කෙල්ලගෙ පස්සෙන් පන්නන්න ගත්තා .කෙල්ල පාරෙ දුවන් යද්දි පාරෙ තිබ්බ ගලකට කකුල වැටිලලා කෙල්ලව බිමට වැටුනා.

කෙල්ල වැටෙනවත් එක්කම වගෙ කෙල්ල ගාවින් කාර් එකක් නවත්තලා කෙනෙක් එළියට බැස්සා.

To be continue .

Short story  එකක් හොදේ.පොඩි චැප්ටර්ස් තියෙන්නෙ.ඉක්මනට ඉවර කරන්නම් මම.

කාර් එකෙන් බැස්සෙ කවුද කියලා ගෙස් කරන්න බලන්න.😁😁😁

කැමති නම් කියන් යන්න.

කමෙන්ට් එකක් දාන් යන්න ලමයි.වෝට් එකකුත් දාන් යන්න.😚😚😚💜️💜️💜️

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️

* My You || JJK || ( On Going )Donde viven las historias. Descúbrelo ahora