* Chapter 02 *

284 56 15
                                    

" Mr.Jeon ඔයාගෙ girlfriend ට  සිහිය ආවා."

" තෑන්ක් ගෝඩ්.ඒත් මන් බෝයිෆ්‍රෙන්ඩ් නෙමේ. මන් ජීහාගෙ යාලුවෙක්.ජීහා හොදින් නේද ? එයාට ප්‍රශ්නයක් නෑනේ."

" She is fine.හැබැයි මට එයාගෙ හස්බන් එක්ක කතා කරන්න ඕනේ."

" ජීහා මැරි කරපු කෙනෙක් නෙමේ.හස්බන් ගැන අහන්නෙ ඇයි ? මොකක්හරි ප්‍රශ්නයක්ද ? "

" එහෙනම් ජීහාගෙ parents  ලටත් කතා කතා කරන්න.මේ වගේ වෙලාවක ජීහාගෙ ඔම්මා ජීහා ගාව ඉන්න එක හොදයි ."

මේ වගේ වෙලාවක කියන්නෙ.මොකක්හරි ප්‍රශ්නයක්ද ? ඩොක්ටර්දැන් කිව්වෙ එයා හොදින් කියලා."

" රිලැක්ස් මිස්ටර් ජියෝන් .ජීහා හොදින් ඒ වගේම එයාගෙ බබාත් හොදින්.ජීහා වැටිච්ච පාර පොඩ්ඩක් ඔලුව තුවාල වෙච්ච නිසා තමයි එයාට සිහිය නැතුව ගිහින් තියෙන්නෙ.බයවෙන්න කිසි දෙයක් නෑ.දෙන්නම හොදින් ඉන්නවා.ජීහාට දැන් සිහිය ඇවිත් තියෙන්නෙ ."

ඩොක්ටර් එහෙම කියනවත් එක්ක වෝට් එක ගාව හිටිය කොල්ලගෙ ඇස් ජිල් බෝල දෙකක් වගේ ලොකු වුනේ ඩොක්ටර් කිව්ව දේ විශ්වාස කරන්න බැරුව.

" ඩොක්ටර් මට ජීහාව බලන්න පුලුවන්ද ? "

" ඔව් පුලුවන් "

ඩොක්ටර් එහෙම කියනවත් එක්කම කොල්ල ලැබුන අවසරයෙන් කෙල්ල ඉන්න රූම් එකට දිව්වා.
කොල්ලා රූම් එක ඇතුලට යනකොට කෙල්ල දොර දිහා බැලුවෙ රූම් එක ඇතුලට ආවෙ කවුද කියලා බලන්න.කෙල්ල තමන් දිහා බලන් ඉද්දි කොල්ලා ඉන්න තැනම හිටියෙ කලින් ඩොක්ටර් කිව්ව දේ ගැන හිතාගන්න බැරුව.

" ජන්කුක් "

කෙල්ල කොල්ලගෙ නම කියල කතා කරද්දි කොල්ල කෙල්ල ගාවට ගිහින් කෙල්ල ලගින් ඉදගත්තා .ඩොක්ටර් කිව්ව දේත් එක්ක කොල්ලට කෙල්ල ගැන කේන්ති ගියත් කෙල්ල ඉන්න තත්වෙත් එක්ක කොල්ල තමන්ව පුලුවන් උපරිමයෙන් කන්ට්‍රෝල් කරගත්තා .

" ජීහා ඔයා හොදින්නේ . "

" ඔව්.කුකී ඩොක්ටර් කෝ.මට කතාකරන්න ඕනේ.මට බලන්න ඕනේ මගෙ "

කෙල්ල මොනාහරි කියන්න හැදුවත් කෙල්ල කියන්න ගිය දේ සම්පූර්ණ කරේ ජන්කුක් .

" ඔයාගෙ බබාට කිසිම ප්‍රශ්නයක් නෑ.ඩොක්ටර් කිව්වා බය වෙන්න කිසිම දෙයක් නෑ."

කොල්ලා එහෙම කියද්දි කෙල්ල පුදුම වෙලා ජන්කුක් දිහා බලන් හිටිය .

" කුකී ඔයා කොහොමද ? "

" දන්නෙද ? ඩොක්ටර් කිව්වෙ.ඒත් කොහොමද ඔයා ප්‍රෙග්නට් වුනේ.ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ ජීහා.එහෙම එකේ කොහොමද මෙහෙම දෙයක් වුනේ.ඇයි ඔයා මට කලින් කිව්වෙ නැත්තෙ ඔයා ප්‍රෙග්නට් කියලා.මන් ඔයාගෙ හොදම යාලුවා නේද ? අනික කොහොද මාස ගාණක් හිටියෙ.
ඔයාට කීයටවත් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ ජීහා.හිටියත් කවදාවත් මෙහෙම දෙයක් වෙන්න විදිහකුත් නෑ.කොහොමද ඔයා ප්‍රෙග්නට් වුනේ කියන්න."

" ජන්කුක් මගෙන් ප්‍රශ්න අහන්න එපා ? "

" එපා එපා කිව්වම ඔක්කොම හරි ."

" දැන් ඔයා හදන්නෙත් මට බනින්නද ? "

" මන් ඔයාට බනිනවා නෙමේ ජීහා.මට දැනගන්න ඕනේ ඇත්ත."

" මොන ඇත්තද ? ඇත්ත තමා මන් මගෙ බබාව බලාගන්නවා කියන එක.ඔයාවත් මාව විශ්වාස කරන්න කුකී.මන් කිසිම වැරැද්දක් කරලා නෑ."

" මන් ඔයාව කවදහරි විශ්වාස නොකර ඉදලා තියෙනවද ? හරි මන් මොනවත් අහන්නෙ නෑ.අන්කල් ආන්ටියි දෙන්න මේ ගැන දන්නවද ? "

ජන්කුක් එහෙම අහද්දි ජීහා ගෙදරදි වෙච්ච හැම දෙයක්ම වගේ කොල්ලට කිව්වා.ඒ දේවල් කියද්දි කෙල්ලගෙ ඇස් වලින් කදුලු එද්දි කොල්ලා කෙල්ලගෙ අත තමන්ගෙ අත් වලින් අල්ලගත්තා .කොල්ල තමන් හිටිය තැනින් නැගිටලා කෙල්ලගෙ ඔලුව අතගාන්න ගත්තා .

" දැන් මොකක්ද ඔයා කරන්න හදන්නෙ කියන්නෙ."

" මට මගෙ බබාව අතාරින්න බෑ කුකී.මන් එයාව බලාගන්නවා කොහොමහරි.තනියෙන් හරි මන් ඒක කරනවා.මන් ගෙදර යන්නෙ නෑ.මොකද මන් කැමති නෑ කවුරැවත් මගෙ පැටියට වෙනස් කම් කරනවා දකින්න.කවුරුවත් එයාට මොනවත් කියනවා දකින්න.මගෙ ඔම්මයි අප්පයි වුනත්."

" ඒකනේ ඔයාගෙ ෆයිනල් ඩිසිෂන් එක."

" ඔව් "

" මේකනම් ඔයාගෙ ෆයිනල් ඩිසිෂන් එකනම් ජීහා මගෙ ෆයිනල් ඩිසිෂන් එක අහන්න දැන්."

To be continue .

ජන්කුක්ගෙ ෆයිනල් ඩිසිෂන් එක මොකක් වෙයිද ?

කමෙන්ට් කරන් වෝට් කරන් යන්නකෝ.
චැප්ටර් එක ගැනත් කියන් යන්න.

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️

* My You || JJK || ( On Going )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin