* Chapter 08 *

242 50 21
                                    

" ඔව් ඩොක්ටර් මන් දන්නවා.අපි දෙන්නගෙම කැමැත්තෙන් තමා මේ දේ කරේ."

ජන්කුක් ජීහාගෙ ඇස් වලින් තමන්ගෙ ඇස් අහකට නොගෙනම ඩොක්ටර්ට එහෙම කිව්වා.

" ඔයාලා දෙන්නගෙ තීරණේනම් ගොඩක් අගේ කරනවා.හැබැයි ඩොක්ටර් කෙනෙක්ට බොරු කියන එකනම් එච්චර හොද දෙයක් නෙමේ."

" සොරි ඩොක්ටර්.අපි කැමති වුනේ කවුරුවත් දැනගන්නවට මේ ඉන්නෙ අපි දෙන්නගෙ බබෙක් නෙමේ කියන එක."

ජීහා වෙනුවට ඩොක්ටර්ට ඒ වෙලාවෙ උත්තර දුන්නෙ ජන්කුක් .

" හොදයි.දැන්වත් කිව්ව එක හොදයි ජීහා ඔයා සරෝගේට් මදර් කෙනෙක් කියන එක. මට ඔයාගෙ කලින් රිපෝට්ස් බලන්න පුලුවන්ද ? නෙස්ට් වීක් එකේ එනකොට ඒ රිපෝට්ස් ටික අරන් එන්න."

" හරි ඩොක්ටර් ."

ඩොක්ටර් එහෙම කියද්දි ඒ පාර උත්තර දුන්නෙ ජීහා.
ඩොක්ටර් එක්ක කතා කරලා ඉවර වුනාට පස්සෙ ජන්කුක් ජීහාත් එක්ක තමන්ගෙ කාර් එක නතර කරලා තියෙන තැනට ආවා.ඒ වෙනකන් කොල්ලා ජීහා එක්ක එක වචනයක්වත් කතා කරේ නෑ.

ජන්කුක් ජීහාව ඉස්සරහ පැසෙන්ජර් ශීට් එකෙන් ඉන්දවලා කොල්ලා ඩ්‍රයිවින් සීට් එකට ගිහින් කාර් එක ඩ්‍රයිව් කරන්න ගත්තත් කෙල්ල එක්ක එක වචනයක්වත් කතා කරේ නෑ.

" කුකී."

"ඒ කුකීයෝ."

" ජන්කුකීයෝ."

" බනිසෝ."

" මසල් බනියෝ."

" බනානා බෝයි ."

ජීහා ජන්කුක්ට එක එක නම් කිය කිය කොල්ලට කතා කරත් කොල්ල කරේ වාහනේ ඩ්‍රයිව් කරපු එක.කෙල්ල හරියට පොඩි එකෙක් වගේ කොල්ලට එක එක කියුට් නම් වලින් කතා කරද්දි කොල්ලට හිනා යන්න ආවත් කොල්ලා මාර ගේමක් දිදී හිටියෙ කෙල්ල කිව්ව නම් වලට හිනා නොවී ඉන්න.

" කුකී මන් දන්නෙ නෑ ඔන්න.ඔයා නරක බබෙක් වගේ මාත් එක්ක කතා කරන්නෙ නැතුව හිටියොත් බිල්ලා ඇවිත් ඔයාව උස්සන් යයි හොදේ."

" ඔයාට කියන්න කුකී කවුද මන්දා ඇවිල්ල මන් රෑට නිදියන් ඉද්දි මගෙ ඔලුව අත ගාලා නළලට කිස් එකකුත් දීලා යනවනේ."

ජීහා එළිය බලාගෙන හිනා වෙවී එහෙම කියද්දි ජන්කුක් හරියට කෙල්ල දිහා හොරෙන් බැලුවෙ හරියට වැරැද්දක් කරලා තමන්ගෙ ඔම්මට අහුවෙච්ච පොඩි එකෙක් වගේ.

" බැරි වෙලාවත් ඒ "

ජීහා එහෙම කියන ගමන් කොල්ලා දිහා බලද්දි

" නෑ නෑ මන් නෙමේ."

" දැන් මන් කිව්වද කුකී ඒ ඔයා කියලා .මන් මේ කියන්න ගියෙ බැරිවෙලාවත් ඒක හිනායක් වෙන්න ඇති කියලා.මොනා වුනත් ඉතින් මන් ඒ හීනෙට ගොඩක් කැමතියි ."

" කවුද කොල්ලෙක්ද කිස් කරන්නෙ ? "

කොල්ලා වාහනේ ඩ්‍රයිව් කරන කෙල්ලගෙ එහෙම ඇහුවෙ හිත යටින් මාරම හැපි එකකින්.

"ජන්කුක් "

"හුම්."

" පොඩ්ඩක් කාර් එක නවත්තන්න ප්ලීස්."

" ඔයාට මොනාහරි ඕනෙද ? "

ජන්කුක් එහෙම අහන ගමන් කාර් එක පාරෙ අයිනකට වෙන්න නැවැත්තුවා .

To be continue .

ඇයි දන්නෙ නෑ ජීහා කාර් එක නවත්තන්න කිව්වෙ.බලමුකෝ .😁😁😁😁

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️

* My You || JJK || ( On Going )حيث تعيش القصص. اكتشف الآن