* Chapter 04 *

254 47 19
                                    

කෙල්ල ජන්කුක්ගෙ රූම් එකට ගිහින් රෙස්ට් කරද්දි කොල්ලා ගියේ තමන්ගෙ ඔෆිස් එකට.ජන්කුක් කියන්නෙ වයස අවුරුදු විසිපහක කොල්ලෙක්.ජන්කුක් කියන්නෙ කොරියාවෙ තියෙන ලොකුම බිසනස්මන් කෙනෙක් වෙච්ච මිස්ටර් ජියෝන්ට ඉන්න එකම පුතා.කොල්ලගෙ ඔම්මයි අප්පයි දෙන්නම කොල්ලට අවුරුදු දහඅටක් වෙනකොට ඇක්සිඩන් එකකින් නැතුවුනේ ජියෝන් කම්පැනි එකේ සම්පූර්ණ වගකීම කොල්ලට භාරකරලා.

ජන්කුක් කියන්නෙ පොඩි කාලෙ ඉදන්ම බිසනස් කියන දේට පොඩ්ඩක්වත් කැමති වුන කෙනෙක් නෙමේ.කොල්ලට පොඩි කාලෙ ඉදන්ම ඕන කරේ ගිටාරිස්ට් කෙනෙක් වෙන්න.ඒත් කොල්ලට අන්තිමට වුනෙ තමන්ගෙ අප්පගෙ අන්තිම කැමැත්ත වෙනුවෙන් තමන්ගෙ හීන අත ඇරලා දාන එක.

ජීහා ජන්කුක් දෙන්න ගැන කිව්වොත් මේ දෙන්න හයි ස්කූල් යන කාලෙ ඉදන් හොදම යාලුවො.ජන්කුක්ට ගිටාරිස්ට් කෙනෙක් වෙන්න ඕන වෙනකොට ජීහාට ඕන කරේ writer  කෙනෙක් වෙන්න.හැබැයි කොල්ල තියා කෙල්ලටවත් තමන්ගෙ හීන වලටනම් යන්න බැරි වුනා.

*
*
*
*
*
*
*
*
*
*

කොල්ලා තමන්ගෙ කාර් එක පාක් කරල තමන්ගෙ කැබින් එකට යනගමන් කොල්ල තමන්ගෙ සෙකට්‍රිට කැබින් එකට කතා කරා.

ජන්කුක්ගෙ සෙකට්‍රි වෙච්ච මිස්ටර් හන් ජන්කුක්ගෙ කැබින් එකට එනකොට කොල්ලා හිටියෙ තමන්ගෙ ෆෝන් එකෙන් දෙයක් search  කර කර.

" සර් මට කතා කරේ ඇයි ? සර් තාමනම් ප්‍රොජෙක්ට් එකේ ෆයිල් එකනම් රෙඩි නෑ.තව දවස් දෙකකින් රෙඩි වෙයි."

" ෆයිල් එකක් ගැන අහන්න නෙමේ මනුස්සයො මන් එන්න කිව්වෙ.පොඩ්ඩක් ඉදගන්නවා ඇවිත් . "

" සර්ට මොකක්හරි ප්‍රශ්නයක් වගේ.girlfriend ගෙන්ද ? "

" තමුසෙට ඒක වැඩක් නෑනේ මිස්ටර් හන්.මන් එන්න කිව්වෙ පොඩි දෙයක් ගැන අහන්න."

" කියන්න සර් ."

" මිස්ටර් හන්ගෙ වයිෆ් ප්‍රෙග්නන්ට් වෙලා කොච්චර කල්ද ? "

" මාස හතරක් වෙනවා.ඇයි සර් එහෙම අහන්නෙ."

" නිකමට වගෙ ඇහුවෙ."

" සර් නිකමට දෙයක් ඇහුවා වෙන්න එපා.සර් මොකක්හරි අහන්නනෙ මට කතා කරා.වැඩිය හිතන්න එපා සර් කියලා දාන්න මන් මොනවත් හිතන්නෙ නෑ.
සර්ගෙ girlfriend  ප්‍රෙග්නන්ට් නේද ? "

* My You || JJK || ( On Going )Where stories live. Discover now