1. Law of Attraction කියන්නෙ මොකක්ද?

408 75 5
                                    

උපුටාගැනීමයි

මේ Law of Attraction කියන සිද්ධාන්තයේ හැබෑ ගැඹුර දන්න, මේ සිද්ධාන්තය අපේ එදිනෙදා ජීවිතේට කොයිතරම් නම් බලපානවද කියල දන්න පිරිස මේ ලෝකෙ බොහොම අඩුයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ Law of Attraction කියන සිද්ධාන්තයේ හැබෑ ගැඹුර දන්න, මේ සිද්ධාන්තය අපේ එදිනෙදා ජීවිතේට කොයිතරම් නම් බලපානවද කියල දන්න පිරිස මේ ලෝකෙ බොහොම අඩුයි. හැබැයි දැනගෙන හිටියොත් අපි හැමෝටම ලොකු ප්‍රයෝජනයක් තියෙන කාරණාවක් තමයි මේ. කොහොමහරි දැනගෙන හෝ නැතුව අපි ජීවිතේ ගෙවන හැම තප්පරයකදිම අපි සජීවී කාන්දම් වගේ විශ්වයට නිකුත් කරන සිතුවිලි, ක්‍රියාවන් වල හොඳ හෝ නරක ප්‍රතිඵ​ල ආකර්ෂණය කර ගන්නවා. මේක ටිකක් බුදු දහමේ උගන්වන හේතු ඵල වාදයටත් සමානයි. හැබැයි ඊට වඩා ටිකක් වෙනස්. මේ හේතු ඵල වාදයට මීට වඩා හුඟාක් සමීප කාරණාවක් විශ්වීය නීති යටතේ Law of Cause and Effect කියලා සාකච්ඡා වෙනවා. හේතු ඵල වාදයේදී ක්‍රියාවට නොනැගුණු සිතුවිලි වැටෙන්නෙ අවිඥප්ති කාර්ම ඝණයට. හැබැයි මේ Law of Attraction කියන විශ්වීය නීතියේදී සිතුවිලි පවා අපිට හොඳ නරක ආකර්ෂණය කරන්න බලපානවා.


2. ඉතිහාසය

මේ Law of Attraction කියන්නෙ ඉතිහාසය පුරාවට හුඟක් අයගේ ජීවිත ආලෝකමත් කරපු නීතියක්. වසර දහස් ගා​ණකට කලින් මේ විශ්වීය නීතිය ගැන මනුස්ස වර්ගයාට උගන්නපු පළමු ශාස්තෘවරයා විදිහට සැලකෙන්නෙ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ඉගැන්වීම අනුව අපි හිතන පතන දේවල් අනුව අපි ගතකරන ජීවිතය තීරණය වෙනවා. මේ සංකල්පය බටහිර සංස්කෘතියට පැමිණීමත් එක්ක “Karma” කියන කාරණාව සංකල්පයක් විදිහට මුළු ලෝකෙම ප්‍රචලිත වෙනවා. ඒ වගේම ශුද්ධ වූ බයිබලයේ ‘As a man thinketh in his heart so is he’ කියල සඳහන් වෙන වාක්‍යයෙන් කියවෙන්නෙත් මේ සංකල්පයට හුඟාක් ලඟින් යන අදහසක්. එහෙම බැලුවම ආගමික ශාස්තෘන් හුඟක් දෙනෙකුත් අනුමත කරපු දෙයක් මේ විශ්වයේ ආකර්ෂණ නීතිය කියන්නෙ.


LAW OF ATTRACTION Where stories live. Discover now