ඒන්ජල් නම්බර්ස්

289 48 13
                                    

ඒන්ජල් නම්බර්ස් කියලා කියන්නේ විශ්වය අපි එක්ක සන්නිවේදනය කරන ක්‍රමයට.
අපි හැමෝටම අනිවාර්යයෙන්ම ගාඩියන් ඒන්ජල් කෙනෙක් ඉන්නවා.මේ මටත් ,ඔයාටත් අනිවාර්යයෙන්ම කෙනෙක් ඉන්නවා. ඉතින් මේ ගාඩියන් ඒන්ජල්ස්ලා හරහා numerology යොදාගෙන තමයි විශ්වය අපි එක්ක සන්නිවේදනය කරන්නේ.

ඔයාලා දන්නවද ? විශ්වයේ භාශාව තමයි ගණිතය කියන්නේ. මොකද ඒක අපි හැමෝටම තේරෙනවා. දැන් ඔයාගේ ගාඩියන් ඒන්ජල් ඇවිල්ලා ඔයාට කොරියන් වලින් පණිවිඩ තිබ්බොත් ඔයාට තේරෙන්නේ නැහැ නේද ? ඒත් ඉලක්කම් ඔයාට , අපි හැමෝටම පොදු දෙයක්. අන්න ඒකයි ගණිතය විශ්ව භාෂාව වෙන්නේ.

ඔයාට එකම ඉලක්කම කොහේදි හරි ආයේ ආයෙම නිතර නිතර පේනවා නම් ඒ කියන්නේ පොතකින්, බැටරි පර්සන්ටේජ් එකෙන් , වෙලාවෙන් , ඔරලෝසුවෙන්.. මේ වගේ ඕනේම දෙයකින් ඔයාට එකම ඉලක්කම ආයේ ආයේ පේනවා කියන්නේ ඔයාගෙ ගාඩියන් ඒන්ජල් ඔයාට මොනවා හරි පණිවිඩයක් දෙන්නයි හදන්නේ.

නංගි කෙනෙක් ඇහුවා ගාඩියන් ඒන්ජල් කොහොමද අඳුර ගන්නේ කියලා .. මේකනේ පැටව්නේ. කොහොමද එයා එක්ක කතා කරන්නේ කියලා .අපි මේ ලෝකෙට ආවේ යම් අරමුණකට අනුව වැඩ කරන්න. අත්දැකීම් ගන්න. හිතන්න ගාඩියන් ඒන්ජල් අපේ ඉස්සරහම ඉන්නවා. ඔයා හැම පොඩි දේකටම එයාගෙන් උදව් ගන්නවා එතකොට වැඩක් තියෙද ? කවුද මේ ජීවිතේ අත්දැකීම් ගන්නේ එතකොට? අපි ජීවිතේ අත්දැකීම් ලබාගන්න ඕනේ. අන්න ඒනිසයි එයා මේ වගේ ක්‍රම වලින් අපි එක්ක සම්බන්ද වෙන්නේ. එයා අපි එක්ක කතා කරන භාශාව තමයි මේ අංක, එහෙම නැත්තම් අපේ හීන. ඉතින් මේ අංක වල ,හීනවල තේරුම හොයාගන්න එක අපේ වැඩක්.
මම කලිනුත් කිව්වනේ. මේ ටිකේම මට 69 ඉලක්කම හරියට පේනවා. ඉතින් මම ඒකේ තේරුම හොයාගත්තා. ඉතින් ඒක මගේ ජීවිතේට සම්බන්දයි.

ඔයාලත් මෙහෙම එකම ඉලක්කම නිතර නිතර දකිනවා නම් ටක් ගාලා ඒක google search කරන්න what is the meaning of ඉලක්කම දාලා angle number කියලා ටයිප් කරලා.

මේ ඒන්ජල් නම්බර්ස් අතරේ ප්‍රධාන ඒන්ජල් නම්බර්ස් තියෙනවා
11:11
111
222
333
444
555
666
777
888
999
1010
1234

ඔයාලා ,ඔයාලා දකින හීන , නිතර දකින අංක අතෑරලා දාන්න එපා. පොඩි වෙලාවක් වැය කරලා තේරුම හොයලා බලන්න. මම දැන් ආටිකල් එකකින් ගත්ත ටිකකුත් මේකට එකතු කරනවා.

LAW OF ATTRACTION Where stories live. Discover now