Visualize කරන්නේ කොහොමද

203 53 9
                                    

•මුලින්ම ඔයාගේ මනස සැහැල්ලු කරන්න. සැහැල්ලු නිරවුල් මනස තමයි මේකේ මූලිකම දෙය. ඔයාට අවශ්‍ය දේ ඔයාගේ මනසට කාවද්දවා ගැනීමට නිරවුල් මනසක් අත්‍යාවශ්‍යයි. Visualize කරන්න කලින් භාවනා හරි යෝගා හරි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

•ඊට පස්සේ ඔයාට ඕනෙ මොනවද කියලා හරි පැහැදිලි අදහසක් ලබාගන්න . සැකයක් තියෙන්න බෑ ඔයාගෙ යටි හිතේවත්.ඔයාගේ මනසේ සිතුවිලි වලින් විශ්වයට පණිවිඩයක් යවන බව තේරුම් ගන්න. විශ්වය ප්‍රතිචාර දක්වන්නේ ශක්තිමත් තරංග වලට පමණයි. ඔයාට අවශ්‍ය දේ පිළිබඳ ඔයාටත් විශ්වාසයක් නැතිනම් ඒ වගේ දුර්වල තරංග වලට විශ්වය ප්‍රතිචාර දක්වන්නේ නැහැ.

•ආකාර්ෂණය වීමේ නීතිය පිළිබඳව සම්පූර්ණ විශ්වාසය තබන්න. ඔයාට අවශ්‍ය යැයි ඔයා ධාරණය කරගත් දෑ විශ්වය ඔයා වෙත ලබා දෙන බවට විශ්වාස කරන්න. ඔයාට විශ්වාස නැත්තම් මේකෙන් වැඩක් නැහැ. උදාහරණයක් විදියට ඔයා හිතුවොත් , ආ අනේ මේක වැඩක් වෙන්නේ නෑ ..මට මේවා ලැබෙන්නේ නැහැ.. මෙහෙම හිතුවොත් , negative thinking පොඩ්ඩක් හරි ගෑවුණොත් ඉතින් ඔයා ඉල්ලන දේ ලැබෙන්නේ නෑම තමයි.

•ඔයාට අවශ්‍ය දෙය ඔයාට ලැබී ඇති ආකාරය නිතර මනසින් දකින්න. මේක තමයි visualize කරනවා කියන්නේ. මම මේ law of attraction මේලෝ දෙයක් දන්නේ නැති grade 5 වලදි පවා මේක කරලා තිබ්බා. මම ඒකාලේ නිතරම හිතුවේ මම scholarship exam pass වුණාට පස්සේ වෙන දේවල් ගැන. ඕලෙවල් කාලේ 9As ලැබිලා මිස්ලට , නෑදෑයොන්ට කෝල්ස් ගන්න හැටි මම visualize කරා නිතරම. ඔයාලත් මේක කරන්න. ඔයාලට ඕනේ දේ දැන් ලැබිලා තියෙන විදියට visualize කරන්න. ඒකෙන් ලැබෙන සතුට විඳින්න.

•ඔයාට ලබා ගැනීමට අවශ්‍ය කුමක්ද යන්න පිළිබඳව වැඩිපුර හිතන්න එපා. ඔයාගේ හැඟීම් සහ ඔබට දැනෙන දේ පමණක් විශ්වාස කරන්න. එය ලබා ගැනීමට ඇති ආශාව සහ අවශ්‍යතාවය වැඩිවන තරමට ඒවා ඉක්මනින් ඔයා කරා පැමිණෙනවා. වර්තමානයේ ඔයාගේ තත්වය සම්පූර්ණයෙන්ම අමතක කරන්න. ඔයා ලබා ගැනීමට බලාපොරොත්තු වන අත්දැකීම ඒ ආකාරයෙන්ම මනසින් විඳින්න.
ආකාර්ෂණයේ නීතියේ බලය වැඩි කර ගැනීම සඳහා දිනකට විනාඩි 15 ක පමණ ඒ සඳහාම වෙන් කරන්න. එම කාලය තුළ ඔයාගේ අරමුණු සිහින ගැන පමණක්ම සිතමින් විශ්වයට ඒවා ලබා දෙන ලෙස ප්‍රර්ථනා කරන්න.

•කනගාටුවීමට සිදුවන අවස්ථා සියල්ල මග හරින්න. විශේෂයෙන්ම අනුන්ගේ ප්‍රශ්ණ තමන්ගේ ඔළුවට ගන්න එපා. හිත කලකිරවන ගීත, නාට්‍ය, චිත්‍රපටි බලන්න එපා. ඍණාත්මක මිත්‍රයින්ගෙන් ඈත් වන්න. ඔයා කනගාටුදායික සිතුවිලි මවන තරමට තව තවත් ඒවා ඔයාට ආකර්ෂණය වන බව මතක තබා ගන්න. සාර්ථක වීමට උවමනාව ඇති අය පමණක් ආශ්‍රය කරන්න.





භාගයක් උපුටාගත්තා. භාගයක් මගෙන් 😅❤️

LAW OF ATTRACTION Where stories live. Discover now