twin flame කියන්නේ මොකක්ද

151 36 3
                                    

උපුටාගැනීමයි

💜 විශ්වයේ පරම ආදරය- twin flame💓
විශ්වය ගැන කතා කරද්දි තරමක් වෙනස් තේමාවක් ලෙස අපට මෙම twin flame සබදතාව හදුන්වන්න පුලුවන් .අප ජීවිත චක්රයේ භව ගනන් ඉපිද ගෙවමින් යන විට අපිට විවධාකර සබදතා/ජීවන සහකරු ආකාරයන් මුණ ගැහෙනවා මේ අතරින් ප්රධාන වශයෙන් අපට හමු වන්නෙ කර්ම සබදතා- karmic relationship,අධ්යාත්මික සබදතා- soul mate, නිවුන් අධ්යාත්මේක සබදතා- twin flame.
♋ කර්ම සබදතා කියන්නෙ අපේ ආත්මයට මුලින්ම හමු වෙන සබදතා වේ.මේවා පෙර කරපු කර්මයක් ගෙවා දැමීම උදෙසා අපට මුණ ගැසෙනවා.සමාජයේ ඇති බොහො සබදතා මේ වර්ගයට අයත් වෙනවා.සහකරුවන් ලෙස පමණක් නොව දෙමාපියන් සහෝදර සහෝදරියන් යහලුවන් ලෙසද මෙවැනි සබදතා අපට මුණ ගැහෙන්න පුලුවන්.අපේ ගෙවා නොදැමූ කර්මයන් ගෙවා දමා ආත්ම සංවර්ධනය වීම සිදු වෙනවා. මෙවැනි සහකරු සබදතා බොහෝ විට වියවුල් වෙනවා.නමුත් උප්ක්ෂාවෙන් ඒ කර්මයන් ගෙවා දැමූ පසු එවන් සබදතා අපෙන් ඉවත්ව යන ලෙස සලනවා
⭐ අධ්යාත්මික සහකරුවෝ- soul mate.බොහෝ අය මේ වචනෙනම් අහල ඇති.කර්ම සබදතා වලට වඩා වැඩි දියුණු වු ආත්ම සංවර්ධනයත් සමග අපිට මොවුන් මුණ ගැසේ.මෙවැනි සබදතා වියවුල් අවම සාමකාමි සබදතා වෙනවා.බෝහෝ විවාහ වීම් හෝ පවත්වා ගැනීමට සුදුසු බැදීමක් ලෙස හදුනවන්න පුලුවන්.එකිනෙකාට සහය වෙමින් එකිනෙකා මත යැපෙමින් ( depending) හෝ  මෙවැනි සබදතා පවත්වා ගැනිම සිදු වේ
⭐ නිවුන් අධ්යාත්මික සබදතා( twin flame) මේවා විශ්වයේ පරම ආදර හමු වීම් ලෙස හදුන්වනවා.karmic relationship, soul mate යනාදී බැදීම් හරහා අඩු පාඩු සකසා ගනිමින් තනි කෙනෙක් ලෙස තම අධ්යාත්මය වර්ධනය වු පසු මෙවැනි සබදතාවන් හමු වේ.මේ සදහා හොදම උදාහරණයන් තමයි සිදුහත්- යශෝදරා, රාධා ක්රිශ්නා..යනාදී උතුම් යුවලයන්. දීපංකර බුදු දවස යශෝදරා දේවිය සුභද්රා ලෙස අප බෝධිසත්වයන් හමු වූ මොහොත මෙම අධ්යාතික සහකරුවන් හමු වූ අසිරිමත් මොහොතක් ලෙස හදුන්වන්න පුලුවන්.
මෙවන් හමු වීම් කලාතුරකින් සිදු වන අතර විශ්වයේ කැමත්ත අනුව සිදු වන බව සලකනවා.මොවුන්ගේ හමු වීම අහබුවක් වන අතර එකිනෙකාගේ අනෙක් පලුව හමු වීම, තමන්ගේභ ආත්මය කැඩපතකින් දැකීමක් ලෙස හදුන්වනවා .මෙවැනි යුවලයන් හමු වු විට ඔවුනොවුන් හදුනාගැනීමට හැකියාව තිබෙන බව සලකනවා.ගති ගුණ වගේම මොවුනගේ රූපයද ඇතැභ් විට එකිනෙක සමාන වන්න පුලුවන්( උදා- එකම පවුලේ නොවුවත් ඇස් නාසය මුහුණ හෝ හිනාව ආදිය බොහෝ විට සමාන විය හැකිය)
අතිත සිදුවිම් දක්ෂතා තමන් තුල ඇති අදුරු පැතිකඩයන්ද එකිඑනෙකාට සමාන වෙනවා.
💑භෞතික වශයෙන් එක් නොවී සිටියත් මොවුන්ගේ ආත්මයන් එකිනෙක ලං වී පවතින බව සලකනවා.එනම් මොවුන් ලං වී ආදරය නොකලත් මොවුන්ගෙ හිත් වලින් ඔවුන් වෙන් වී යන්නේ නැත.
💑හමු වූ මොහොතේ පටන් පෙර නොදැනුනු සැනසීමක් සතුටක් පූර්ණත්වයක් දෙදෙනාටම දැනෙන්ට පටන් ගනී.තමාගේම ඉතුරු කොටස හමු වූ බවට හැගි යයි.
💑ටෙලිපති මගින් අදහස් සංවේදනයද ඇතාම් විට මොවුන්ට හැකිය.
⭐එකිනෙකා මත යැපීම සිදු නොවේ.බලාපොරොත්තුවකින් තොරව ආදරය ලබා දේ.give & take නැත.give පමණක් මොවුන් දෙදෙනා අතරම පවතී අනෙකුත් සබදතාවන් වල එසේ නොවේ.
මොවුන්ගේ හමු වීම ශාරීරික සමාජීය බැදීමකට එසා ගිය අධ්යාත්මික එකක් වන අතර අනෙකුත් සබදතා දෙකෙහි මෙන් සමාජීය ශාරීරික අවශ්යා වෙනුවෙන් බැදී නොපවති
විශ්වයේ යම් වෙනසක් වීමට මෙවන් සහකරුවන් එක් වන අතර මොවුන් විසින් ලෝකය සුවපතා කිරීමක් ආදරයෙන් දයාවෙන් නැහැවීමක් හෝ ලෝකයට යම් සේවාවක් කරීම හෝ සිදු වේ.
මොවුන්ගේ එක් වීම හුදෙක් පහසු නැති අතර ඔවුන්ට බොහෝ දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු වේ.උදා- ප්රහීන නොකල කර්ම බන්ධන ප්රහීන කිරීම, හමු වීමට ඇති භූගෝලිය දුෂ්කරතාවය( ලෝකයේ ප්රදේශ දෙකක ජීවත් වීම) යනාදිය වේ.
නමුත් මොවුන්ගේ ආත්මයන් නොසැලී පවති.
ඉතින් මෙවැනි සබදතා අපට යම් යම් අවස්තා වලදී හමු වේ.අවසානයේදී අධ්යාත්මික වශයෙන් සංවර්ධිත අයට twin flame හමු වීම් මුණ ගැසේ.අප ජීවත් වන ලෝකයේද මෙවැනි සබදතා දැකිය හැකිය.
⭐මනුෂ්යයන් වශයෙන් අපි අධ්යාත්මිකව සංවර්ධනය වන්නා සේම අප සතු කර්ම විපාක උපේක්ෂාවෙන් මෛත්රියෙන් විද දරා ගැනීමත් ඒවා ප්රහීන කිරීමෙනුත් අපට soul mate twin flame වැනි සුන්දර හමු වීම් ලං කර ගත හැක



උපුටාගැනීම අවසන්

ඔයාලට ඔයාලගේ twin flame එක හම්බවෙලාද තින්නේ
මට නම් නැහ් 🙂

You've reached the end of published parts.

⏰ Last updated: Mar 20, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

LAW OF ATTRACTION Where stories live. Discover now