Gratitude Jar

131 43 5
                                    

gratitude jar නැත්නම් thankful jar කියලත් කියනවා. මේක ස්තූති බඳුනක්. ආකර්ෂණීය නීතිය අනුගමනය කරන ඔයාල දන්නවනෙ ස්තූතියි කියන වචනය කෙතරම් බලවත්ද කියලා..ඉතින් මේ gratitude jar එකෙන් වෙන්නෙත් ඒ වගේ දෙයක්. හදන්න හරිම පහසුයි. මම කියන්නම් කොහොමද මේක හදන්නෙ කියලා.

අවශ්‍ය දේවල්

1.පොඩි හුරුබුහුටි jar එකක්. ඔයාලට මේකට ඉවරවුණු jam bottle එකක් වගේ පිරිසිදු කරල ගන්නත් පුලුවන්.

2.පාට A4 කොල කිහිපයක්.

3. කතුරක්

4.අවශ්‍යනම් ග්ලිටර් බෝඩ් වැනි සැරසිලි කරන දේවල් ටිකක්.

මේ වගේ පුංචි දේවල් ටිකක් තමයි අවශ්‍ය වෙන්නෙ.

මුලින්ම මේ බෝතලය හොඳින් සෝදල වේලාගෙන ඒක හුරුබුහුටි විදියට , ආස හිතෙන විදියට ලස්සන කරගන්න ඕන. ඊටපස්සෙ අපි ඒකෙ ලියල අලවනවා gratitude jar කියල.

පාට පාට A4 කොල ටිකක් ගන්න කිවුවෙ මේ වැඩේ වඩාත් ලස්සන වෙන්න. එහෙම නැත්නම් සුදු පාට කොල වුණත් කමක් නෑ. වැදගත් වෙන්නෙ අපි ඒ කොලවල ලියන ධනාත්මක දේවල්.

ඉතින් මේ ආකාරයෙන් හදාගන්න jar එකට අපිට පුලුවන් හැමදාම පාට කොලයක අපිට අවශ්‍ය ධනාත්මක දේවල් සහ අපි ස්තූතිවන්ත වෙන දේවල් ලියල පුංචියට නවල නැත්නම් රෝල් කරල මේ බෝතලයට දාන්න.

ඔයාට දැන් තියන ප්‍රධාන එක් අරමුණක් ගැන අවශ්‍ය දේවල් ලියල ඒකට දානවනම් හොඳයි.

ඔබේ අරමුණ විභාගයක් සමත් වීමනම් ඒ ගැන ධනාත්මක දේවල් වලින් මේ බඳුන පුරවන්න.

ඔබගේ අරමුණ රැකියාවක් ලබාගැනීමනම් ඒ සම්බන්ධ ධනාත්මක දේවල් ලියල මේ බඳුන පුරවන්න.

ඔබේ අරමුණ සාර්ථක ආදර සබඳතාවක් හෝ විවාහ ජීවිතය ගැනනම් ඒ සම්බන්ධ ධනාත්මක දෙයින් මේ බොඳුන පුරවන්න.

ඔබේ අරමුණ ඉඩමක් , නිවසක් , වාහනයක් මිලදී ගැනීමනම් ඒ ගැන ධනාත්මක දේවල් වලින් මේ බඳුන පුරවන්න.

දිනපතා ලියන කොල වලින් මේ බඳුන පුරවන්න. වසරකට එක් බඳුනක් හැදුවොත් ඒ වසර අවසානයේ පිරුණු ස්තූති බඳුනේ ඇති දේවල් කියවා බලන්න. ඒ වගේම ඔබ මානසිකව යම් පීඩාවෙන් ඉන්න විට පෙර ලියූ ධනාත්මක දේවල් සහ ඔබ ලබාගත් හොඳ දේවල් ස්තූති කළ දේවල් සිහිකර සතුටක් ඇතිකර ගන්නත් පුලුවන්.

ඔබට අවශ්‍යනම් gratitude jar කිහිපයක් වුණත් හදල තියාගන්න පුලුවන් විවිධ අරමුණු වෙනුවෙන්. ඉතින් මේ ගැන පැහැදිලි වෙන්නැති කියල මන් හිතනව.
මේ ගැන කියල දෙන්න කියලත් කීපදෙනෙක් ඉල්ලීම් කළා මගෙන්. ඒ වගේ ඔබට තවත් දැනගන්න අවශ්‍ය දේවල් තිහනවනම් මට හැකි පමණින් ඒ ගැන ඔබ දැනුවත් කරන්නම්.

ස්තූතියි ආදරණීය ඔබට සහ ආදරණීය විශ්වයට..!

උපුටාගැනීම අවසන්


මම නිකන් අර yt එකේ වීඩියෝ දාන අක්කා කෙනෙක් වගේ නේ
😅✋❤️
මගේ invisible project එක තාම යනවා.. ඔයාලත් උදව් කරන්න.

LAW OF ATTRACTION Where stories live. Discover now