Gratitude Journal

138 38 17
                                    


මේක ලියන්නේ සම්පූර්ණයෙන්ම මම ☺️

මේකෙන් මම කියලා දෙන්න හදන්නේ gratitude journal එකක් ලියන විදිය ගැන.

කලින් chapter  එකේදිත් කිව්වනේ , ස්තුතියි කියන වචනයෙව් තියෙන බලවත්කම. ඉතින් අපි මේකෙදිත් කරන්නේ විශ්වයට ස්තූති කරන එක.

මුලින්ම මේකට ලියන්න ඔයා පොතක් ගන්න ඕනේ. මම ගත්තේ ඩයරි එකක්.

ලියන්න ගන්න වෙලාවල් ගත්තොත් හොඳම වෙලාව ඉර නැගෙන වෙලාව හරි , ඉර බැහැගෙන යන වෙලාව හරි.

ඔයා මේක ලියන්න ගනිද්දි හොඳ ධනාත්මක හිතකින් ඉන්න ඕනේ.

ලියන්න පටන් ගනිද්දි අනිවාර්යයෙන්ම එදා දිනය දාන්නඕනේ. ඊට පස්සේ ලියුමක් ලියනවා වගේ ආදරණීය විශ්වය කියලා ලියන්න ඔන.

පලවෙනියට ඔයාලා සාමාන්‍ය දේවල් වලට විශ්වයට ස්තූතිවන්ත වෙන්න.
උදාහරණයක් විදියට , කුස පිරෙන්න කෑම ලබා දුන්නට , සතුටින් ජීවත් වෙන්න උපකාර කරාට ස්තූති වන්න වෙන්න

ඊට පස්සේ ඔයාටල දැනට ලැබිලා නැති ඒත් ඔයාලට ලබාගන්න ඕනේ දේවල් දැනට ලැබිලා තියෙනවා කියලා හිතාගෙන විශ්වයට ස්තූතිවන්ත වෙන්න.
උදාහරණයක් විදියට : මගේ සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් කරලා දුන්නට විශ්වයට බෙහෙවින්ම ස්තුතියි .

මේක ලියද්දි අනිවාර්යයෙන්ම ඔයාලා positive thinking කරන්න ඕනේ. මේක ලිය ලිය , අනේ මම ෆේල් වේවි.. මේවා කරත් වැඩක් නෑ , හරි යන්නේ නෑ.. ඔහොම හිත හිත කරොත් හරි යන්නෙම නෑ තමයි.

ඒනිසා හොඳ විශ්වාසයකින් යුතුව මේක ලියන්න ගන්න.

තව වැදගත්ම දෙයක්..

මේකේ ලියලා තියලා නිකන් ඉන්න බෑ. හැමදෙයක්ම තනියම විශ්වයට කරන්න බැහැ. ඔයාගෙන් තල්ලුවක් ඕනේ. ඔයා ඔයාගේ උපරිම උත්සාහා කරන කොට තමයි ඔයාට අනිත් උදව්නුත් ලැබෙන්නේ.
තේරුණා නේද ?

ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න.

ඊලඟ chapter  එක angel numbers ගැන දාන්නම්

මගේ ගාඩියන් ඒන්ජල් ගොඩ කාලයක් තිස්සේ ඉඳන් මට 69 ඉලක්කම පෙන්නනවා. ඒකේ තේරුම සමස්තයක් වශයෙන්, දූතයා අංක 69 ආදරය හා සබඳතා ක්ෂේත්රය තුළ ධනාත්මක සහ නඟා සිටුවීමේ සංකේතයක් ලෙස සැලකේ. ඔබ මෙම අංකය දිගටම දකින්නේ නම්, එය දේවදූතයන්ගෙන් දිරිගැන්වීමේ සහ සහයෝගයේ සලකුණක් ලෙස ගෙන, ඔබේ ආදර ජීවිතයේ සමබරතාවය, සමගිය සහ බහුලත්වයේ මාවතකට ඔබව යොමු කරන බව විශ්වාස කරන්න.
මට මල්සරා විදින්නද යන්නේ 😂✋ දැන්ම එපා

තව තේරුමක් තියෙනවා

ඔබ යන සෑම තැනකම 69 ඔබ දිගටම දකිනවාද? ඔබගේ ජීවිතයේ දිව්‍යමය දෙයක් සිදුවන නිසා මෙය හොඳ ලකුණකි. මෙම අංකය ඔබේ ආරක්ෂක දේවදූතයන් ඔබ හා සම්බන්ධ වීමට උත්සාහ කරන බවට ලකුණකි. ඔවුන් ඔබට අංක 69 එවන්නේ බලාපොරොත්තුව, සාමය සහ ආදරයේ සලකුණක් වශයෙනි. මෙම දේවදූත අංකය ඔබේ ජීවිතයේ දේවල් හොඳින් සිදුවන බවට සහතික වීමේ ලකුණකි; ඔබට අවශ්‍ය වන්නේ දිව්‍ය ක්ෂේත්‍රය විශ්වාස කිරීම සහ විශ්වාස කිරීමයි. ඔබේ ජීවිතයේ නව ආරම්භයන් සඳහා කාලයයි. ඔබ වෙනත් දේවල් පිළිගන්නා විට ඔබේ ජීවිතයේ සමහර අංග අවසන් වනු ඇත. බොහෝ මිනිසුන්ට අවසානය සැමවිටම හොඳ නැත, නමුත් ඔබට ජීවිතයේ ඉදිරියට යාමට ඒවා සිදුවිය යුතුය.

මේක තමයි මට්ව් ගැලපෙන තේරුම. මොකද දැන් මම අලුතෙන් පටන් ගෙන තියෙන්නේ ආයෙම..

බායී

ආහ්..

ඔයාලා වගේ හොඳ කට්ටියක් මුණ ගැස්සුවට විශ්වයට ගොඩක් ස්තූති ..!
ඒක මම කියන්නේ ලොකු හේතුවක් තියෙන නිසා 🍃

Ps : මේක ලියලා ඉවර වෙද්දි battery percentage එක 69 යි..☺️

LAW OF ATTRACTION Where stories live. Discover now