සරුංගලේ..!!

779 119 249
                                    

ගිනි ගහන කාස්ටක අව්වේ මෝක්ෂයි පන්සිළුයි දෙන්නම ඉදියේ ට්‍රැක්ටරේක.. ගිනිගහන අව්වයි ට්‍රැක්ටරේ දෙදරිල්ලයි ඒකේ ගොර ගොර සද්දෙයි ඒ වෙද්දි දෙන්නටම හිසරදයක් වෙලා තිබුණේ...

කොහොම හරි පැය බාගෙකට විතර පස්සේ ට්‍රැක්ටරේ එළවපු මනුස්සයා කෑගහලා බහින්න කිව්වාම දෙන්නම බැරි බැරි ගාතේ බඩු මලු කරගහගෙන පාරක් අයිනෙන් බැහැගත්තා...

ට්‍රැක්ටරේ ඈතට යනකන් බලන් ඉඳපු පන්සිළු මෝක්ෂගේ පැත්තට හැරුණේ හිතේ ප්‍රශ්න දාහක් තියෙද්දි...

"යන තැන දන්නවද..."

"හරියටම දන්නෑ..."

"මැප් එක දාලා බලහන්..."

"මැප් එක දාගනින් ඔලුව උඩ... මේ වන්නි හත්පත්තුවේ මොන මැප්ද ඕයි... කාගෙන් හරි අහමු වරෙන්කෝ.."

එහෙම කියන ගමන් මෝක්ශ බෑග් එකත් උස්සගෙන ඉස්සර වුණා... හූළඟට දූවිලි ඇවිස්සිලා එහෙ මෙහෙ යද්දි දෙන්නම ඉස්සරහට ගියේ මනුස්සයෙක් හම්බෙයි කියන බලාපොරොත්තුවෙන්...

"මේ.. ලොකු උන්නැහේ...."

යන අතරමග පාරෙ අයිනේ කුඹුරු යායක වල් කොටන ගමන් ඉදපු වයසක මනුස්සයෙක්ගෙන් මොක්ශ කෑගහලා ඇහුවා...

"මේ ගමේ ඉන්නවද සමරවික්‍රම කියලා මහත්තයෙක්...."

"ඔව් ඔව්.. සරම ඉරිලා තමයි.... ඒකෙන් තමයි අමුඩේ ගහගත්තෙ..."

"මොකක්ද බන් ඒ මිනිහා කියන්නේ අහපු දේට නෙමෙයිනේ උත්තර දෙන්නේ..."

පැත්තකට වෙලා ඉඳපු පන්සිළුත් කන්ෆියුස් උනු හින්දා මෝක්ෂගෙන් ඇහුවා...

"කන් ඇහෙන්නැද්ද කොහෙද බන්.. ඉඳපන්කෝ..."

"ආහ් ඒක තමයි... මේ මාමෙ... සමරවික්‍රම මහත්තයා ඉන්නේ කොහෙද...."

කලින්ටත් වඩා මහා සද්දෙන් කෑගහලා මෝක්ශ ඇහුවා...

"අලි ගහලා මලානේ...."

"මොකාක්.. යකෝ ඊයෙත් මාත් එක්ක කතා කරානේ .."

"කවුද මලේ...."

"අර ඉපිටහා ගොඩේ සරණේරිස්..."

ලොකු උදලු පාරක් පොළොවට ගහන ගමන් ඒ මනුස්සයා බෙරිහන් දුන්නා...

(ඉටි)පන්දම් || MEGHA 2 | ONHOLDWhere stories live. Discover now