පවුකාර ආත්ම..!!

557 101 93
                                    

ඒ වෙද්දි මෝක්ශගෙත් පන්සිළුගෙත් සමාජ සේවා කාලය පටන් අරන් සතියක් විතර ගිහින් තිබුණා.. ඒ සතිය ඇතුළත ගමෙයි නගරෙයි තියෙන වෙනස ඕනවටත් වඩා වැඩියෙන් මෝක්ශට කෙසේවෙතත් පන්සිළුට නම් හොඳටම දැනුණා...

කතා කරන්න කෙනෙක් නෑ.. ෆෝන් එකෙන් කතා කරන්න සිග්නල් හොයන්න වෙන ම ගේමක් දෙන්න වෙනවා..

ඊටත් වඩා හැමතැනම පයින් කරක්ගහන්නයි.. හවස හතර පහ වෙද්දි ගෙවල්වලට වෙලා දොරවල් වහගන්නයි.. හැරෙන්නවත් ඉඩ නැති පොඩි කාමර කෑල්ලට වෙලා කළුවරේ ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නයි..

ජීවිතේට නොකරපු පොළොව කොටන වැඩ, වේලි හදන එක, වතුර අදින එක, වල් නෙළන එක, කඳු බඩගාලා වෙද ගෙදරට එහෙම ඕන බෙහෙත් වර්ග හොයලා ගෙනත් දෙන එක වගේ දාහක් වැඩ රාජකාරි පන්සිළු කරේ බොහොම අමාරුවෙන්..

කාර්යාල ජීවිතේකට හැඩගැහිලා හිටපු පන්සිළුට ඒ වගේ බර වැඩ කරන එක හිතුවට වඩා සෑහෙන්න අමාරුයි... ඒ වගේම මේ හැමදේම පන්සිළුගේ ජීවිතේට හරිම ආගන්තුකයි...

ඒත් මෝක්ශගේ තත්ත්වේ නම් ඊට වඩා හාත්පසින්ම වෙනස්.. අවුරුදු කීපයක්ම දුෂ්කර සේවය කරලා හොඳට ගමක ජීවන රටාවකට හුරු වෙලා ඉඳපු මෝක්ශට ඇත්තටම ඒ සෝශල් සර්විස් පීරියඩ් එක හරිම පොඩි ටාස්ක් එකක්...

ළිංවලින් නාන ඒවා.. වතුර නැති ටොයිලට්වලට යන ඒවා.. අඩිය තියලා අඩිය ගන්න බැරි පොඩි කාමරේක පැදුරු මාල්ලක් උඩ මදුරුවෝ කකා නිදාගන්න ඒවා... ඇත්තටම මෝක්ෂගේ පොලිස් ජීවිතේ තිබුණු සමහර අත්දැකීම් එක්ක එයාට ඒවා හරිම පුංචි අභියෝග..

ගමේ මිනිස්සු අතරේ තවමත් මේ ආගන්තුක තරුණයෝ දෙන්නා ගැන වැඩි පැහැදීමක් නැති වුණත්.. සමරවික්‍රම මහත්තයට නම් මෝක්ශවත් පන්සිළුවත් හොඳට හිතට අල්ලලා තිබුණා...

දවසේ වැඩ ටික ඉවර වෙලා පහළ ළිඳෙන් නාකියාගෙන මෝක්ශත් පන්සිළුත් දෙන්නම ඒ දෙන්නගේ පොඩි කාමර කෑල්ලට ආවේ හරිම අප්‍රසන්න විදියට රැහැයියෝ කෑගහන සද්දේ මැද්දේ...

කළුවර හින්දා බංකුවක් උඩින් පත්තු කරපු කුප්පි ලාම්පුව තියපු මෝක්ශ ජනේලෙට පහළින් බිමින් වාඩි වුණේ තෙත කොණ්ඩේ අතින් එහෙට මෙහෙට කර කර පන්සිළු පැදුරු දෙක එළලා ඒක වටේට නෙට් එක අදින දිහා බලාගෙන..

(ඉටි)පන්දම් || MEGHA 2 | ONHOLDWhere stories live. Discover now