කෝ පන්සිළු
"මැරුණා...!!"
එහෙම කියාගෙනම මළ කඳක් වගේ මෝක්ශ ගේ ඇතුළට යද්දි අවින්දි යොමේන් දිහා බැලුවා.. ඒ මේ වෙනසට හේතුව දැනගන්න...
"මොකෝ මුන් දෙන්නා ආයේ රණ්ඩු වුණාද.. මන් හිතුවා මන් හිතුවා ඕක වෙයි කියලා... අනේ හත්තිලව්වේ මුන් දෙන්නට පැටලෙන්නේ නැතුව ඉන්නම බැරි හැටියක්.. මොකෝ යොමේන් ඒපාර..."
අවින්දි ගේ ඇතුළට යන මෝක්ශ දිහා බලාගෙන එහෙම කියන ගමන් අන්තිමට යොමේන්ට ප්‍රශ්නයක් යොමු කළා...
"පොඩි ප්‍රශ්නයක් අක්කේ..."
"පොඩි ප්‍රශ්නයක් කියන්නේ ඉතින් අනිවාර්‍යෙන් ලෝක විනාසෙවත් කරගෙන වෙන්න ඕන..."
අවින්දි නොදැක්කට ඇස්වලින් බේරෙන කඳුළු පිහිද පිහිද අමාරුවෙන් අඩි තිය තිය මෝක්ශ එයාගේ රූම් එකට යන අතරේ මේඝ උඩ ඉඳන් පඩිපෙළ බැහැගෙන පහළට ආවේ ඇහුණු සද්ද එක්කලා ගෙදරට ආවේ මෝක්ෂ කියලා අනුමාන කරගෙන... ඒ අනුමානේ හරි..!!
රූම් එකට යන එක නවත්තපු මෝක්ෂ පඩිපෙළේ අන්තිම පඩියෙන් බිමට බැහැපු මේඝ දිහා බලන් ඉඳියේ හරිම අසරණ විදියට.. ඒ බැල්මේ තිබුණේ මන් ඊළඟට මොකක්ද කරන්න ඕන බන් කියන ප්‍රශ්නය.. කඳුළුවලින් දිලිසෙන මෝක්ෂගේ ඇස්වල තිබුණෙම ඒක.. පිටදි කොහොම හිටියත් ගේ ඇතුළට අඩිය තියපු හැටියෙම මෝක්ෂට පරණ මතක හොඳටෝම වද දෙන්න ගත්තා.. ගෙදරට අඩිය තියන සුනංගුවට පන්සිළුගෙන් ලැබෙන බැනුම් කෝටිය අද නැතිවෙද්දි... ඒ වගේම විකාර කර කර ගේ අනික් පැත්ත පෙරළගෙන අවින්දිගෙන් ගුටි කකා දුවපුවා මතක විතරක්ම වෙද්දි මෝක්ශට ගෙට ඇතුල් වෙද්දිම දැනුනේ හරියට මහා ආගාධයකට මහ දවාලෙම ඇදගෙන වැටුණා වගේ හැඟීමක්...
"කියන්නකෝ මෝක්ෂ.. මොකද..........."
මේඝ දිහාම ගලක් වගේ බලාගෙන හිටපු මෝක්ශගෙන් අවින්දි ප්‍රශ්නයක් අහන්න ගියාට එතනින් එහාට ඒ ප්‍රශ්නේ ගළපගන්න අවින්දිට බැරි වුණා... කොටින්ම අවින්දිටත් ප්‍රශ්නේ අහන්න අමතක වුණා....
මෝක්ෂ එකපාරටම ගිහින් සාක්කු දෙකට අත් දෙක දාගෙන තමන්ගේ දිහා බලාගෙන හිටපු මේඝව හයියෙන් තදකරලා බදාගෙන අඬන්න පටන් ගත්තා.. හරියට නැතිවුණු එයාගේ කැමතිම සෙල්ලම් බඩුවක් ගැන තාත්තට අඬ අඬ පැමිණිලි කරන පොඩි එකෙක් වගේ..
YOU ARE READING
(ඉටි)පන්දම් || MEGHA 2 | ONHOLD
General Fiction❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ වගා ළිඳක් වගේ කට ඇරගෙන පිම්පොම් බෝල දෙකක් වගේ සයිස් එකට ඇස් ගෙඩි දෙකත් ලොකු කරගෙන මේඝගේ අතේ එල්ලිලා...