එහෙම කරලද..!!

704 98 72
                                    

"සර් කෝල් එකක්..."

සිද්ද වුණු රණ්ඩුවෙන් පස්සේ එළියට වෙලා ඉඳගෙන බර කල්පනාවක ඉඳපු මෝක්ශ ගාවට ආපු යොමේන් ෆෝන් එක දික් කරන ගමන් එහෙම කිව්වා...

"කට් කරලා දාපන්..."

"ඒත් සර්..."

"කට් කරපන් කිව්වාම.."

"මිස්ටර් මේඝාදිත්‍ය කතා කරන්නේ සර්..."

"ආශ්... ශිට්.. ඌ මොන එහෙකටද ගන්නේ..."

නොරිස්සුමෙන් වගේ මෝක්ෂ ෆෝන් එක අතට අරගත්තාම යොමේන් හොර පූසා වගේ සීරුවට එතනින් මාරුවෙලා කාමරේට පැනගත්තා..

"හෙලෝ...."

"මොකද වුණේ...."

"මොකක් ගැනද අහන්නේ..."

"........."

"පන්සිළුද..."

"............"

"ආහ් ඒක පොඩි රණ්ඩුවක්..."

"මන් ඇහුවේ මොකක්ද වුණේ කියලා..."

මේඝ ඇහුවේ තීව්‍ර වගේම පැහැදිලි කටහඬකින්...

"ඌ අද සීමාව පැන්නා බන්.. මට ඉවසන්න බැරි වුණා ඌ එහෙම කියද්දි... උබ දන්නවනේ.... මන් කරන රස්සාවට මගේ අම්මා අප්පාවත් මොකුත් කියනවට මන් කැමති නෑ බන්...

යකෝ.. මන් මෙතෙන්ට ආවේ සෑහෙන කට්ටක් කාලා.. පොඩිම තැනින් පටන් අරන් මේ ඉන්න තැනට එන්න මන් මගේ ජීවිතෙ ගොඩක් දේවල් කැප කරා බන්.. මට මාවම නැතිවෙන තරමටම මන් මේ රස්සාව වෙනුවෙන් නැහුනා.. එහෙව් එකේ ඌ එහෙම කටහෝදලා දාලා වගේ කතා කරද්දි මට ඒක ඉවසන්න බෑ බන්..කොහෙත්ම බෑ...

උබම කියපන් ඒ වෙලාවට තරහා යන එක සාධාරණයි නේ... අනික ඇයි ඌ එහෙම කියන්නේ.. ඌ ඇස්වලින් දැකලද එහෙම කියන්නේ...මන් එක එකාට පඩික්කම් ඇල්ලුවා කියන්නේ.. එහෙම කරා නම් මන් දැන් ඉන්නේ මෙතන නෙමෙයි බන්... ඕනම මනුස්සයෙක්ට ඉවසීමේ සීමාව පනින පීක් පොයින්ට් එකක් තියෙනවා බන්.. පන්සිළු අද ඒක පැන්නා.."

"මෝක්ශ..."

මේඝ හඬ අවදිකළේ මෝක්ශ කියපු හැමදේම සාවධානව අහගෙන ඉදියට පස්සේ...

"උබයි මායි වගේ නෙමෙයි පන්සිළු කියන්නේ ඌ තනිවෙච්ච එකෙක්... ඌට උගේ කියන්න ඉන්නේ අපි විතරයි..ඒ හින්දා වචන පාවිච්චි කරද්දි මොළේ කල්පනා කරලා වැඩ කරන්න... පිස්සෙක් වගේ කටට එන එන දේවල් දොඩවන්නේ නැතුව..."

(ඉටි)පන්දම් || MEGHA 2 | ONHOLDWhere stories live. Discover now