ආත්මේ ලෙෆ්ට් !!

583 93 85
                                    

සාලේ මැද්දෑවට වෙන්න තියලා තිබුණු ආශුගේ ඔලුව වටේට හතර පස් දෙනාම වටවෙලා එකදු වචන හුවමාරුවක්වත් නැතුව ඔහේ මූණට මූණ බලාගෙන හිටියා..

"ගින්දර"

තමන්ටම එහෙම මුමුණගත්තු මේඝ වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා යන්න ගියපු දිහා අනික් හතර දෙනාම බලන් හිටියේ ඇස් ලොකු කරන්...

"එක්කෝ මේක ඒකිගේ විහිළුවක් වෙන්න බැරිද..."

බොහොම වෙලාවකට පස්සේ පන්සිළු තමන්ගේ අදහස ඉදිරිපත් කළා..

"ගොන් කතා කියන්නෙපා බන්.. ඒකි ඒකිගෙම ඔලුව එවයිද.. අනික බලපන් මේක ඇත්ත ඔලුවක්..."

"පිස්සුද ඕයි... ඇත්ත ඔලුවක් වෙන්නේ කොහෙද මේක බොරු එකක්.."

"රෙද්ද තමයි.."

"ආ ඕන්නම් අල්ලලා බලපන් මූණ.. මන් අල්ලපු හින්දා කියන්නේ..."

"නෑ ඕන්නෑ..  එහෙම ඕන්නෑ..."

"ඉකේ බය ගුල්ලා..."

"අනේ මේ.. තමුන්ලා දෙන්නා එක විනාඩියකට ඕක නවත්තනවද.. කච කච ගාන්නේ..."

කලින් ඇස් පියාගෙන හිටියත් දැන් ටික ටික අප්‍රසන්න සහගත දසුන බලන්න ඇස් හුරුකරගෙන හිටපු අවින්දි කෑගැහුවා...

ඒත් එක්කම වගේ නැගිටලා ගියපු මේඝ ලොකු ට්‍රේ එකක් වගේ එකක් එක්ක තව පොඩි බඩු වගයක් අරන් ඇවිත් ස්ටූල් එක ඉස්සරහා බිම වාඩිවුණා.. ග්ලවුස් එකක් අතට දාගත්තු කළුකුමාරයා ඒ ඔලුව කොටස අරගෙන ට්‍රේ එක උඩින් තිබ්බට පස්සේ ට්වීසර් එකක් අරගෙන කෙස් ගස් ඈත් කර කර මොකක්දෝ දෙයක් හෙව්වා.. ඊටපස්සේ ඇස් අලවලා තිබුණු ඝන ඉටිපන්දම් කෑල්ලක් ගලවලා වොච් ග්ලාස් එකක් උඩට දාගත්තු කළුකුමාරයා පොඩි බොට්ල් එකක් අරගෙන ඒක ඒ ඔලුව පුරා යන්තමින් තැවරුවා..

ඊටත් පස්සේ ලයිටර් එකක් අරගෙන මේඝ ඒ හිස්කබලට ගිනි තිබ්බේ මෝක්ශට වාඩිවෙලා හිටපු තැනින් ඉබේම නැගිට්ටෙද්දී...

"මෝල්ද බල්ලෝ !! යකෝ ඕක ඔහොම ගිනි තියලා හරි යනවද.. සාක්ෂියක්නේ යකෝ..."

මෝක්ෂ කියන දේවල් මේඝ තඹේකට මායිම් නොකරන බව දන්න හින්දම පන්සිළු මෝක්ෂගේ අතින් ඇදලා ආයෙම සෝෆා එකෙන් වාඩිකරවගත්තා...

(ඉටි)පන්දම් || MEGHA 2 | ONHOLDWhere stories live. Discover now