අවින්දි !!

732 91 174
                                    

~ A gift for MEGHA readers ~
..............................

Avindi's pov

මන් කාර් එක ඇතුළට වෙලා බොහොම අමාරුවෙන් කට පියාගෙන ඉස්සරහ බලාගෙනම ගියේ කතා කරන්න කියලා හරි හමන් දෙයක් හොයාගන්න බැරි හින්දා.. ඊටත් වඩා ලෙක්චර් එක මහා රාජෝත්තමයන්ගේ හින්දා මගේ කට වැරදිලා ගිහින් මොකක් හරි කුප්ප කතාවක් කියවුණොත් ඕකා මට රජකාලේ දඬුවම් දෙයි ශිෂ්‍ය ප්‍රජාව ඉස්සරහා...

ඇත්ත වශයෙන්ම කේශර ප්‍රභූ මේඝාදිත්‍ය කියන මිනිහව මට තාමත් හරියට ජොබ් එකකින් අඳුන්වලා දෙන්න බෑ.. මොකද මේ වෙද්දි මේ මනුස්සයා කරන්නේ සියලු ව්‍යාපාර අතඇරලා දාලා අර ගුබ්බෑයමක් අස්සට වෙලා පොත් කියව කියව මොකක්දෝ මන්දා මල විකාරයක් කරන එක.. ඒ අස්සේ අපේ කැම්පස් එකේ විසිටින් ලෙක්චරර් කෙනෙක් විදියට සැරෙන් සැරේ එනවා.. කලින් ෆොටෝග්‍රැෆි උගන්නපු මනුස්සයා දැන් මැනේජ්මන්ට් එකේ උගන්නන්නේ කොහොමද කියන එක ගැන මටත් තියෙන්නේ උභතෝකෝටික ප්‍රශ්නයක්..ඕවා අහන්න ගිහින් නොලැබෙන උත්තරවලට හිත රිදව ගන්නවට වඩා හොඳයි ඕන රස්සාවක් කරගනින් කියලා පාඩුවේ පැත්තකට වෙලා ඉන්න එක...

කොහොම හරි විනාඩි දහයක් විතර යද්දි අපි කැම්පස් එකට ආවා..

"මන් ඉස්සෙල්ලා යන්නම් එහෙනම්.. ඔයා මාත් එක්කනේ හවසට යන්නේ.. මන් කාර් පාක් එකට එන්නම්..."

මන් දොර අරින්න ලෑස්ති වෙලාම මේඝට එහෙම කියාගෙන ගියේ බෑග් එක ඇතුළේ බඩුමුට්ටු හරියට තියෙනවද කියලා චෙක් කරලා බලන ගමන්...

"කෝ මේකේ ලොක් එක අරින්න..."

දොර අරින්න ට්‍රයි කරත් දොර තවම ලොක් කරලා තිබුණු හින්දා මන් මේඝ දිහා බලාගෙනම කිව්වා.. ඒත් මේ මනුස්සයා මොකුත් නොකිය මගේ දිහා තත්පර දෙක තුනක් බලන් ඉඳලා මගේ පැත්තට බොට්ල් එකක් දික් කළා.. ඒක බොට්ල් කවර් එකකිනුත් කවර් කරපු බොට්ල් එකක්..

මන් බොට්ල් එක දිහයි මනුස්සයා දිහයි මාරුවෙන් මාරුවට බැලුවේ ඒ මොන සමයමක්ද කියලා කල්පනා කරන ගමන්...

"ගන්න..."

මන් ඒක අතට නොගෙන බලාගෙඅ ඉඳපු හින්දා මේඝ ඇස්වලින් බොට්ල් එක පෙන්නලා මට කිව්වා..

(ඉටි)පන්දම් || MEGHA 2 | ONHOLDWhere stories live. Discover now