01

303 47 52
                                    

රේඩියෝව... ස්මාර්ට් යුගයට කලින් රේඩියෝවෙ ආසම ගීතයක් එක පාරටම වාදනය වෙද්දි දැනෙන හැඟීම මතකද? ඒක අමුතුම හැඟීමක්, හෘද ස්පන්දනය වේගවත් වෙලා, මූණට හිනාවක් ඇවිත් අමුතුම ලෝකයකට ගියා වගේ දැනෙන්නෙ.

ඒත් ස්මාර්ට් ‍යුගයෙ ඉන්න අපි ආසම සිංදු එකතු කරගෙන හදාගත්ත ප්ලේ ලිස්ට් එක්ක තමයි දැන් ජීවත් වෙන්නෙ. ඊළඟ සිංදුව මේක කියලා දන්න තරමට ඒ පිළිවෙල කටපාඩම්. ඒත් අහම්බෙන් ආසම සිංදුවක් අහද්දි දැනෙන හැඟීම කවදාවත් ප්ලේ ලිස්ට් එකේ අහන සිංදුවකින් ගන්න බැහැ.

උදේම රැකියාවට යන්න පිටත් වුණ නිවර්තනා සුපුරුදු ප්ලේ ලිස්ට් එක් වෙනුවට රේඩියෝව ක්‍රියාත්මක කළේ වෙනසකට. රටේ ලෝකෙ වෙන්නෙ මොනවද කියලා දැනගන්නත් එක්ක.

ඒත් එකපාරටම ඇහුනේ අහලා පුරුදු සංගීතයක්.

" මේ music එක මාර හුරුයිනේ... "

" කාගෙද මේ සිංදුව "

" හොඳටම මතකයි, ඒත් මතක් වෙන්නෙ නෑනෙ..."

ඒ එක්කම ගීතයේ වචන ඇහෙන්න පටන් ගත්තා.

"All that I want in my life
is the feeling of peace
deep within me truely "

" දෙයියනේ මේ ඒ සිංදුව නේ" නිවර්තනා ට මොහොතකට තමන් ඉන්නෙ සුක්කානම පිටුපස බවත් අමතක වුණා.

හිත දිව්වෙ අතීතෙට , පාසල් කාලයට....
යාලුවෝ එක්ක කල්ලි ගැහිලා, කිසිම බරක්පතලක් නැතිව සිංදු ඇහුව කාලෙට. යාලුවෝ අද ලෝකෙ පුරා විසිරිලා, තමන්ගෙ ජීවිත වල සාමය වෙනුවෙන් සටන් කරනවා.

"I took a chance
I let go
I promised myself
That it wouldn't scare me"

පාසලෙන්, විශ්ව විද්‍යාලයෙන් නිදහස් වෙලා තමන්ගෙම ජීවිතේ ගොඩ නගාගන්න රැකියාවක් ලබා ගත්ත කාලෙ නිවර්තනාට මතක් වුණා.

කොළඹද, නුවරඑළියද කියන උත්තර දෙකෙන් නිවර්තනා තෝරගත්තෙ නුවරඑළිය. ඇයට ඕනෙ වුණේ අලුත් අත්දැකීමක්, ජීවිතේට වෙනසක්, අලුත් හුස්මක්, අලුත් ඉපදීමක්.

" ඇයි අනේ නුවරඑළිය branch එකට යන්නෙ, කොළඹ branch එකේ vacancy ඕනෙ තරම් තියෙද්දි?" යාලුවෝ එහෙම අහද්දි නිවර්තනාට ඕනෙ වුණේ වෙනසක්.

🌸 නිදහස් හදවත් 🌸 [COMPLETED]Donde viven las historias. Descúbrelo ahora