14

119 34 72
                                    

විවෘත වුණේ සහල් ගබඩාවේ වම් කෙළවරේ තිබුණ දොරක්. බොහෝ දොරවල් අගුළු ලා තිබුණ බවට නිල්හාන්ගෙ සහචරයන් පරීක්ෂා කර තහවුරු කරගෙන තිබුණෙ තමන්ගෙ සිරකාරියන් දෙදෙනා එහි රැගෙන එන්න  කලින්.

ඔවුන් ස්තානගතව තිබූ තැන් ආවරණය වන ලෙස තම කණ්ඩායම් ස්ථානගත කරන්න සුරත් සහ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් ඒ වෙද්දිත් කටයුතු කර තිබුණා.

ඒත් මේ විවෘත වුණේ දෙපාර්ශවයම එතරම් අවධානය යොමු නොකල දොරටුවක්.

" උඹ හිතුවද මම මේක ලේසියෙන් අමතක කරයි කියල. මැ|රෙ|න්|න වැටිලා ඉද්දි කන්න බොන්න දීලා හදාගත්ත එකට උඹ මට සැලකුවා මදි." වික්‍රම එහෙම කියාගෙන විවෘත වුණ දොරින් ඇතුළු වුණා.

" තව සලකන්න තිබ්බා, ඒත් මම සමහර දේවල් දැනගත්තෙ පරක්කු වෙලා වික්‍රම මහත්තයෝ, ඒත් මුලදිම එහෙම නොකර තමුන්ව අත් ඇරලා දැම්මෙ අපරාදෙ කියලා මට දැන් හිතෙනවා "

ඒ වෙද්දි ලාවට දැල්වුණ විදුලි පහන් එළිය එක්ක හැමෝම බලා සිටියෙ වික්‍රම සහ නිල්හාන් දිහා. ඔහුගෙ පැමිණීම බලාපොරොත්තු නොවුණ දෙයක් වුණේ නිල්හාන්ට සහ ඔහුගෙ ළඟම කීප දෙනාට.

වික්‍රමගෙ නීති විරෝධී ව්‍යාපාර කාලයක් පුරා කළ පැරණිම සේවකයන් කීපදෙනෙක් නිල්හාන් සංසලාව අයිති කරගෙන ඒ හරහා වික්‍රමගෙ ආදායම් මාර්ග අත්පත් කරගනිද්දි ඔහු සමග එක් වුණා. නමුත් ඔවුන් හොඳම අවස්තාද ලද විට යළි වික්‍රම හා එක්වන බව වික්‍රම දැනගෙන සිටියා.

මේ සියල්ල අවසානයේ පාලනය වී ඇත්තේ වික්‍රමට අවශ්‍ය ආකාරයට බව තේරුම් ගන්න නිල්හාන්ට වැඩි වෙලාවක් ගියේ නැහැ.

" මට ජේල් එකේදි හම්බ වුණ සෙට් එකක් උදව් කළා කෙනෙක්ව හොයාගන්න. මම ජීවිතකාලෙ පුරාම හෙව්වෙ එයාව. අන්තිමට මට එයාව හම්බවුණා."

" එහෙනම් තමුන් කතාව දන්නවා?"

"ඔව් මම දන්නවා. තමුසෙගෙ බිල්ඩිම ගහන්න අපේ ඉඩම අයිතිකරගන්න ආව වෙලේ අපේ තාත්තට වෙඩි තිබ්බෙ කවුද කියලා මම දන්නවා. අන්තිමට අම්මට තුට්ටු දෙකක් දීලා මාව දරුකමට හදාගන්න ගත්ත කියලත් මම දන්නවා. "

🌸 නිදහස් හදවත් 🌸 [COMPLETED]Where stories live. Discover now