03

152 39 63
                                    

" Ah me?? No no I am fine" DJ සංගීතය මැද්දෙ කතා කරන එක අමාරු දෙයක් වුණත් නිවර්තනා අමාරුවෙන් උත්තර දුන්නා.

අඬ අඳුර එක්ක හරියටම මූණ නොපෙනුනත් ඒ හඬ නිවර්තනාගෙ හිතේ ගැස්මක් ඇති කළා. යාන්තමට පෙනුන මූණෙ මොකද්දෝ හිත නිස්කලංක කරවන ගතියක් දැනුනා.

" Niva come here" එහෙම කිව්වෙ ඒ වෙලාවෙම එතනින් මතු වුණ හිරණ්‍ය. එහෙම කියලා නිවර්තනාට උත්තරයක් දෙන්නවත් අවස්තාවක් නොදී ඔහු අසිහියෙන් නර්තනයේ යෙදෙන සේනාව අතරින් නිවර්තනාව ඇදගෙන ගියා.

"අනේ මට එයාගෙ නමවත් අහගන්න බැරි වුණා. අපරාදෙ...මේ මනුස්සයාට පුදුම තදියමක්නෙ තියෙන්නෙ" තමන්ව ඇදගෙන බීම වීදුරු තියලා තිබුණ කවුන්ටරය ළඟට යන හිරණ්‍ය දිහා බලාගෙන නිවර්තනා කල්පනා කළා.

නම අහන්න නොහැකි වුණත්, ඒ හඬ පසුබිමින් ඇහුන ඝෝෂාකාරී සංගීත රාවය අභිබවා නිවර්තනාගෙ මතකයේ සදහටම ලැගුම් ගත්වග ඒ මොහොතෙ ඇයවත් දැන සිටියේ නැහැ.

මම කියන විදියට කරනවා

" මෙතන ඉන්න එවුන් එක්ක ටිකක් කතා බහ කරනවා. ගෙවල් නුවරඑළිය කියපං. බෝයිෆ්‍රෙන්ඩ් එක්ක ආවෙ, එයා පොඩ්ඩක් එළියට ගියා කියලා කියපං. ඩ්‍රින්ක්ස් ගන්න, අවුලක් නෑ. උඹ බොන්නෙ නැති කෙල්ලෙක් වෙන්න බෑනෙ."

" හ්ම්..." නිවර්තනා ඒ ඇරෙන්න මොනවත් කිව්වෙ නැහැ.

" එයාලා මොනවා හරි ඕනෙද කියලා ඇහුවොත් ඔව් කියපං. ඔය අතට දුන්න පර්ස් එකේ සල්ලි තියෙනවා , දෙන දෙයක් අරන් ඒකට දා ගනින්. තමුසෙගෙ kinetic එකෙන් පේනවා ගේම නම් ගේම වගේ සීන් එකක්,, හැබෑ මෙතන පොඩ්ඩක් කෑල්ල වගේ ඉන්නවා. "

එහෙම කියපු හිරණ්‍ය අතට ගත්තෙ බීම පිරුණ පුංචි වීදුරුවක්. නිවර්තනා අතටත් එකක් දුන්න ඔහු, එක හුස්මට එය හිස් කරලා සැනෙන් නිවර්තනාගෙ තොල් මත හාදුවක් තිබ්බෙ හිතන්නවත් වෙලාවක් නොදී.

" පොඩ්ඩක් රඟපානවා ඕයි" ඇගේ තොල් වලින් ඈත් වුණ ඔහු ඇගෙ කනට කරලා කිව්වෙ එහෙම.

" oh love birds, newbies or regulars? This is the first time I am seeing you here" විදේශික හුරුවක් තියෙන කතා විලාසයකින් අවුරුදු හතලිහක පමණ වයසැති කෙනෙක් එහෙම අහද්දි ඔවුන් දෙදෙනාම එකිනෙකා දිහා බැලුවා.

🌸 නිදහස් හදවත් 🌸 [COMPLETED]Where stories live. Discover now