11

119 35 39
                                    

සතියකට පෙර
" අපි තීරණය කළා උඹව නිදහස් කරන්න. අපේ සෙට් එක දැන් ගානට වැඩේ කරගෙන යනවා. උඹව ආයි ඕනෙ වෙන්නෙ නෑ. "

" මෙතන මොකක් හරි අවුලක් තියෙනවා , ඔයාලා එහෙම නිකම්ම හීලෑ කරගත්ත බල්ලෙක් ලෙහලා දානවා කියන්නෙ වෙන මොකක් හරි ප්ලෑන් එකක් ඔයාලගෙ තියෙන නිසා"

" ඇයි තමුසෙට අපි එක්ක දිගටම වැඩ කරන්න ඕනෙද?"

" නෑ එහෙම පිස්සුවක් මට නැහැ"

" යන්න දුන්නම යනවා ඕයි ප්‍රශ්න අහන්නෙ නැතුව."

මෙතෙක් ලද අත්දැකීම් එක්ක මුන් මේ කරන්නෙ තවත් උගුලක් අටවන එක වෙන්න පුලුවන් කියලයි ශාක්‍යා හිතුවෙ. ඒත් යන්න දුන්න නිසා යන්න ඕනෙ බව ඇය තීරණය කළා. ජීවිතේ ආයෙත් කලින් තිබුණ තැනට ගන්න පුලුවන් වෙයිද... ඇය කල්පනා කළේම ඒ ගැන.

නවාතැනට ආව ශාක්‍යා කල්පනා කළේ රටින් පිට වෙනවද නැද්ද කියන කාරණය ගැන. රටින් පිට වීම හිතන තරම් පහසු නැහැ. රැකියා අවස්ථාවක් ලබාගෙන, වීසා අනුමත කරගෙන නිවැරදි ලෙස රටින් පිට වෙන්න නම් මාස ගාණක් ගත වන බව ඇය දැන සිටියා.

ඒ එක්කම ඇගේ සිහියට ආවේ නිවර්තනා. ඔවුන්ගෙ සැලසුම් කුමක් වුණත්, මේ වෙලාවෙ තමන්ටත් වඩා ජීවිත තර්ජන තිබුණේ නිවර්තනාට.

ඇයව අහම්බෙන් හමුවුණ දවසෙත් ඇයව නොදන්නා ලෙස තමන් රඟපෑවෙ ඇගේම යහපතට බව කියන්න ශාක්‍යා කල්පනා කළා. ඒත් ඇයව හමුවීම තවත් ප්‍රශ්න රැසක ආරම්භයක් වෙන්න පුලුවන්...

ඒත් තවත් බලා සිටීමෙන් ලැබෙන්න හෝ අහිමි වෙන්න දෙයක් ඇයට ඉතුරු වෙලා තිබුණෙ නැහැ.

ඒ කටුක බැඳීමෙන් නිදහස් වෙලා සතියක් යද්දි ශාක්‍යාට ආවෙ දුරකතන ඇමතුමක්. ඒ හිරණ්‍ය රණතුංග ගෙන්. හැමදෙයක්ම මේ විදියට අවසාන වෙන්න හේතු වුණේ හිරණ්‍ය කියලා ශාක්‍යා තදින්ම විශ්වාස කළා. හිරණ්‍ය එදා එහෙම කඩා නොවැදුනානම් , ඒත් ඉතුරු වෙන්න තිබුණෙ භයානක අවසානයක් වෙන්න පුළුවන් බව ඇයට හිතුනා.

ඇත්තටම ඔහුට වෛර කරන්න ඕනෙද නැත්තම් අත් හැර දාන්න ඕනෙද කියලා ශාක්‍යාටත් හිතාගන්න බැරි වුණා.

🌸 නිදහස් හදවත් 🌸 [COMPLETED]Where stories live. Discover now