02

162 40 83
                                    

වැරදි තැනක වැරදි වෙලාවක ඉන්න වුණ එක කොයිතරම් භයානකද කියලා නිවර්තනා කල්පනා කළේ තමන්ගෙ වෙවුලන අත් දෙක දිහා බලාගෙන.

පහුගිය මාස තුනට රැකියාවෙන් සමු අරන් කොහේ හරි ගිහින් හැංගෙන්න ඕනෙ වුණත්, ප්‍රශ්නය නිරාකරණය වුණ නිසා වගේම හිරණ්‍ය අන්තිමට කිව්ව වචන නිසා ඒ තීරණය ගන්න එක ගැන ඇය හිටියේ දෙගිඩියාවෙන්.

"Found out what I dreamt of
And looked it up"

නිවර්තනා හැමෝම තෝරගත්ත පාරෙ ගිය කෙනෙක් වෙන්න කවදාවත් කැමති වුණේ නැහැ. උසස් පෙළ අවසානයේ යාලුවෝ ආදර සම්බන්ධතා ආරම්භ කරද්දි නිවර්තනා හෙව්වෙම නිදහස.

ඕනෙම වර්ගයේ යාලුවෙක් එක්ක එකතු වෙලා හිනා වෙන්න හැකියාවක් එයාට තිබුණා. සමාජ සේවා කටයුත්තක්, කලා කටයුත්තක් කිව්වොත් යාලුවන්ට නිවර්තනා නැතිව බැරි වුණා.

අනෙක් හැමෝම විවාහ වෙන්න, දරුවෝ හදන්න , පරිපාලන මට්ටමේ රැකියාවලට යන්න හීන මවද්දි නිවර්තනා කල්පනා කළේ රස්සාවක් කරලා 4 wheel වාහනයක් අරගෙන, කෑම්පින් යන්න. විවාහය දරුවෝ කියන සංකල්පය තමන්ටත් තේරුම් ගන්න අපහසු මොකද්දෝ හේතුවකට තමන්ගෙ සීමාවෙන් පිට පවතින දෙයක් කියලයි ඇයට දැනුනෙ.

දෙමව්පියන් කොයිතරම් බලපෑම් කළත් ඇය ආස කළේම නිදහස් ජීවිතයකට.

නුවරඑළියෙ ගෙවුන කාලය හරිම නිදහස් කාලයක් , ඇය හීන මැව්ව ජීවිතය එහි තිබුණා.

ඒත් නොහිතපු ම වෙලාවක හිරණ්‍ය රණතුංග කියන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගෙ මනාලිය අතුරුදන් වීමේ සිද්ධිය තමන්ට මෙහෙම බලපෑමක් එල්ල කරයි කියලා නිවර්තනා හිතුවේ නැහැ.

එළඹුන සති අන්තයේ තමන්ව රැගෙන යන්න ආව වාහනයට නිවර්තනා ගොඩ වුණේ දෙගිඩියාවෙන් . අවශ්‍ය වෙයි කියලා හිතෙන ඇඳුම් කීපයක් තමන්ගෙ ට්‍රැවලින් බෑග් එකට දාගෙන ඩෙනිම් කලිසමට සුදු පාට අත් දිග blouse එකක් ඇඳගෙන ඇය ගමනට එකතු වුණා.

සියලු සන්නිවේදන කටයුතු කෙටි පණිවිඩ මගින් සිදු කරපු හිරණ්‍ය අදාල විධාන ඉතා පැහැදිලිව සහ සරලව ලබා දී තිබුණා.

" මිස්, අපිට සර් කිව්වා මිස්ව පරිස්සමින් හොටෙල් එකට අරන් එන්න කියලා. මිස්ට ඕනෙ කරන දෙයක් තියෙනවා නම් අපිට කියන්න."

🌸 නිදහස් හදවත් 🌸 [COMPLETED]Where stories live. Discover now