අලුත් නාට්‍යයේ අවසන් පුහුණුවීම.දක්ෂ නළුවෙකුගේ ඇස් රංගනය අතරතුරදි ප්‍රේක්ෂකාගාරය හදුනා ගැනීම නොකල යුතු දෙයක් වුණත් මගේ ඇස් ප්‍රේක්ෂකාගාරය වෙත යොමුවෙන සෑම තත්පරයකම එහි ඉදිරිපස අසුන්ගෙන තවදුරටත් නාට්‍යයේ වැරදි අඩුපාඩු නිවැරදි කරන ඔහු වෙත රැදිලා තිබුණා.
අධ්‍යක්ෂකවරයාත් එක්ක දොඩමලු වෙන ඔහුගේ මුහුණ දිහා බලන එකම පුද්ගලයා මම නොවන බව දන්නවා වුණත් ඔහුගේ දෑස් නවතින්නේ මා අසලම පමණක් බව දන්න මට දැනුනේ ආඩම්බරයක්.
සාමාන්‍ය පුද්ගලයෙක්ට නොපිහිටන ආකාරයේ කඩවසම් බවකින් යුක්ත ඔහු පුහුණු වීම් අවසානයේ මට දුන්නු ඉගිය හැමදාම වගේ තේරුම් ගත්ත මම මටම වෙන්වුනු ඇදුම් කාමරයට ගිහින් ඔහු වෙනුවෙන් බලාගෙන හිටියා.
කාලයත් එක්ක ඒකත් පුරුද්දට ගිහින්.
ඔහු වෙනුවෙන් බලාගෙන ඉන්න එක.
ඇදුම් කාමරයේ දොර අගුලු දමන ගමන් ඉක්මනින් මා වෙත ආව ඔහු මගේ ඉනවටා අත් යවලා මාව ඔහු අසලට ඇදගත්තෙ ඔහුගේ එක් අතක් මගේ කම්මුලක් මත තියන ගමන්.
ඊලග තත්පරේ ඔහු මාව තදින් සිපගත්තා.
කවරදාකටත් වඩා මට ඒ සිපගැනීම දැනුනෙ ඇයි කියන්න මම දන්නෙ නැහැ.
සමහරවිට ලෝකයට වරදක් වුණු අපි දවසින් දවස ලංවෙන නිසා වෙන්න ඇති.
නැති නම් ඒකට වෙනමම හේතුවක් තියෙන්නත් ඇති.
ඒත් මට විශ්වාසයි.
මමවත් ඔහුවත් ගෙවෙන මොහොතෙ ඒ ගැන කිසිම දෙයක් හිතුවෙ නැහැ කියලා.
![]()
¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra. To be Continued...
![](https://img.wattpad.com/cover/338583593-288-k566062.jpg)
ESTÁS LEYENDO
EPILOGUE | jikook
Fanficඒ මොහොතේ පටන් අපිට වේදිකාව තහනම් වුණා... අපිට අපි තහනම් වුණා... ඔහු ඔහුව හොයාගෙන යන අතරෙ මම මාව හොයාගෙන ගියා... ඒත් අවසානෙ අපේ නැවතුම...?