A/N

118 28 47
                                    

Hii

ඔයාලට පොඩි විස්තරයක් කියන්න හිතුණා.

පෝලන්තය කියන්නෙ හොලිවුඩ් හොල්ලන්න පුලුවන් වුණු චිත්‍රපට අධ්‍යක්ෂකවරු නළු නිළියන් බිහි කෙරුව රටක්.

1960 - 1970 වගේ කාලෙ පෝලන්තයේ නිර්මාණය වුණු චිත්‍රපට ගොඩක් වාර්තා චිත්‍රපට ඒ හැම එකකම වගේ පෝලන්ත දේශපාලනය සියුම්ව විවේචනය කරලා තියනවා.

ඒ කාලෙ පෝලන්ත දේශපාලනයට විරුද්ධව හැංගිලා ලොකු වැඩ කොටසක් කරලා තියෙන්නෙ සිනමාවෙන්. මේ නිසාම ගොඩක් චිත්‍රපට, චිත්‍රපට අධ්‍යක්ෂකවරු, නළු නිළියන් වගේම පිටපත් රචකයොත් රජය විසින් තහනම් කරලා.

1823 දි පලවෙනියට එලිදැක්වුව "Forefatmers Eve by Adam Mickiewicz" නාට්‍ය 1968 ජනවාරි මාසෙදි වෝර්සෝ ජාතික රඟහලේදී රගදක්වන්න සියලුම කටයුතු සූදානම් කරලා තියෙද්දි තහනම් වෙනවා. ඒ නිසාම උද්ඝෝෂණ එහෙමත් ඇතිවෙලා.

1981 දෙසැම්බර් 12 පෝලන්ත සිනමාවට සම්බන්ධ පිරිස් එකතුවෙලා සාදයක් පවත්වනවා ඒ සාදයට සහභාගී වෙන එක පිටපත් රචකයෙක් තමන් අලුතින්ම ලිව්ව පිටපත අරගෙන එන්න කියලා සාදයෙන් පිටවුණත් ආය ඔහු සාදයට එන්නෙ නැහැ.

එදා රෑ ඉදලා පෝලන්තයේ යුධ නීතිය ක්‍රියාත්මක වෙනවා වගේම දවසින් දවස සිනමාකරුවෝ බොහෝ දෙනෙක් අත්අඩංගුවට පත්වෙනවා. ඔය කාලෙ තමයි පෝලන්ත සිනමාව බිදවැටෙන්නෙ. ඊට පස්සෙ ආය පෝලන්ත සිනමාව දියුණු වෙන්නෙ පටන්ගන්නෙ 90s වල වගේ.

තව ගොඩක් විස්තර තියෙනවා ඉතින්. කියන්න ගියොත් මේක දිග වැඩි වෙනවා.🤭

මට මේ දවස්වල සිනමාවෙ ඉතිහාසය ගැන පොඩි මොකක්ද එකක් ඇතිවෙලා තියෙන්නේ.

කලින් කිව්ව සිද්ධි නිසා තමයි මට මේක ලියන්න හිතුනෙ. ක්ෂනික අදහසක්.😁

ඒත් නිකමට හිතලා බලන්න. ඒ කාලෙ මේ වගේ දේවල් කොච්චර වෙන්න ඇතිද? එකිනෙකාව නැවත හමුවුණු ආදරවන්තයෝ ඇති. ඒත් බහුතරය එහෙම නැති අය නෙවෙයිද?

අපි නොදන්න කතා ගොඩක් නොදන්න තැන්වල හැංගිලා තියෙනවා. ඒ කතා කියවනකොට හිතෙන තරම් දැනෙනකොට දරාගන්න ලේසි නැහැ. අනික ඒවගේ කතාවක කොටස්කාරයෙක් වෙලා ඉන්න එකත් ලේසි නැහැ. මේ කතාවට වචන පොඩ්ඩයි වෙන්න ඇති. ඒත් ඒ වචන ඇතුලෙ තියෙන කතාව කොහොමටවත් පොඩි නැහැ.

අනිත් එක. රගපාන එක ලේසි නැහැ. ඒක ලේසියි වගේ පේනවා විතරයි. ඒක ගොඩක්ම ගොඩක් අමාරුයි. Stage drama එකක් ගත්තත් movie එකක් ගත්තත් TV series netflix series මේ මොකක් වුණත් අපිට පේන දේ ලැබෙන්න ඒ හැම කෙනෙක්ම ලොකුම ලොකු කැප කිරීමක් කරන්නෙ. නළු නිළියෝ විතරක් නෙවෙයි. හැම කෙනෙක්ම. මේ දවස්වල මම ඒක අත්දැකීමෙන්ම දන්නවා. ඒක අමාරුයි ගොඩක්.

දක්ෂ නළුවෙක් නිළියක් කවදාවත්ම චරිතයක් රඟපාන්නෙ නැහැ. දෙබස් කියන්නෙ නැහැ. ඔහු හෝ ඇය චරිතය වෙනවා. චරිතයේ ජීවත් වෙනවා. ඒක කීයටවත් ලේසි නැහැ. අපිට පේනවට වඩා අපි දන්න දේට වඩා ලොකු කතාවක් එයාලටත් තියෙනවා.

මම හිතනවා ඔයාලට මේ කිව්ව දේවල් වලින් හිතන්න දෙයක් ඇති කියලා.

ඉතින් මට කතාව ගැන අදහස් කියන්න...

මොනාද ඔයාලට හිතුණෙ?

මං ආසයි දිගම දිග comment එකකට.

මට කියන්න මොකද හිතුනෙ?

ජිමින් ගැන?

ජන්කුක් ගැන?

එහෙනම් Epilogue ඉවරයි.

එහෙනම් Epilogue ඉවරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Thanks හැමෝටම ❤

EPILOGUE | jikookWhere stories live. Discover now