පලවෙනිය දවස.අලුත් නාට්‍යය රග දක්වන පලවෙනි දවස.
නාට්‍යයේ ආරම්භයට කලින් දැනෙන තිගැස්ම හැමදාමත් වගේ මට දැනුනත් ඔහුගේ හිනාව හරි අපූරුවට මාව සන්සුන් කලා.
නාට්‍යයේ පටන් ගැන්මෙ ඉදලා අවසානය වෙන තෙක්ම මම මගේ උපරිමය කලා.
සමහරවිට ඒ ඔහු නිසාම විතරක් වෙන්න ඇති.
අවසානයේ මම පමණක් තනිවුණු වේදිකාවෙ තිරය කෙමෙන් වැහෙන දිහා මම බලාගෙන හිටියේ සතුටින්.
ඒත්.
මට ඒත් කියන්න වුණා.
වැහෙන තිර රෙදි අතරින් පෙනුන හුරුපුරුදු රජයේ නිලධාරියෙකුගේ රාජකාරි නිල ඇදුම මගේ දෑස්වල පටන් සිරුර පුරා විසක් අරගෙන යනවා මට දැනුණා.
දරුණු ගණයේ විසක්.
හුස්ම ගන්න අපහසු බවක් දැනෙද්දි වේදිකාවේ හිටිය තැනම වාඩිවුණු මට මාවවත් නොදැනුනු තරම්.
"ජන්කුක්.. ජන්කුක්"
හුස්ම හිරවෙන අතරෙ යන්තම් ඔහුගේ නම මුමුණමින් මම ඔහුව බලාපොරොත්තු වුණා.
විනාඩියෙන් විනාඩිය ගතවෙද්දී, පුරුදු විදිහට ඔහු නොඑද්දි බය කියන විසට මාව වෙලාගන්න මම ඉඩ දුන්නා.
"අර ඉන්නෙ.. අල්ලගන්න.. ඉක්මනට"
ගැඹුරු කටහඬක්.
ඔහුගේ නොවන ගැඹුරු කටහඬක්.
තත්පර කිහිපයක් ඇතුලත අතට විලංගු වැටෙද්දි මම දිගින් දිගටම බිම බලාගෙන හිටියා.
මට ඔවුන්ට නැවෙන්න අවශ්‍ය නොවුනත් ඔහු නැති අඩුව මට තදින්ම දැනුනා.
'එහෙනම් මේකද අවසානෙ?'
මම මගෙන්ම ඇහුවෙ ඔවුන් මාව කොහෙටදෝ ඇදගෙන යන අතරෙ.
"ජි..ජිමින්"
අන්තිමේදි ඒ කටහඬ.
මගේ බලාපොරොත්තුව.
ඊලඟ තත්පරේ අපේ ඇස් හමුවෙද්දි මගේ ඇස්වල නොදැනීම කදුලු පිරුණා.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. To be Continued...
![](https://img.wattpad.com/cover/338583593-288-k566062.jpg)
YOU ARE READING
EPILOGUE | jikook
Fanfictionඒ මොහොතේ පටන් අපිට වේදිකාව තහනම් වුණා... අපිට අපි තහනම් වුණා... ඔහු ඔහුව හොයාගෙන යන අතරෙ මම මාව හොයාගෙන ගියා... ඒත් අවසානෙ අපේ නැවතුම...?