05. Our Eyes

76 35 11
                                    


අපේ ඇස් හමුවෙලා තත්පර කිහිපයක් ඇතුලත ඔහු වෙනතක් බලාගත්ත විදිහ.











මම වෙනුවෙන් ඔහු මගේ කිසිවෙක් නොවන ලෙස හැසිරුණු විදිහ.











රඟහලෙන් අපිව දෙපසකට ඇදගෙන යද්දි එකිනෙකාව නොපෙනී යන තුරුම අපේ ඇස් එකිනෙකා ලග රැදුණු විදිහ.











සිරකුටියේ සීතල තෙත බිත්තියකට වාරුවුණු මගේ හිත මතකයන් විසින් වෙලාගෙන.











අදුරු කුටිය තුල තවදුරටත් මට බියක් දැනුනෙ නැහැ.











ඔවුන්ගේ පහරදීම් නිසා පැලුණු තොල්, තැලුණු අත් පා මට වේදනාවක් ගෙනාවෙ නැහැ.











අඩුම නලල පසෙකින් යන්තමට ගලන රුධිරය ගැන මම තැකීමක් කරේ නැති තරම්.











මුළු කාලය පුරාවටම මගේ හිතේ රැදුණෙ ඔහුව.











හොදින් නෙවෙයි කියන්න දැන දැනත් 'ඔහු හොඳින් ඇති' කියලා මගේ හිත රවට්ටගන්න තරම් මම මෝඩද?











මාව නිදහස් කලත්, මගේ ජීවිත කාලය පුරාම හෙව්වත් මට පුලුවන් වේවිද ඔහුව නැවත හොයාගන්න?











ගෙවෙන මොහොතෙ ඔහුට තුරුලු වෙන්න ඕනි වුනත්, ඔහුගෙන් හාදුවක් ලබන්න ඕනි වුනත් ඒ හා සමානවම 'ඔහු කොහේ හරි හුස්ම ගන්නවා ඇති' කියන සිතුවිල්ල මාව සන්සුන් කලා.











"පරිස්සමෙන් ජන්කුක්"












කිසිම දවසක ඔහු වෙනුවෙන් නොකිව්ව වචන කිහිපයක් මම මිමිණුවා.











ඔහු මට වඩා පරිස්සම් බව දන්න මම කිසිම දවසක ඒ වචන ඔහුට කියලා නැහැ.











ඒත් ගෙවෙන අවිනිශ්චිත මොහොතෙ නිශ්චිත කිසිවක් නැති බව මම හොදින්ම දැනගෙන හිටියා.











"අවසානය වෙනකම් එකට"












කාලෙකට කලින් අපි අපිට කියාගත්ත වචන අතරෙ මගේ ඇස් පියවෙලා ගියා.




















































කාලෙකට කලින් අපි අපිට කියාගත්ත වචන අතරෙ මගේ ඇස් පියවෙලා ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

To be Continued...

EPILOGUE | jikookWhere stories live. Discover now