07. Seven Years

101 36 26
                                    


වසර හතක්.











පලවෙනි වතාවට මන්දිරයෙන් එලියට ආව මම අලුත් වුණු පෝලන්තය පුරා ඇස් යැව්වා.











අධ්‍යාපනයක් නැති, බැඳීම් නැති, ඔහු නැති ජිමින් කෙනෙක් අවසානයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් පෝලන්ත වීදි පුරා ඇවිදිමින් හිටියා.












දවාලක් රැයක් නොබලා මම රැකියාවක් හොයද්දි ප්‍රතික්ෂේප කිරීම් මාව දිගින් දිගටම වීදියට අත්හැරියා.












"මහත්මයා රැකියාවක් හොයනවද?"











දවස අවසානයේ මා දෙස පරීක්ෂාකාරීව බැලුව අමුත්තා දිහා බැලුව මම හිස වැනුවා.











"මම දන්නවා තැනක්. මහත්මයා උත්සාහ කරලා බැලුවොත් මොකද?"











අමුත්තා කියද්දි මම සමච්චලයට හිනාවුණා.











"මේ මහත්මයත් මට කියන්නෙ සමාජ ශාලාවක_











"නැහැ මහත්මයා නැහැ. අපි චිත්‍රපටයකට අලුත් චරිතයක් හොයනවා. මහත්මයා දන්නවා ඇතිනේ මේ දවස්වල පෝලන්ත සිනමාවත් වේදිකාවත් දියුණු බව."











නැහැ.











මම දැනගෙන හිටියෙ නැහැ.











ඔහු එක්කම සිනමාවත්, වේදිකාවත් මගෙන් ඈතට ගිහින්.











"මහත්මයා උත්සාහ කරලා බලන්න"











කල්පනා කෙරුව මම හිස වැනුවා.










මට විකල්පයක් නැහැ.











මේ අලුත් බලාපොරොත්තුවක්.










ඔහු වෙනුවෙන් නැවතුණු තැනින් පටන්ගන්න.











අපි විශාල ගොඩනැගිල්ලක තුල විශාල වේදිකාවක් සහිත විශාල කාමරයක ඇරුණු දොරක් අසල හිටගෙන හිටියා.











ඇතුලෙන් ඇහුනෙ කෝපයෙන් පිරුණු කටහඬක්.










"මිස්ටර් ක්‍රිස් මේ කිසිම කෙනෙක් චරිතයට ලගින් යන්නවත් රඟපාන්නේ නැහැ!!"










ඒ කටහඬ.











මට තවදුරටත් මාව දැනුනෙ නැහැ.










"ඔබතුමා දන්නවද මේ චරිතයට මීට වඩා හොද කෙනෙක්?"











පිළිතුර නාදුනන නමුත් සන්සුන් කටහඬක්.










"ඔව්!"











නැවතත් කෝපයෙන් පිරුණු කටහඬ.









නමුත් ඒ වචනය ඇතුලෙ ඇයි එච්චරට හැගීම්?










ඔහු තවමත්_?










"කොහෙද?"











නැවතත් නාදුනන කටහඬ.









"කොහෙද කියලා දන්නවා නම් මම මේ වෙලාවේ කීයටවත් මෙතන නැහැ මිස්ටර්"










මේ වතාවෙ සන්සුන්ව ඇහුණු හුරුපුරුදු කටහඬ මට පිටුපාලා හිටියත් මගේ සිරුර පුරා උණුහුමක් අරගෙන ගියා.










ඒත් ඔහු දොර දෙසට හැරෙද්දි මගේ පාලනය මගෙන් ටිකෙන් ටික ගිලිහෙමින් තිබුණා.










වසර කිහිපයක් ඇතුලත ඔහු වෙනුවෙන් රැකගත් කඳුලක් මගෙන් අවසරයක් නොගෙනම කම්මුල් තෙත් කරන විදිහ මට දැනුනා.










අවසානෙ.











ඔව් අවසානෙ.











අපේ ඇස් හමුවුණු, වෙන් වුණු වේදිකාවක් අසලම නැවතත් අපේ ඇස් එකිනෙක හමුවුණා.







































අපේ ඇස් හමුවුණු, වෙන් වුණු වේදිකාවක් අසලම නැවතත් අපේ ඇස් එකිනෙක හමුවුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

- THE END -

EPILOGUE | jikookWhere stories live. Discover now