Chapter 13🧁

416 122 53
                                    

"යීබෝ  ඔයාට විශ්වාසද මේ කරන වැඩේ?"

"ඔව් ඔව් මැට්ටි.. අපි ගිහින් එමු.ගගාට අහු වෙන්න විදිහක් නෑ එයා මෙහෙත් නෑනෙ."

"බැරිවෙලා හරි අහු උනොත්??"

"ඒක එතකොට බලමු එයා එච්චර සැර නෑ අනේ..පොඩ්ඩයි සැර"

මම ලූ එක්ක ෆුඩ් ෆෙස්‍ටිවල් එක බලන්න යන්න ලැස්ති උනා.යෝහ් මතක් කලා විතරයි ඔන්න කෝල් එකක් එනවා.

"හෙලෝ ගගා"

"හෙලෝ ...පැටියා කාලා එහෙමද ඉන්නෙ?"

"ම්ම්...මෙ ..ඔව් ගගා.."

"ශුවර්? "

"ඔව් ශුවර්."

"මං දැන් appartement එකට ආවේ..මාත් කාලා ආවෙ.ඔයා වන්ග් හවුස් එකේ නේද ඉන්නෙ?"

"ම්ම්ම් නෑ ගගා මං අපෙ ගෙදර ඉන්නෙ."

"මොකක්? මං ඔයාට පැහැදිලිවම  කිව්වා නේද එහෙට යන්න කියලා ආහ්?"

"ඔව් ගගා..ඒත් මට මෙහෙ ඉන්න හිතුනා."

"හරි.දැන් මොනා කරන්නද ඉතින් .පරිස්සමෙන් ඉන්නකො එහෙනම් මං එනකම් ම්ම්ම්"

"හරි ගගා.. එහෙනම් මං තියනවා"

"මොකද්ද හදිස්සිය යීබෝ?"

"නෑ...මේ...ඔය  පරිස්සමෙන් ඉන්න කියපු නිසා මං හිතුවෙ තියන්න හදනවා කියලා.අනික මට නිදිත් මතයි ඒකයි හී"

"මං පරිස්සමෙන් ඉන්න කිව්වෙ කෝල් එකක් කට් කරද්දී මූණිච්චාවට කියන වචනයක් විදිහට නෙවෙ. හරි ඔයාට ඕනි තියන්නනේ.එහෙනම් ගුඩ්නයිට් "

"ගගා.."

බීප්..බීප්..බීප්..


"ඇයි මොකද මොකද...?"

"ශිට් මං ගම කෑවද කොහෙද මැට්ටි.කමක් නෑ දැන් අපි යමුකො.."

මං ලූ එක්ක ෆුඩ් ෆෙස්ටිවල් එකට ගියා. පාර දෙපැත්තෙ සෑහෙන්න සෙනඟ ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ..ඒකත් මරු හැබැයි .මායි ලූයි අත් දෙක අල්ලගෙන මිනිස්සු අස්සෙන් තෙරපි තෙරපි ගියා.මොකද නැත්තම් අපි දෙන්නව මගෑරෙනවා ලොවෙත් ශුවර්.

"යීබෝ මේ අරන්න අරවා ගම්මු..අර ස්පයිසි එක"

කෑවා කෑවා පුළුවන් තරම් දේවල් කෑවා.දැන්බඩ නිකම් ඇති අච්චාරුවක් වගේ.

Little Cupcake 🧁(Completed)Where stories live. Discover now