Chapter 15 🧁

387 111 38
                                    

ගගා මට කෑම කැව්වා. හැබැයි එයාගේ ඇස් වල තිබුනේ  මං ගැන දුකක් වගේම තවත් කියෝගන්න අමාරු  අමුතු හැඟීමක්.

"ගගා මාත් එනවා යන්න"

"කොහෙ යන්නද ?"

"ඔෆිස් යන්න.."

"ඔලුව නරක් වෙලාද යීබෝ..ඔය තුවාලෙකුත් තියාගෙන ඔෆිස් යන්න හදන්නෙ"

"නෑ...මං එන්නේ ඔයත් එක්ක...ෂියාඕ කම්පැනි එකට "

"ඕනි නෑ ගෙදරට වෙලා ඉන්නවා"

"බෑ බෑ මට එන්න ඕනිමයි ඕනිමයි ඕනිමයි.ඇයි මාව එක්ක යන්න බැරි මොකක්මහරි හොරයක් තියෙද ඈහ් ? දැන් ටිකකට කලින් කිව්වේ මට උවමනා දෙයක් තිබ්බොත් කියන්න යුතුකමක් විදිහට කරන්නම් කියලා.  ඉතින් දැන් මො.."

"ඇති .ගිහින් ලෑස්ති වෙන්න."

මගේ මූණට ජයග්‍රාහී හිනාවක් එද්දී මං ලෑස්ති වෙන්න රූම් එකට දිව්වා..
.
.
.
.
.
.
අපි ගගාගේ කැබින් එකට ආවට පස්සෙ එයා පුරුදු විදිහට,එයාගේ වැඩ පටන් ගද්දී මම සෝෆා එකේ ඉඳගෙන පෝන් එක ඔබන්න ගත්තා. මං සැරෙන් සැරේ ගගා දිහා බැලුවත් එයා නෙවේ වැරදිලා වත් මං දිහා බැලුවෙ.

"යීබෝ...නිකම් ඉන්න එකේ මෙතනින් වාහනයක් තෝරන්න."

ගගා මං දිහාවත් නොබලා ටැබ් එකක් ටේබල් එක උඩින් තියද්දී මං එතනට ගිහින් එයා ඉස්සරහින් ඉඳගත්තා.

ඒකේ තිබුනේ කාර් වල ෆොටෝස් වගයක්.මං ඒ ෆොටෝස් ටික බලලා එකක් සිලෙක්ට් කලා.

"මේක හොඳයි ගගා.."

"Sure?"

"ඔව්...ඒත් purpose එක මොකද්ද ? මං කිව්වෙ මගෙ චොයිස් එක"

"ම්ම්ම්.."

උත්තර දෙන්නෙත් නෑ රෙද්ද...එයාට ඕනි උනාම විතරයි කතා කරන්නේ...කමක් නෑ ගෙදර තනියම ඉන්නවට වඩා මෙයාගේ ගෑස් බලන එක හොඳයි.

මට කීප සැරයක්ම තේ ,බීම බිස්කට්,කේක් එහෙම හම්බුනා.ඒත් ඒවා මට විතරයි ගගා මොකුත්ම කෑවේ බිව්වෙ නෑ.. ගගා කැබින් එකට මේ විදිහට හැමදාම කෑමබීම ගෙන්න ගන්නවද දන් නෑ.. මං බීම අරන් ආපු පියන්ව නතරකරගෙන කතාවට අල්ල ගත්තා.

Little Cupcake 🧁(Completed)Where stories live. Discover now