Chapter 17🧁

359 109 34
                                    

" ගගා....ප්‍රශ්නයක් ද මොකක් හරි?"

"ප්‍රශ්නයක්ද??? මොනාද මේ යීබෝ? මොනාද මේ ෆොටෝස් .? කව්ද මේ? ආහ්?

කෙලියා තාප්පෙට ...ගගාගේ අම්මා එක්ක මං ගහපු ෆොටෝ ටික!  .දැන් මොනා කරන්නද ? මට අම්මගෙන් අහන් නැතුව ඇත්ත කියන්නත් බෑ ... දන් නෑ වගේ ඉන්නවා ඔව්.ඒක තමයි හොඳම දේ..

"ආ මෙයාද? ගගාට මතකද අර මං ගෙදරින් තරහ වෙලා ගිය දවස් වල මං කිව්වෙ මාව බලාගන්න කෙනෙක් හිටියා කියලා..ඒ මෙයා තමයි ගගා."

මං මොකුත් නොදන්න ගානට සාමාන්‍ය විදිහට කිව්වා.

"ඔයා මෙයා එක්කද හිටියේ යීබෝ?"

"ඔව් ගගා..එයාගෙ ගෙදර හිටියේ..."

"ඔ..යා..ඔයා කොච්චර දුරට ඒ ගෑණු කෙනා ගැන දන්නවද යීබෝ?"

කවදාවත් නැතුව ගගාට අද වචන පැටලෙනවා.එයාගෙ ඇස් කුතුහලෙන් පිරිලා"

"මොකද මේ තරහ ගිහිම් ගගා? එයා එහෙම නරක කෙනෙක් නෙවේ..පව් අලී ලොකූ ගෙදරක තනියම ඉන්නෙ.. එයාට ලොකු අසාධාරණයක් වෙලාලු ගගා..."

ගගා මං කියන වචනයක් ගානේ හරි අවදානෙන් අහන් හිටියා.

"අසාධරණයක්???"

"ඔව් ගගා..එයාගෙ හස්බන් එයාව ඩිවෝස් කරලා.ඒ විතරක් නෙවේ... එයාගේ පොඩි බබාවත් එයාගෙන් ඈත් කරවලා.. ඩිවෝස් නඩුවෙදි එයා ඉඳලා තියෙන්නෙ බබාව එයා ගාවට ගන්න.ඒත් එයාගෙ හස්බන්ඩ් එයාගේ ලෝයර්වත් සල්ලි වලට අරන්ලු. එයා පුතාව මතක් කර කර සෑහෙන්න විඳවනවා ගගා. පව් ඒ අම්මා .එයාගේ පුතාට හෙනම ආදරෙයි එයා"

"මොකද්ද?? මොකද්ද?? මට ඒක ආයෙ කියන්න යීබෝ"

"එයා එයාගේ පුතාට ආදරෙයිලු ගගා..."

"ඔයා...යීබෝ ඔයා ඔය කියන්නෙ ඇත්තමද? එයා ආපහු මැරි කරලා නැද්ද "

ගගා මගේ උරහිස් වලින් අල්ලලා හෙලෙව්වා.

"ඔව් ගගා.. ඇත්ත මං ඇස් දෙකටම දැක්කනේ එයා තනියම ඉන්නවා.. "

"මට හිතාගන්න අමාරුයි යීබෝ..."

"ගගා ඇයි මේ ඔයා කලබල වෙලා.?"

" මොකුත් නෑ  යීබෝ..මං වොශ් එකක් දාගෙන එන්නම්"

මං ආපිට මොකුත් කියන්න කලින් ගගා එතනින් යන්න ගියා. මං කලේ වරදක්ද? හැමදේම දැනගෙනත් නොදන්නවා වගේ ඉඳපු එක..? ඒත් ඉතින් මං කොහොමද අම්මගෙන් අහන් නැතුව අවුරුදු ගානකට කලින් වෙච්ච සිද්දියක් අවුස්සනෙ? ගගාත් පව්...එයාට දැන් අනිවාර්යෙන්ම මේක ගැන හොයන්න ඕනි වෙයි.ශිට් මාත් ගම කෑවනේ. ඒත් මං කවදා වෙනකම් මේක නොදන්නවා වගේ ඉන්නද? මට ඉක්මනටම එයාට  කියන්න වෙයි මං ඒ එයාගෙ අම්මා කියලා කලින් ඉඳන්ම දැනන් හිටියා කියලා.

Little Cupcake 🧁(Completed)Where stories live. Discover now