"යීබෝ මං කියන එක ටිකක් අහන්න... මං දන්නවා ඔයා වරදක් කලේ නෑ කියලා."
"එහෙනම් ඇයි..? ඇයි ගගා මාව දාලා යන්න හදන්නෙ?"
මට හරියට ඇඬුනා..කතා කරගන්න වත් බැරිවෙන්න ඇඬුනා.තමන් කරපු නැති වරදකට වැරදිකාරයෙක් වෙනවා කියන එක තරම් එපා කරපු දෙයක් තවත් තියෙනවද? ඒ විතරක් නම් බැරියෑ මගෙ හැමදේම වෙලා හිටපු කෙනාත් මාව දාලා යනවලු.මං කොහොමද දෙයියනේ මේක දරාගන්නෙ?
"දාලා යනවා නෙවේ මැණික.මට ඔයාගේ නිර්දෝශී කම ඔප්පු කරන්න ඕනි.එහෙම කරන්න නම් මට ටික දවසකට තාත්තා කියන දේ අහලා ඉන්න වෙනවා.ප්ලීස් තේරුම්ගන්නකො"
"ඔයාට ඕකට මගෙන් ඈත් වෙන්නම ඕනිද ගගා?"
"මං දන්නවා ඒක අමාරුයි.ඔයාට විතරක් නෙවේ මටත් අමාරුයි යීබෝ.ඒත් මං....."
ගගා කතාව අතරමග නැවැත්තුවේ මගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තු නිසා.ඒ පාර කෝල් එක අපේ තාත්තාගෙන්.
"හෙලෝ.."
"ඔයාට ආරංචියි නේද පුතා වෙලා තියෙන දේ? ෂියාඕ අපිව වැරදිකාරයො ගානට දාලා.ඔයා තවත් ඔහේ ඉන්නෙ නැතුව ගෙදර එන්න."
"තාත්තා මට බෑ..."
"තවත් උන්ගෙ ලොකු කම් බල බලා ඉන්නද ඕනි තමුන්‍ට ? මගෙ මොකුත් නාහා ගෙදර එනවා. ඉක්මනටම ඩිවෝස් එකත් කරන්න වෙයි."
මං එහෙම්ම ෆෝන් එක කට් කලා.හැමෝටම ඕනි දැන් ඩිවෝස් එකද?
.
.
.
.
.
.
.(දින කිහිපයකට පසු)
උදේ පාන්දර මාව ඇහැරුනේ ෆෝන් කෝල් එකකට වෙනකොට මගේ ඔලුව මටවත් උස්සගන්න බැරි තරමට බර වෙලා තිබුනා.ඊයේ රෑ වහන්න බැරි උන ජනෙල් පියන් වලින් එන එළිය කාමරේ පුරාවටම වැටිලා තියෙද්දී මං ඇස් බාගෙට ඇරගෙන කෝල් එක ආන්සර් කලා.
"හෙලෝ...කව්ද...?"
"මම මම බන්..යුන්ෂි"
"ආ කියන්න යුන්ෂි ගගා.."
"නෙදකින්...උඹ තාම නිදිද බන්? දැන් දවල් වෙලානේ"
"හරි හරි අනේ..දැන් ඇහැරිලා ඉන්නෙ."