Chapter 23🧁

338 93 28
                                    

(දින කිහිපයකට පසු)

Yibo' pov

"යීබෝ ඔයා ඊයේ මිස්ටර් චෙන්ෂුයිව මීට් උනාද?"

ගගා ඇහුවෙ උදේ පාන්දර මගේ කිරි එක හදන ගමන්.

"නෑ ඇයි?"

"ශුවර්?"

"ඔව් ...ශුවර් ගගා... ඇයි කියන්නකො"

"නෑ නිකම්.."

"නිකම් වෙන්න බෑ ..මට හේතුව කියන්නකො"

"එච්චර වැදගත් දෙයක් නෙවෙයි..ඒ හින්දා පස්සෙ කියන්නම් මේක බීලා ඉන්න දැන්"

"ගගා මේ...අද ලූගෙ පාටි එකට යන්න ඔයා එනවා නේද ?"

"ම්ම්න්"

"මං අර ඈශ් කලර් එක ඇදගෙන යන්නම් නේද ගගා?"

"ම්ම්න්"

"ඔයාටත් මං ඇඳුමක් තෝරලා තියෙන්නෙ"

"ම්ම්න්"

"අපරදෙ මට බකමුණෙක් කසාද බැඳගන්න තිබුනෙ .මගුල!"

මම හිස් කෝප්පෙ එහෙම්ම තියලා එතනින් යන්න හැරුනම ගගා මගේ අතින් ඇඳලා අල්ලගත්තා.

"යීබෝ...."

"මොකද?"

"සොරි පැටියා....මං හිටියේ වෙන සිහියක"

"අනේ යන්න ගගා...ඔයා දැන් ලඟක ඉඳන් හෙන අමුතුයි.මාව බින්දුවක් වත් ගනන් ගන්නෙ නෑ"

"මේ දවස් ටිකේ කම්පැනි එකේ පොඩිඅවුල් වගයක් ඒකයි..ගගාට සමාව දෙන්නකෝ.."

"හ්ම් හ්ම්..."

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"යීබෝ..."

"ඕන නෑ ගගා මට කතාවක් නෑ ඔයා එක්ක..."

"මං කියන දේ අහන්නකෝ"

"මං එක්ක ප්‍රශ්නයක් තියේ නම් මූනට කියන්න ගගා..එහෙමනැතුව පිට තැන්වලදි මාව කෙයා නොකර ඉඳලා මට ලැජ්ජා කරන්නෙ නැතුව"

"එහෙම දෙයක් නෑ මැණික .මං කිව්වනේ මේ ටිකේ මගෙ ඔලුව ටිකක් අවුල් වෙලා කියලා."

"අනේ ඕනි නෑ ...හහ්!"

මම ගගාට ගස්සලා අහක බලාගත්තම එයා එක පාරම බ්‍රේක් ගහලා කාර් එක නැවත්තල ස්ටියරින් වීල් එකට පාරක් ගැහුවෙ මාව ගැස්සිලා යන විදිහට.

Little Cupcake 🧁(Completed)Where stories live. Discover now