13 ❤️💥

783 112 9
                                    

සාමාන්‍ය විදියට සතියක් ගතවුණා. පුරුදු විදියට Taehyung එක්ක University ගිය Jungkook Joon එක්ක ගෙදර ආවා. ඒ සතියෙම Jungkook Club ගියෙ නැති එක ගැන Joon සතුටු වුණා. Jungkookගේ වෙනස්වීම ගැන Joon හදවතින්ම සතුටු වුණා. Joonට ඕන වුණේ මොන දේ සිද්ද වුණත් Jungkook සතුටින් ඉන්න. Joon හැමදාමත් වද වුණා අහිංසක පොඩි බේබි නපුරු බොස් කෙනෙක් වුණේ එයා නිසා කියලා. ඒත් හැමදේම හොද අතට හැරෙනව කියල දකිද්දි Joonට සැනසීමක් දැනුණා.

එතකොට Taehyung , Nuriගේ මරණේ ගැන හිතන්නවත් වෙලාවක් නැති තරමට Taehyung busy වුණා. Taehyung Nuri දෙන්නම එකතු වෙලා බලාගත්ත Kim Jeon company දෙකේම වැඩ එක පාරට තමන්ගේ කරට වැටුනා නිසා Taehyungට නිදහසක් නැති තරම් වැඩ ගොඩ ගැහුනා. මොනා උනත් Taehyung හිටියේ හරිම සතුටින් එයාගේ පරණ baby ආයේ එයාට ලැබිලා කියලා එයාට හිතුනා. Jungkook Taehyung දෙන්නා ආදරේ කරන්න ගත්ත මුල් කාලේ Jungkook Taehyungට ගොඩක් ආදරෙන් හිටියා .( Taehyung දන්නෑ නේ Jungkook රහපෑවා කියලා) University යන්න පටන් ගත්තට පස්සේ Jungkookගේ ලොකු වෙනස්වීමක් Taehyungට දැනුනත් ආයෙත් Jungkook ආදරෙන් ඉන්න එකට Taehyung ආස කරා.

එතකොට Jungkook , Nuriගේ මරණෙන් පස්සේ Jungkookගේ කලු චරිතේ Jungkookගෙන් ටික ටික අයින් වෙන්න පටන් අරන් තිබ්බා. Nuri එක්ක එක ගෙදර ඉන්නකොට Nuri දකින වාරයක් පාසා පලිගැනීමේ අරමුණින්ම කෑ ගහපු Jungkookගේ හදවත දැන් ටික ටික සන්සුන් වෙන්න පටන් අරන් තිබ්බා. අපි ගොඩාක් වෛර කරන කෙනෙක් උනත් දිගින් දිගටම ඒ කෙනා අපිට ආදරෙන් සලකනව නම් , අපි ගැන හොයල බලනවනම් , අපි ගැන වද වෙනව නම් , අපේ සතුට ගැන හිතනවනම් ඇත්තටම ඒ කෙනාට දිගින් දිගටම වෛර කරන්න අපිට බෑ. Jungkook කොහොමත් Taehyungට වෛර කරේ හේතුවක් නැතුව. ඒත් Taehyungට ආදරේ කරන්න Jungkook ගාව ඕනවටත් වඩා හේතු තිබ්බා. ඉතින් ඒ කියන්නේ Jungkookගේ හිතේ දැන් Taehyung ගැන ආදරයක් ඇති වෙලාද ........?


Jungkook හිටියේ කාමරේට වෙලා පාඩම් කරන ගමන්. රෑ 8ට විතර company එකේ ඉදල mansion එකට ආව Taehyung wash එකක් දාගෙන Jungkook හොයාගෙන room එකට ගියා.

"Baby..."
දොර ඇරගෙන ඇතුල් වෙන ගමන් Taehyung කතා කරාම Jungkook ලස්සනට හිනා වෙලා ඒ පැත්ත බැලුවා.

"Hyung දැන්ද ආවේ?"
"නෑ baby පැයක් විතර වෙනවා. Baby busyද?"
Taehyung ඇවිත් Jungkookගේ ඇදෙන් ඉදගත්තා. පුටුව ඇද පැත්තට හරව ගත්ත Jungkook කකුල් දෙක පුටුව උඩට අරන් නවාගත්තා.

✅ The Biggest Fraud ❤️💥 Taekook Sinhala Onde histórias criam vida. Descubra agora