❤️‍🔥Chapter 01❤️‍🔥

491 38 12
                                    

" මම කිව්වා ශුවා ගල ප්‍රක්ෂේපණය කරද්දි අංශක 45කින් විසිකරන්න එපා කියලා. එතකොට ගල උපරිම දුරක් විස්ථාපනය වෙලා.... "

" මේ ලිනා මගෙන් තෝ ඉතින් මුකුත් අහගන්න එපා. උඹයි ශුවායි නිසා තමයි අද අපිට මෙහෙම දෙයක් වුණේ. මමයි ඩොබියි උඹලා දෙන්නට කිව්වේ ප්‍රින්සිපල්කාරයා එනෝ දැක්කොත් පොඩි සිග්නල් එකක් දෙන්න කියලා මිසක් ගලකින් ගහන්න කියලා නෙමෙයි. "

බීජිං වල ප්‍රසිද්ධ උසස් පාසලක විදුහල්පතිගේ කාර්යාල ඉස්සරහ දණ ගහගෙන මේ විදියට රණ්ඩු කරමින් ඉන්නෙ වෙන කවුරුත් නෙමෙයි මුළු පාසලම අඳුරන පාසලේ ඉන්න පහේ කල්ලිය. ලින් යී , ශුවාන් , ශාන් , ෂෝන් , බ්‍රයිට් පස් දෙනාම එක පෙලට කාර්යාලය ඉස්සරහ දන ගහගෙන ඉන්නෙ කට්ටියම එකතු වෙලා කරපු නසරානි වැඩක් නිසා. ප්‍රින්සිපල් එක්ක තියෙන පොඩි ඇරියස් එකක් නිසා බ්‍රයිට්ගෙයි ශාන්ගෙයි අදහසක් අනුව තමයි ප්‍රින්සිපල්ගේ කාර් එකේ රෝද හතරේ හුලං අරින්න කට්ටිය ලෑස්ති උනේ. හැබැයි ඒකට සහභාගි වෙන්න වුනේ පහේ කල්ලියේ හතර දෙනෙක්ට විතරයි. මොකද ෂෝන්ට හදිස්සියේ ටීච කෙනෙක් එන්න කිව්ව නිසා එයාට ඒකට යන්න වුණා. ඉතින් බ්‍රයිට් වගේම ශාන් රෝදවල හුළං අරින්න කාර් එක ළඟට යද්දි ලින් යී ශුවානුයි ටිකක් ඈතින් තියලා ගියේ කවුරුහරි එනවා දැක්කොත් පොඩි සිග්නල් එකක් දෙන්න කියලා. දෙන්නට එක රෝදයක විතරයි හුලං අරින පුළුවන් උනේ. එතකොටම වගේ ලින් යී ශුවානුයි එයාලගේ පැත්තට ප්‍රින්සිපල් එනවා දැක්කා. ඒකත් දෙන්න ටිකක් ළඟටම ආවට පස්සෙ තමයි දැක්කෙ. ප්‍රින්සිපල් ලින් යී වගේම ශුවාන් එතන ඉන්නවා දැක්ක නිසා ඒ දෙන්න දිහා බලාගෙනම ඒ පැත්තට එන්න ගත්තෙ ශාන්ලට සිග්නල් එකක් දෙන්න තියෙන චාන්ස් එක තවත් අඩු කරල. දෙන්නා ශාන්ගේ පැත්තට හැරිලා කෑගැහුවොත් හරි ඒ පැත්තට ගියොත් හරි අනිවාර්යයෙන්ම අහුවෙන නිසා ඒ දෙන්න ප්‍රින්සිපල් දිහා බලාගෙන එහෙමම හිටිය වගේම ප්‍රින්සිපල් එකපාරටම ටිකක් පිටිපස්ස බලද්දි දෙන්න මෙච්චර වෙලා කතාකරගත්තු විදිහට එතන තිබ්බ ටිකක් ලොකු ගලක් අරගෙන ශාන්ලා ඉන්න පැත්තට යැව්වෙ ඒ දෙන්නගෙ අවධානය මේ පැත්තට ගන්න. අවධානය කෙසේ වෙතත් සිද්ද උනේ වෙනම දෙයක්. ගල ගිහින් හැදුනේ වෙන කොහේවත් නෙමේ ප්‍රින්සිපල්කාරයගේ කාර් එකේ ඉස්සරහ වීදුරුවේ. ගල වැදිච්ච පාර වීදුරුව ටිකක් ඉරිතලලා ගියා වගේම කරන්න ගියපු වැඩේ අතටම අහුවෙලා අන්තිමට සිද්ධ වුණේ දණ ගහගෙන ඉන්න. අන්තිමට ටීච කෙනෙක්ගෙ වැඩේට ගිය ෂෝන් එද්දී කට්ටියම ඔෆිස් එක ඉස්සරහ දන ගහගෙන ඉන්නවා වගේම යාලුවෝ මෙහෙම ඉද්දි තමන් විතරක් බේරිලා වැඩක් නැති නිසා මේ කිසි දෙයකට සම්බන්ධයක් නැති ෂෝනුත් යාළුවෝ ළඟින්ම දණගහ ගත්තා.

STEP FATHER      ( Yizhan Version )Where stories live. Discover now