❤️‍🔥Chapter 03❤️‍🔥

297 33 9
                                    

Zhan's P.O.V.

මිනිස්සු කතාවට කියනවා ලෝකේ එක තැන නතර වෙනවා කියලා... මට එක මොහොතකට හිතුන ඒ කතාව ඇත්ත කියලා. මොකද දොරෙන් ඇතුලට ආපු රූපේ දැකපු මට දැනුණේ ඒ වගේ හැඟීමක්... මම ඒ මනුස්සයා දිහා ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන හිටියා. මට ඕන වුණේ එයාගෙන් ඇස් දෙක ගලව ගන්න වුණත් ඒ ඇස් එක්ක මගේ ඇස් පැටලෙද්දි ගලවා ගැනීම කෙසේ වෙතත් මම ඒ ගැඹුරු ඇස් අස්සේ කිමිදෙනවා වගේ දැනුනා... ඒ මනුස්සයට උස හැඩි දැඩි පෙනුමක් සුදු හමක් එක්ක කඩවසම් ගාම්භීර පෙනුමක් තියෙන්නෙ.. යා... සෝ... හැන්සම්.... පොඩ්ඩක් ඉන්න ඒකට කියන්නේ හැන්සම් කියලද නැත්තම් සෙක්සි කියලද.... මොකා වුනත් මට මොකද අනේ.... ගර්ල්ෆෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්නවද දන්නෙ නෑ..... නැති වුණොත් හොඳයි නෙහ්.....

විකාර හිත හිත හිටපු මට එකපාරටම මතක් වුණේ මේ ඉන්නේ අපේ අම්මිව බලන්න ආපු ශුඩු තාත්ති නේද කියලා... මේ මනුස්සයාට හිත් කියවන්න පුළුවන් වුණා නම් මම හිතපු දේවල් හැටියට මේ මනුස්පයා අපේ අම්මි වෙනුවට මාව බැඳගන්නවා. ඇයි මං ඒ තරම් වර්ණනාවක් නේ දුන්නේ.... ඒ දොර ගාවට වෙලා ඉන්න කෙනාත් මම දිහා කන්න වගේ බලන් හිටියා වගේම ටික ටික මම ගාවට ආවේ හාට්ටුව පිස්සු වගේ ගැහෙන්න ගද්දි....

මගේ ගාවට ටික ටික ආපු එයා එකපාරටම නතර වුණා.... නතර වුණා විතරක් නෙමෙයි මගේ පැත්තට තිබුණු ඇස් දෙක දැන් තියෙන්නේ මගේ පිටිපස්සේ තියෙන දේකට කියලා තේරිච්ච ගමන් මම පිට පස්සේ හැරුණා... සැක්.... මම හිතන් හිටියේ පිටිපස්සේ හිටියේ මගේ අම්මි කියලා.... මොකද මේ මනුස්සයා බලන් ඉන්න විදිහට මට හිතුනේ අපේ අම්මගේ ලස්සන දැකලා වශී වෙලා ඉන්නවා කියලා... ඇයි ඉතිං අපේ අම්මි තාම කෙම්ල වගේනේ....

පිටිපස්සේ හිටිය වෙන කවුරුත් නෙමෙයි මගේ ජීවිතේ මට වැඩිපුර වටින කෙනා... මගේ මාමි....

" ආහ්..... මම ඒත් බැලුවා මිස්ට යීබෝ තාම පරක්කු මොකද කියලා.... "

මාමි මගේ එහා පැත්තෙන් හිටගන්න ගමන් ශුඩු තාත්ති දිහා බලාගෙන කට කොනෙන් හිනා වෙලා එහෙම කිව්වට අවුරුදු ගාණක් තිස්සේ මාමිව දන්න මටනම් තේරුනේ ඒ වචන අස්සෙ තිබ්බෙ වෙන දෙයක් කියල මට නිකමට වගේ හිතුනා....

STEP FATHER      ( Yizhan Version )Where stories live. Discover now