❤️‍🔥Chapter 08❤️‍🔥

407 43 31
                                    

" ඩොබියෝ... දැන් අපිට කියන්නේ උඔ ශුඩු තාත්තියාගේ ටවල් එක කඩාගෙන බිම වැටුන කියලද.... "

" ඔව් යකෝ... ඒක තමයි මම මෙච්චර වෙලා සුද්ද මැන්ඩරීන් වලින්ම කිව්වේ..... "

" ඉව්.... යකෝ.... ඒක නෙවෙයි.... ශුඩු තාත්තිගේ නයා ලොකුද.... "

ශුවා මගෙන් ගොන් කතාවක් ඇහුවා විතරයි.. මෙච්චර වෙලා ඩෙස් එකේ ගහගෙන හිටපු මගේ ඔළුව උස්සලා ඌට පුලුවන් උපරිම රැව්වා....

" ඌ දරණ ගහගෙන හිටියේ... ඒ නිසා පෙනුනේ නෑ... ඇයි තෝ නයි නටවනවද.... නයි ගැන අහන්නේ.... "

හැයි යකෝ...

" හරි හරි බං... ඒක ඉවරයි... දැන් කියපන්කෝ... ඊට පස්සේ වුණේ කියලා... "

අපි සෙට් එක හිටියේ කැන්ටිමේ සුපුරුදු පොට් එකේ වාඩි වෙලා... ස්කූල් එකට පය ගහපු වෙලාවේ ඉදන් මුන් ටික මාව කන්න හැදුවා ඊයේ වෙච්ච දේවල් කියන්න කියලා... ඊයේ රෑත් එහෙමයි.... එව්වා කොහොමද එහෙම කියන්නේ... පොඩ්ඩක් අගය කරන්න ඕන... ඊයේ ගැන... ඉහික්... ඉහික්.... මතක් වෙද්දිත් දුකයි.... ඊයේ රෑ මට නින්ද ගියෙත් නෑ...

" ඊට පස්සේ ඉතින් මොනා වෙන්නද.... මම ඔළුව උස්සලා පොඩ්ඩක් බැලුවා... ඒ බලද්දි දැක්කේ ශුඩු තාත්ති බොක්සර් එකක් ඇදන් හිටියේ බං... ඊට පස්සේ මම නැගිටලා ටවල් එක ඒ මනුස්පයගේ මූණට දාලා මගේ කාමරේට දුවගෙන ගියා... "

" යෝ.... වෙලාවට... මම හිතුවේ අපේ ඩොබියගේ කුලුඳුල් දෑස් දූෂිත වුණා කියලා... "

බ්‍රයිටා පපුවට අතකුත් තියාගෙන එහෙම කිව්වෙ හැමෝම හිනාවෙනකොට....

" හරි ඊට පස්සේ මාමී ආවම මොකද වුණේ... "

" මෙහෙමයි... මම වොෂ් එකක් දාලා ආයෙත් කිචන් එක පැත්තට ගියානේ.... හරියටම හතට කිට්ටුවෙන්න මට ඇහුණා මාමී කතා කරනවා වගේ... ඉතින් මම ලිවින් රූම් එක පැත්තට යනකොට මාමීයි... ශුඩු තාත්තියි... අන්කල් බිනායි... හිටගෙන.... මාමී මොනවද කියලා අර දෙන්නට බැන්නා... එතකොට බිනා කියනවා ඇහුණා බෝයා ඇයි උඔටයි ශානයටයි බැරි හැමදේම අමතක කරලා ඉස්සර වගේ ඉන්න කියලා... මාව දැක්කා විතරයි හැමෝම කතාව නවත්තලා දැම්මා.... ඊට පස්සෙනම් විශේෂ දෙයක් සිද්ධ වුණේ නෑ ඉතින්... පවුල් දෙකේ හැමෝම එකතුවෙලා කෑම කෑවා.... ඊට පස්සේ අපි ආයේ ගෙදර ආවා.... ඔන්න ඔච්චරයි වුණේ.... මෙතෙක් වේලා කතාව අසා සිටි ඔබ සැමට ස්තුතියි..... හීහී.... "

STEP FATHER      ( Yizhan Version )Where stories live. Discover now