❤️‍🔥Chapter 05❤️‍🔥

415 40 17
                                    

ටික ටික වෙලාව ගත වෙද්දි ගෙදරට ආපු මනමාල පාර්ශවය තේ විතරක් බීලා ඉක්මනට ගෙදරින් ගියේ මොකක්ද එයාලගේ කම්පැනියෙ ප්‍රශ්නයක් ඇවිල්ල කියල.... අලුත් ආච්චියි සීයයි නම් මගේ කම්මුලත් මිරිකලා බදාත් ගෙන උම්මියකුත් දීල ගියේ... ඒකට අඬු දිග හාවා මූණවත් නොබලා ගියේ... මහ නපුරුයි අප්පා... එයාගෙ මල්ලිගෙත් කියන්න තරම් වරදක් නෑ... යද්දි මගේ කම්මුලකුත් මිරිකලා ඉක්මනට හම්බෙමු පැටියෝ කියලා ගියේ... අනේ මන්ද ඉතින්.....

ඒ කට්ටිය යද්දි දවල් 12ට කෙට්ටුයි... සීයයි මාමියි දෙන්නම හොටෙල් වලට ගියපු හින්දා ගෙදර ඉතුරු වුණේ අන්තිමට අම්මියි... මමයි... විතරයි.... අම්මි හරි සීය හරි ගෙදර ඉන්න වෙලාවට මම වැඩිය පල්ලෙහා ඉන්න කැමති නැති නිසා මම ඉක්මනට උඩට ගිහිල්ලා මගේ කාමරේට ගියා... මම ඉක්මනට ගිහිල්ලා ඇඳට පැන්නෙ මට හිතන්න දේවල් දැන් ගොඩක් තියෙන නිසා....

ඇදේ මුනින් අතට හාන්සි වෙලා මම ෆෝන් එක අතට ගත්තෙ පල්ලෙහා ඉද්දි අපේ සෙට් එකේ ග්රූප් චැට් එකට ආපු මැසේජ් ටික මතක් වෙලා... මම ග්රූප් චැට් එකට ගිහිල්ලා මම පල්ලෙහා ඉද්දි ආපු මැසේජ් ටික උඩ ඉඳන් පල්ලෙහාට කියවන්න ගත්තා.... එතකොට වගේම ශුවාගෙන් ග්රෑප් චැට් එකට මැසේජ් එකක් ආවා වගේම ඒ මැසේජ් එක කියවපු මගේ හිතේ ඒ මැසේජ් එක හොල්මන් කරන්න ගත්තා....

" ඩොබි.. නරක ආරංචියක්... අපේ අයියා අද ආයෙත් චයිනා වලට එනවලු... මට දැන් ටිකකට කලින් මැසේජ් එකක් දාලා තිබුණා... ඒකේ ඔයාට කියන්න කියලා තියනවා ඉක්මනට එයාගේ රෝස මලව බලන්න එයා එනවා කියලා.... "

.

.

.

.

.

.

.

.

.

" ඇත්තටම ඩොබි... ඔයා කියපු දේවල් හැටියට මටනම් හිතෙන්නේ.... ඒ දෙන්න කලින් ඉඳන් හොඳට අඳුරනවා.... එක්කෝ යහළුවෝ නැත්තං හතුරෝ..... "

ඊයේ ශුවා එවපු මැසේජ් එක ගැන හිත හිත ඉඳලා මට නින්ද ගියේ කීයටද කියලවත් මට මතක නැහැ. අද උදේ නැගිටලා ස්කූල් එනකොට ටිකක් පරක්කු වුණ නිසා මට මගේ යාළුවො ටිකත් එක්ක හරියට කතා කර ගන්න බැරි වුණා. ඉන්ටවල් දුන්න ගමන්ම කැන්ටිමට ඇවිල්ලා මේසයක් වටේ අපි සෙට් එකම වාඩි වුණාට පස්සේ ඊයෙ වෙච්ච දේවල් මං අකුරක් නෑරම කිව්වා. එහෙම කිව්වට පස්සේ තමයි බ්‍රයිට් අරම කතාවක් කිව්වේ...

STEP FATHER      ( Yizhan Version )Where stories live. Discover now