❤️‍🔥Chapter 02❤️‍🔥

319 33 16
                                    

ශාන් අද කවදාවත් වත් නැතුව උදේම නැගිටලා ඇඳට වෙලා කල්පනා කර කර ඉන්නේ අද දවසෙන් පස්සෙ තමන්ගේ ජීවිතේ මොන විදිහට විසදේවිද කියලා. ශාන්ට එයාගෙ මාමා ගැන කිසිම අවිශ්වාසයක් නෑ. ශාන් දන්නවා තමන්ගේ මාමා කොහොමහරි එයාව යවන්නේ නැතුව තියාගන්නව කියලා.. ඒත් එයාට විශ්වාස නැත්තේ සීයාව. මොකද මිස්ටර් ෂියාවෝ කියන්නේ හරියට ඒකාධිපති පාලකයෙක් වගේ.. තීරණයක් ගත්තොත් තීරණේ ගත්තම තමයි.. එයාගේ දරුවො දෙන්නටවත් බෑ එයාට පිටින් යන්න. ඒත් ශාන්ගේ මාමා නැත්තන් ෂියාවෝ බෝයොන් එහෙම පිටින් ගිහින් ගත්තේ එකම එක තීරණය ශාන්ව අනාථ නිවාසයට නොයවා තියා ගත්තු එක....

කල්පනා ලෝකෙක කිමිදෙමින් හිටපු ශාන් පියවි සිහියට ආවෙ තමන්ගේ ෆෝන් එකේ රිගින් ටෝන් එක ඇහිලා. ඇඳේ වැතිරිලා උඩ බලාගෙන හිටපු ශාන් නැගිටලා ඇඳේ හෙඩ් බෝඩ් එකට හේත්තු වුණා. හේතුවෙන ගමන් ඇඳ එහාපැත්තෙ ටේබල් එක උඩ තිබුණු ෆෝන් එක අතට ගත්තේ උදේ පාන්දර මේ කවුද වදවෙන්නේ බලන්න...
ෆෝන් එකේ ස්ක්‍රින් එක දැක්ක ගමන් හිනා ගියේ වද දෙන්නේ වෙන කවුරුත් නෙමෙයි තමන්ගෙ අතිජාත පජාත යාලුවො සෙට් එක නිසා. කට්ටියම උදේ පාන්දර ග්රූප් කෝල් එකක් ගන්නේ ඒකත් වීඩියෝ කෝල් එකක්. ශාන් කෝල් එක ආන්සර් කරලා තමන්ගේ මුහුණ හොඳට පේන විදිහට ඒක තියා ගත්තා.

" අඩෝ... අද නම් ඉර අනිත් පැත්තෙන් පායයි වගේ.. වෙනදට අපි කී සැරයක් කෝල් කරන්න ඕනද මූව නැගිට්ටවන්න. "

" අනේ මේ ශුවා මගේ මුකුත් අහගන්න එපා හොඳේ... "

ශාන් කිව්වේ මවාගත් තරහකින් ශුවාන් දිහා බලාගෙන රවන ගමන්...

" අනේ උඹල දෙන්න මේ උදේ පාන්දර කට වහගෙන ඉන්නවද... ඩොබි දැන්ද ඔයා නැගිට්ටේ ආ... "

ෂෝන් කතාව වෙන පැත්තකට යන ගමන් ඇහුවේ ශාන් ඇවිලුනොත් නිවා ගන්න එක ලේසි නැති නිසායි.

" බොට ඇස් පේන්නැද්ද බං අර බලපන්කෝ කට දෙපැත්තෙ තියෙන කුණු කෙල. අපේ ඩොබියා දැන් නැගිටලා තියෙන්නේ... "

බ්‍රයිට් කට කොනින් හිනාවෙලා එහෙම කියනකොට ශාන් ඉක්මනට තමන්ගේ කට පිහිද ගත්තෙ යාළුවෝ හැමෝම හයියෙන් හිනා වෙද්දියි.

STEP FATHER      ( Yizhan Version )Where stories live. Discover now