ඇරඹුමට පෙර

1.7K 179 94
                                    

දේව්දාස්

.
.
.

එකල්හී ගගන්දීප් නම් වූ අරාජික රාජධානියක් විය... ගංගා ඇල දොල ගිරි ශිඛර වලින්ද.. මහා වෘක්ෂ ලතා හා මල් පලතුරු වලින් සාරවත් වූද කෙත් වතු අස්වැනු වලින් සශ්‍රීක වූද එම රාජධානියේ රටවැසියන් ලෙඩ දුක් පීඩා වලින්ද තොරව ප්‍රීතියෙන් කල් ගෙවූහ.. 

රාජධානියේ මහා රජ වූවේ ධිරේන් නම් වූ ශ්‍රේෂ්ඨ නායකයායි... යුධ බලය සේම සියල්ලෙන්ම අනූන වූ ඔහු රටවැසියන්ට අවංකව සේවය කරන සත්ගුණවත් පාලකයෙකි... රටවැසියන්ගේ දුක හදුනන ඔහු ඔවුන් වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කිරීමට පවා සූදානම්‍ ය....

රාජ්‍යත්වයට පත් වී වසර කිහිපයකින් ඔහු පාර්වී නම් වූ ස්ත්‍රිය තම අග බිසව ලෙස සරණපාවා ගත්තේ ය.. ඔවුන් විවාහ වී දස වසරක් ගෙවී ගියද ඔවුන්ට දරු සම්පත් අහිමි විය...

සතර දික් භාගයේ සිට නොයෙකුත් දක්ෂ වෙදැදුරන් කැඳවූවද පලක් නොවීය.. ඉතාමත් කරුණාවන්ත වූ රැජිණියට රට වැසියන් පවා බෙහෙවින් ආදරය කලහ.. නමුත් ඔවුන්ට අනාගත රජෙක්.. උරුමක්කාරයෙන් නැති වීම මුලු රාජ්‍යයේම පරිහානියට හේතුවක් වීමට ඉඩ ඇති බව සියලු දෙනා දන්නා කරුණකි..

විවිධ දෙවොල් වලට පවා ඔවුන් පුද සත්කාර කලහ.... අවසානයේ කෙසේ හෝ දස වසරකට පසු රග රැජිණ ගැබ් ගත්තේ ප්‍රාතිහාරයයකින් මෙනි.. එයට නිවැරදි හේතුව කිසි කෙනෙක් නොදැන සිටියද ඔවුන් මෙම ආරංචියෙන් සතුටු විය.... ප්‍රීති ඝෝෂා කරමින් සාද පැවැත්විය...

මාස ගණනක් ගත විය... අග රැජිණ ගැබ් ගෙන සය මසක් ගත වීය..... මුලු රාජධානියම සාමකාමී විය.....

නමුත්......

එක්වරම ගගන්දිප් නම් වූ මුලු දේශයම රුදුරු ව්‍යසනයකින් වැසී ගියේ ය.. සතා සිව් පාවුන් ගස් කොලන් පමණක් නොව රට වැසියන් පවා  එකා පිට එකා මැරී වැටුන එය මහා වසංගතයකි... රාජකීය වෙදදුරැන්ට පවා සුව කර ගත නොහැකි වූ දරුණු වසංගතයකි... කුඩා සත්ව විශේශයක බෝ වීමකින් අරම්භ වූ එය මුලින් ගස් කොලන් ගොවිතැන් විනාශ කලේය.. පසුව මේ වසංගතයෙන් සියලු සතුන්ද පසුව මිනිසුන්ද විනාශ වීමට ආරම්භ විය...

දේව්දාස් || Where stories live. Discover now