ඇරඹුම

647 131 164
                                    

"දේවදාසී.....
දේවදාසී.......
දේවදාසී මා දේවදාසී....

සරණ බැදී දෙවියන් හා
පළදා රන්තාරී
ළමා මනාලියක විලස
මේ දෙවොලට ආමී
වන පොත්කර නාට්‍ය ශාස්ත්‍ර
ගති රහස් යාදී
ශ්‍රී හරිහර දෙවිදු නමින්
නවළු රසපාමී "

කන් ඇතුලේ දෝංකාර දුන්නේ එකම තාලයකට ලස්සනට ඇහුන බෙර හඬ... බෙරෙත් එක්කම වැයෙන තාලම්පටේ හඬ... ඒ තාලයටම තියෙන පාද වල ගිගිරි හඬ..... තාලයකට ගායනා කරන ස්තොත්‍ර හඬ...

ඉපදුනේ දවසේ ඉදන් හැම තප්පරේකම ඇහෙන මේ හඬවල් මට නුහුරු උනේ නෑ... දවසක් තිස්සේ එක දිගට නටලාම වේදනා දෙන කකුල් එක්ක අවසර අරන් මං රංග සභාවෙන් බැහැලා පිටිපස්සට ඇවිඳගෙන ගියා... ඉස්සරහට හම්බෙන හැමෝටම සුහද හිනාවකින් සංග්‍රහ කරන ගමන් මං ගුරුකුලේ පිලිකන්නට ඇවිඳගෙන ගියා...

පිටිපස්සෙන් ගලාගෙන යන පුංචි දොලපාර ලඟට ගල් උඩින් ඇවිඳගෙන ගිහින් දොල ලඟම තිබුන පැතලි ගලකින් වාඩි උන මං  රිදුම් කන එක කකුලක් මගේ ලඟට ගත්තා... 

රතු වෙලා.... මුලු කකුලම රතු වෙලා... යටිපතුල් පුපුරු ගහන තරම් රතු වෙලා තැනින් තැන දියපට්ටාත් ඇවිත්....

මං හෙමීට මගේ කකුලේ දබර ඇගිල්ලට පැටලිලා තිබුන සිලම්බුවේ නූල ගලෝලා දැම්මා.... ඇගිල්ල කැපිලා ගිහින්... ඒත් කකුලේ තිබුන සිලම්බු ගලවන්න මට තහනම් වෙද්දී මං මගේ ජෝතිය කකුල් වලින් වළලුකර විතරක් නිරාවරණය වෙන්න උඩට ඉස්සුවා... එතනත් සිලම්බු වලට තැනින් තැන කැපිලා සීරිලා තියෙද්දී මං සිලම්බුව එහාට මෙහාට කරලා කකුල් දෙකම අත් දෙකෙන් චුට්ටක් අතගෑවා.... දැවිල්ලයි.... තවමත් කකුල් පුපුරු ගහනවා... කලවා වල ඉදලාම කකුල් වෙව්ලනවා.....

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
දේව්දාස් || Where stories live. Discover now