විවාහ රාත්‍රිය

933 161 174
                                    

මධු චන්ද්‍ර යාමේ මෝදු වේ

උන්මාදනීය රාත්‍රියේ

අනංග දෙවොලේ දල්වා දීපාවලී

මධු චන්ද්‍ර යාමේ මෝදු වේ 

මධු චන්ද්‍ර යාමේ මෝදු වේ 

වරල සිකිපිල් සෙමෙර සලමින්

නයන නිලුපුල් සුවඳ ඉසිමින

උරමඩල සියපත් වතින් නිති සරසා

ප්‍රියයාන හදවත තුනු සිරින් සදනු

දෙතොල මීවිත අමා පුදමින්

දෙතන කළසින් පවස නිවමින්

සිරි යහන සුපහස තනා පුලුලුකුලේ

පතිකුලය සුමිහිර සදා රැක වසනු

 මධු චන්ද්‍ර යාමේ...................... 

මෙච්චර වෙලා නිහඬ උන කුටියේ ද්වාර ඇරෙන හඬ ඇහෙද්දී මටත් නොදැනීම මට කෙළ පිඩක් ගිලුනා... ආයෙත් ද්වාර වැහෙන හඬත් එක්කම කුටියේ තිබුන හැම මලකම සුවඳ පරාද වෙද්දී මුලු කුටියම නෙලුම් මල් සුවඳකින් වැහිලා ගියා.. මගේ හෘද වස්තුව ගැහෙන වේගේ වැඩි වෙද්දී ටිකෙන් ටික ලං වෙන පාද සලඹක පියවර හඬ එක්ක මගේ අතේ තිබුන පහන මගේ අත් අතරටම හිර උනා....

පාද සලඹක සිහින් සීනු හඬක්... ඒ තරම් මිහිරි හිත සන්සුන් කරන සීනු හඬක් මං කවමදාවත් අහලා තිබුනේ නෑ... ඒ තරම් ඒ පුංචි සීනු හඬට වශී වෙනවා...  ටිකෙන් ටික... ටිකෙන් ටික මගේ ලඟටම ලන් උන ඒ පුංචි සීනු හඬ නතර වෙද්දී මට ආයෙත් කෙල පිඬක් ගිලුනා...

විනාඩි ගාණක් යනකන් තිබුනේ නිහඬ බවක්... ඒත් එක්කම මගේ අතට උණුසුම් හුලං පාරක් වදිනවා එක්කම මට තේරුනා මගේ අතේ තිබුන පහන නිමිල ගියා කියලා.. මගේ ඇගිලි තව තව පහන තද කරලා අල්ලනවාත් එක්කම උණුසුම් උන මගේ අත් දෙකට සීතල ස්පර්ශයක් දැනුනා.... සීතලම සීතල ස්පර්ශයක්... හිම වගේ සීතලයි..... ඒ ස්පර්ශයට මගේ මුලු ඇගම හිරි වැටිලා යද්දී එ සිනිඳු සීතල ස්පර්ශය එක්කම මෙච්චර වෙලා මගේ අතේ තිබුන පහන මගේ අතින් ඒ විශාල අත් දෙකට ගියා...

දේව්දාස් || Where stories live. Discover now