වෙනසක්

614 127 49
                                    

වෙනසක්

තුන් මසක්.... හිතාගන්නවත් පුලුවන්ද... මම මේ රන් දෙවොලේ දේවදාසයා වෙලා තුන් මසකුත් ගෙවිලා ගිහින්...

සෑම උදේකම හිරුටත් කලින් නැගිටලා දෙවොලේ හැම චාරිත්‍රයක්ම මගේ අතින්ම ඉටු කරලා.. එයාගේ හැම ධානයක්ම මගේ අතින්ම පිළියෙල කරලා... එයාගේ සතුට වෙනුවෙන් නටලා වයලා ගයලා තුන් මාසෙකුත් ගෙවිලා ගිහින්.... දැන් මං ඒ හැමදේටම හුරු වෙලා.. මේ ජීවිතේට, එයාට මං හුරු වෙලා... හුරුවෙලා කියනවටත් වඩා ඇබ්බැහි වෙලා කිව්වා නම් හරි...

ඇත්තෙන්ම මේ තුන් මාසය ගොඩක් දේවල් වෙනස් කලා.... ගොඩක් දේවල්.. කවදාවත් නොහිතපු තරම් දේවල් වෙනස් වෙලා...

මං ඔහුගේ දාසයා උනත් ඔහු මගේ ස්වාමියා උවත් අපි දෙදෙනා අතරේ තිබුන සම්බන්දය හරි වෙනස්.... හරියට ආදරේ කරන දෙන්නෙක් වගේ.. මං ඔහුටවත් ඔහු මටවත් ' ආදරෙයි' කියන වචනේ නොකිව්වට හිතේ හිර උන හැඟීම් ඕනිවටත් වඩා පේන්න තිබුනා...

ඒත් ඒ හැඟීම වචන කරන්න දිව්‍ය නීතියෙන් තහනම්.. ඔහුව ස්පර්ශය පවා තහනම් මට ඔහු ගැන ආදරයක් හිතන්නවත් තහනම්.. ඉතින් ඒ හැඟීම ඉස්මතු වෙන හැම වෙලේකම මං බලෙන්ම මගේ හදවතට විලංගු දානවා... සිතුවිල්ලකින්වත් ඔහුට අගෞරවයක් පවක් කරන්න මට ඕනි නෑ..

මං දන්නවා ඔහුත් බියයි... මගේ හැඟීම් පාලනයෙන් තොර උනොත් මට වස් වඳීවි කියලා.. ඔහුට තියෙන්නේ දමනය කල හිතක් උනත් මනුස්ස හිතක් උන මගේ හිත අයාලේ යන එක නවත්තන්න හරි අමාරුයි... ඒක මනුස්ස සොබාව...

මීට මසකට විතර කලින් යහනේදී විලංගු දාපු මගේ හිතේ පාලනය ගිලිහුනා... ඇත්තෙන්ම හැඟීම් වල අන්තෙටම ගිහින් හිටිය මං පියවි සිහියෙන් මිදිලා ඔහුගේ දේහදාරී ශක්තිමත් පපුව ස්පර්ශ කරලා තිබුනා... මගේ ඇගිලි තුඩු වලින්... ඒත් ඒක හරි සියුම් ස්පර්ශයක්... ඔහු ඒවලේ මගේ දෑත් බන්ධනය කලත් එදා මට වස් වැදිලා තිබුනා... පහුවදා උදෑසන මට තදටම උණ වැලදිලා තිබුනා... නැගිටින්නවත් බැරුව... නමුත් ඔහුගේ ඖෂධ වලට මට දෙදිනකින් සුවය ලැබුනා...  නමුත් එදායින් පසුව සෑම ආලිංගනයකදීම ඔහු මගේ දෑත් බන්ධනය කරන්න වග බලාගත්තා....

දේව්දාස් || Where stories live. Discover now