Fate - 02

25 3 8
                                    

Continued.....

නැවක් වගේ තඩි බයික් එකක් මගේ ඉස්සරහ නැවැත්තුවේ.. හම්මේ හදවත් පොජ්ජ ඉතින් මෙල්ට් වෙලා යනවා ඒ බයික් එක දැක්කම අප්පා... ඔව් මේ සබාවට පැමිණුනේ මගේ ප්‍රේම බ්රුංග රාජයා... හි ඔව් ඔව් මගේ කොම්ලා තමා 😏 හුම්ම්...

" අහ්හ් සුද්දී කොහේද මේ යන්නේ කුකුළා කරේ තියන්... යකෝ නැගිට්ට කියලවත් මැසේජ් එකක් නැනේ "

" මොකටද මන් මැසේජ් කොරන්නේ ඇයි ඊයේ යකා ගහල වගේ මාත් එක්ක රණ්ඩු වුනේ... තමුසේ ඕන නැ මට උදේ පාන්දර මගේ කොම්ලා ලස්සන පික්කුවක් දාල තිබ්බ... ඊයේ මන් කිව්ව එක ඇහිලද කොහෙද... අනේ දෙවියනේ තැන්ක් යු තැන්ක් යු මේ අහින්සකාවිගේ අහිංසක හීන සැබෑ කරනවට"

මන් අත් දෙකත් උඩට කරගෙන යුවේන්ට ඇහෙන්නම කිව්වේ පොඩ්ඩක් ඉරිසියා හිතවන්න... මගේ මොංගල් වැඩ දැන් යුවේන්ට හුරුයි... එයා දන්නවා මේ ලෝකේ එයාටත් වඩා මන් ටේ බබාට ආදරෙයි කියලා.. එයා මගේ දිහා හිනා වේවි බලන් ඉන්නවා ඉතින්...

" මේ නාඩගම් නටල ඉවරයි නම් යමුද... මට අද වැඩ ගොඩක් තියෙනවා කෙල්ලේ.. ඔයාව දාල මෙහෙමම මන් යන්න ඕනේ කොළබ අනේ "

යුවේන් බයික් එක රේස් කරන ගමන් කිව්වා..

" උප්ස්... අනේ මේ පාරේ ඕන තරම් බස් තියෙන්නේ ඔයා මොකටද ආවේ... මට බැ ඔයා යන්න.. මාත් එක්ක තරහ වෙලා මෙතන තව බනිනවත් එක්ක "

මුනත් හට්ටියක් කරන් අත් දෙකත් බැදගෙන මන් කියවන් ගියේ තිබ්බ තරහටමයි...  කොච්චර ආදරේ කරත් යුවේන් වැඩට ගියාම මට එක මැසේජ් එකක්වත් දාන්නේ නැ... මන් ඔෆිස් එකේ කොච්චර වැඩ තිබ්බත් ලන්ච් එකටයි ඉවර වෙලා එද්දියි යුවේන්ට කෝල් එකක් ගන්නවා... ගොඩක් දවසට එයා අන්ස්වර් කරන්නේ නැ... දැන් පුරුද්දක් නිසා මන් එයාට කෝල් කරනවා ඊයෙත් රණ්ඩු උනේ ගෙදර ආවා කියලවත් කිව්වේ නැතුව මන් නිකමට ඊයේ රෑ 11 ට විතර කෝල් කරාම යුවේන් ගෙදර ඉන්නේ කිව්ව නිසා..

" හරි සුද්දී දැන් යමුකෝ ඉතින් මන් ආවනේ... චුට්ටක් අමතක උනා ඉතින්... අම්මෝ මේ යක්ශනී නම් "

මගේ මුණ අල්ලලා හොල්ලල එයා එහෙම කිව්වම මට ඉතින් හරි ලොකුයි 🥰... එයාගේ මුනේ හැගීම් මට කියවන්න බැරි උනේ ඇස් දෙක විතරක් පේන තඩි ඔලුබක්කෙක් එයාගේ ඔලුවේ නිසා... ශේප් එකේ නැව් ගත වෙලා මන් ඉතින් කොම්ලව අල්ලගත්ත...
යන ගමන් අපි දෙන්න අතර කිසි කතාවක් උනේ නැ... එයා එහෙම තමා අනේ මන්ද... වෙලාවකට මට‍ එයාව කියවන්න බැ... විනාඩි 20ක විතර ගමන විනාඩි 5න් ගිහින් මාව ඔෆිස් එක ලගටම දාල එයා ඉගිල්ලිලා ගියා... හැමදාම මන් කියනව නළලට උම්මා එකක් දෙන්න කියලා. කමක් නැ එයාට වැඩ නේ... මන් එහෙම හිත හදාගෙන ඇතුලට ගියේ කලින් ආව නිසා මගේ පිස්සාගේ ගමන් මල්ල වගේ තියෙන ලොකර් එක ටිකක් අස් කරගන්න... ඊයේ හදිස්සියට සේරම ලොකර් එක අස්සේ එබුවනේ... හී...
උදේම ඒක අයින් කරලා මගේ පෙන්ඩින් වැඩ ටිකක් මන් මෙසේ උඩින් තියලා... බෝතලේට වතුර එකක් අරන් ආයේ මේසෙට වාඩි වෙලා ඊයේ තිබ්බ ප්‍රෝග්‍රෑම් එකේ ප්රෝග්රෙස් එක චෙක් කරන්න ගත්තා... අලුත් ඩ්‍රෙස් ටිකක් ලෝන්ච් කරන නිසා මේ ටිකේ මාකටින් එකේන් අලුත් ලොකේෂන් ටිකක් හොයනවා 4ටොස් ගන්න...

ꌚ꓄ꂦ꒒ꏂꈤ ꎇꍏ꓄ꏂWhere stories live. Discover now