Fate - 05

19 3 4
                                    


Yeshi POV :

ආයිෂ් මහන්සි අප්පා, මේ මගුලේ සිග්නලුත් නැ අනේ... මට අප්ඩේට් එකක්වත් බලන්න නැනේ අප්පා... කොහොමද මන් මගේ කොල්ලා නැතුව ඉන්නේ..

" කොල්ලා කිව්වේ කොරියන් එකටද ලංකාවේ එකටද? "

ඒ සුමිහිරි වොයිස් එක මදුගේ

" සැක්, ඒක කිව්ව කැත යකෝ 😏... කොරියන් එක්කෙනා ගැන තමා ඉතින් මන් කියවන්නේ බන්... ලංකාවේ එක ඉන්නේ නමටනේ බලහන්කො උන්නද මලාද බලන්නවත් කෝල් එකක් නැනේ "

" දැන් ඔයා ගාල්ලේ කියලා අය්යා දන්නවද අක්කේ"

" ඔව් මන් මැසේජ් එකක් දැම්ම එන්න කලින්, ඒ වෙලේ නම් බලලවත් නැ.. තාම බලලා නැතුව ඇති නැත්තම් කෝල් එකක්වත් ගන්නවනේ "

" ම්ම්ම් ඔව් නේද.. මොනා උනත් ආදරෙයි නේ කොල්ලටත්"

" ඔව් ඒත් ටේ බබාට තරම් නැ, ඩිලිවර් නොවුනත් එයාට මන් රැට කාපු කෑම එකේ 4to එකකුත් යැව්වා 🤣"

" අනේ මෙකී නම්.. කවදා හැදෙයිද බන් උබ"

"ටේ බබාව මීට් උන දවසට සලකල බලන්නම්කෝ හොදේ"

" මෙහෙ එනවා නිදාගන්න, මහන්සි ඕයි මන් මේ උදේ පාන්දර 2 ඉදන් ට්‍රැවල් කරන්නේ "

ඇනුමකුත් යවල මදු ඇදට පැන්න, ඇත්තටම කරන්න වැඩක් නැ... 4න් වලට සිග්නල් නැ... ඩේටා වැඩ කරන්නේත් නැ... මන් නිකමට වගේ යුවේන්ට ඩයල් කරා...

" ඕඕ සුද්දී කියන්න.. මොකද කරන්නේ? "

" යුවේන් මන් ගාල්ලේ ඔයාට මැසේජ් එක හම්බුනාද? මෙහෙ සිග්නල් නැ අනේ "

" අහ්හ් මන් රිප්ලයි කරා ඒකට.. ඔයාට ආවේ නැද්ද ඒ කියන්නේ"

" නැ ආවේ නැ... නිකන් හරි කෝල් එකක් ගන්න එපැයි යුවේන්"

" අහ්හ් අනේ මොකටද සුද්දී ඔයාට කරදර කරන්නේ මන්, ඔන්න ඔහේ වැඩ ටික කරන් එන්න අනේ... මේ රෑ වෙලා මට නිදිමතයි... මන් දොයි... බායි ගුඩ් නයිට්"

එයා 4න් එක තිබ්බා... නිකන්වත් මගෙන් වැඩ ගැනවත් ඇහුවේ නැ... එයාට මන් ගැන ගානක් නැ 😔..
මදුට බොරු කිව්වට මන් දන්නවා එයා මැසේජ් එක දැකල කියලා.. මන් ටිකක් කල්පනා කරා...

ꌚ꓄ꂦ꒒ꏂꈤ ꎇꍏ꓄ꏂWhere stories live. Discover now