Fate - 03

18 6 4
                                    

ටෙහියුන් POV :

හයිබ් එකට ගියේ සේජුන්ව හම්බෙන්න උනත් මගේ ඉස්සරහට ආවේ හා දත් දෙකත් දාගෙන ජේ කේ...

" ඔමෝ හියුන්ග්... මොකද මේ උදේ පාන්දර... ඔලුව වැදුනද... නැත්තං අර ජින් අය්යාගේ සුමිහිරි වදන් සවන් වැකෙන නිසා මෙහෙට ආවද "

ජේ කේ මගේ නළලටත් අත තියලා එයාගේ නළලටත් අත තියලා තනියම කියෝ කියෝ උන බලනවා... කටත් උල් කරන් තනිකර සයිකෝ වගේ මුට නම් 😏

" මගේ නෙවෙයි ඔලුව වැදිලා තියෙන්නේ ඔහේගේ... ඇයි දැන් මට අපේ කම්පැනි එකට එන්නත් බැරිද? "

" නැ නැ හියුන් වෙනදට ඔයා ඇදෙන් නැගිටින්නෙම හවස 3ටනේ.. මන් මේ එකයි බැලුවේ නිවාඩු දවසේ මොකද මේ කියලා තාම උදේ 9ටවත් නැනේ... "

" හරි හරි බන්.. මේ.. මේ... "

" ආආආ මොකක් හරි වෙලා තියෙනවා වගේ... කෝ කෝ මෙතනින් ඉදගන්න... කියන්න කියන්න මොකක්ද උනේ... අර ගැනු ළමයාට කතා කරාද අහ්හ් "

ජේ කේ ට මන් කලින්ම ඉන්ස්ටග්‍රෑම් එකේ ගර්ල් ගැන කියලා තිබ්බ අපේ කට්ටියගෙන් ඒ ගැන දන්නේ ජේ කේයි හොබී හියුන්ග්නුයි විතරයි...

" අහ්හ් මේ නැ... නැ.. බන්... මේ.. එයා අද... මේ "

" මොකක්ද හියුන් උදේම කටේ ඩම්ප්ලින්ග් හිර වෙලා වගේ ගොත ගහන්නේ... අහ්හ් මෙන්න මේ බනානා මිල්ක් එක බොන්නකෝ"

දත් 32ම විවුර්ත කරගෙන ජේ කේ මගේ දිහා බලන් ඉන්නේ නිකන් අපායට ගහපු පැලස්තරේ වගේ...

" අහ්හ් මෙන්න මේක බලහන්කො"

මන් 4න් එකේ ලොක් එක ඇරලා ජේ කේට දුන්නේ මට වෙලා තියෙන දේ කියන්න තරම් හිතට හය්යක් නැති නිසා... මන් මීට වඩා දේවල් විඳලා තියෙනවා එත් මගේ හිත මෙහෙම රිදුනේ පලවෙනි වතාවට... මට කලින් අෆෙයර් එකක් තිබ්බා වීන් එක්ක ඒත් ඒක බ්රේක් උනත් මට දුක හිතුනේ නැ... දැන් ඇයි මේ...

" හියුන්ග් අපි මෙහෙම කරමුද? දැන් මේක බලලා එයාට විශ් කරමුද? කුරුළු කූඩු කඩන්න හොද නැ නේ නේද? "

කවදාවත් වැඩක් අතාරින්නෙ නැති ජේ කේ එහෙම කිව්වම මන් එයාගේ මුණ දිහා ටිකක් වෙලා දුකින් බලන් හිටිය..
මෙන්න මු ගුලි කාපු එකා වගේ හිනා වෙනවා

ꌚ꓄ꂦ꒒ꏂꈤ ꎇꍏ꓄ꏂTempat cerita menjadi hidup. Temukan sekarang