06 කොටස

827 122 82
                                    


"කොල්ලෝ....සුදුපුතේ!! අනේ බං ටිකක් මෙහෙට ආවා නන් !!"
අත්තම්මා කෑ ගහනවා ඇහෙද්දි ගෙදර ඉස්සරහ ඉස්තෝප්පුවට වෙලා මහියා එක්ක කතා කර කර හිටිය මං නැඟිටලා කුස්සියට ගියා....

මහියා ඇවිත් දවස් දෙකක් අදට...අපි දෙන්නා ඊයෙ පහළ ඇළ දිගේ ගම කෙළවරට ම ඇවිදගෙන ගියා....නාලා දං බකට් එකකුත් කඩාගෙන ආවෙ ඊයෙ...මම මහියට පීනන්න ඉගැන්නුවා....ඌට කොහොමත් ටිකක් පුළුවන් මං ප්‍රැක්ටිස් කරන්න ආව දවසට බලන්න ඇවිත් ඉද්දි කියලා දීලා...ඊයෙ දවල්ට කන්නෙත් නැතුව අපි දෙන්නා ඇළට කකුල් දාගෙන කියව කියව හිටියා....මහියා වටේ නැති ඒවා ප්‍රශ්න අහද්දි මම තමයි කියෙව්වෙ ඉතින්.... අනිත් අය ළඟ සද්ද නැතුව හිටියට මේකා එක්ක ඉද්දි මට බ්‍රේක් නෑ...

මම කියවන කියවන කතාව මම මූට කියන්න ඕන... අනේ ඌට ගිය රට ඉතින්....ඒකා පොතක් දැකලාවත් නැතුව හෙන කතා ගොඩක් දන්නවා... මගෙන් ඇහිල ම තමයි ඉතින්....ඊයෙ දවස ම මැරෙන්න හැදුවා ජේස් ඇලෙක්ට කැමති නෑ කියලා...

මං මොනා කරන්නද යකූ....ඒක කතාව ලියපු හැටිනෙ ඉතින්...

" ඇයි අත්තම්මේ?"
මම කුස්සියට එබෙන ගමන් අහද්දි අත්තම්මා ලිප ළඟ ඉඳගෙන ම ඉණට අත් දෙක තියන් මගෙ පැත්තට හැරුණා....

"මං ලැවරියා හැදුවා සුදුපුතේ...අර ටවුමෙ ඉලන්දාරි ටිකටත් එක්ක හැදුවෙ....මේ ටිකේ ම ඔය මොකක් හරි එකක් රත් කරගෙන කන්න ඇත්තෙ... මේන් මේ ටික ගිහින් දීලා වරෙන්..."

අත්තම්මා  කෙසෙල් කොලේකින් වහපු පොඩි බේසමක් හැන්දෙන් පෙන්නලා ආයෙ ලිපේ තිබුණ තාච්චිය පැත්තට හැරුණා...අයියලා හොඳ ගානක් දෙනවා ඇති ඒ ගෙදරට...නැත්තන් අපෙ අත්තම්මා හොඳයි ඔහෙම සලකන්න...

"ආ...මං ගෙනෙහින් දෙන්නම් අත්තම්මේ...මහියා කොහොමත් කොහේහරි යමු කිය කිය හිටියෙ..."
මම එහෙම කියලා තැටියෙ තිබුණ පැණි පෙඟලා තිබුණ ලැවරියා එකක් අතට ගත්තා....ලැවරියා කිව්වාම දන්නවද බං....අර පෑන්කේක් කියන්නේ..ඒවට තමයි අත්තම්මලා ලැවරියා කියන්නේ...

මං කෑම තෝරන්නෙ නෑ ඉතින්... එවුණාට මේවට මං හෙන පෙරේතයි හලෝ...

.
.
.
.
.
.
.
.
.
.
.
.

සීමා...Where stories live. Discover now