16 කොටස

572 90 18
                                    


Ananya POV

" පොඩී....චූටි නිදිද?"
අභී අයියගෙ කා එකෙන් බහින ගමන් දණහිස හරියට දිග තද කළු කොණ්ඩයක් තියෙන කළු බෝල ඇස් තියෙන ගෑණු ළමයෙක්...

එයාගෙ ඇස් කලබලෙන් එහෙ මෙහෙ යනවා හරියට කාවහරි හොයනවා වගේ...අභී අයියගෙ අක්කා ඇත්තට ම ලස්සනයි...එයාගෙ මූණ රවුම්... සුදුයි... කෙට්ටු නෑ කියන්න තරමට මහතයි... ඒ හිනාව වුණත් පිරුණු ගතියක් තියෙන්නෙ...අභිනව් අයියා වගේ සැර කෙනෙක් නෙවෙයි කියලා බැලූ බැල්මට පේනවා...සුදුපාට ලොකු මල් තියෙන බිමට දිග කහපාට අත් දිග ටොප් එකකට සුදු ජීන් එකක් ඇඳලා එයා ළඟ අමුතු එළියක් තිබුණා... අභී අයියගෙ අක්කා...හරියට ම කිව්වොත්...දැක්කත් හිත පිරෙන කෙල්ලෙක්...

"අනන්‍ය....ධුරා කොහෙද?"
අභී අයියා දොර ළඟ හිටිය මගෙන් අහද්දි අක්කා මගෙ දිහා බලලා ලස්සනට හිනාවුණා...

"තේශ් අයියා නිදිනෙ අයියෙ...තේව් අයියලා නම් ආවා..."
මං අක්කත් එක්ක හිනාවෙලා කියද්දි අයියා අක්කට ඇතුළට යමු කියාගෙන ඇවිත් දොර ළඟ අයිනට වෙලා හිටිය මගෙ අතට කැන්ඩොස් චොක්ලට් එකක් දුන්නා... ලොකු එකක්...

"අ-අයියෙ?"
මං චොක්ලට් එකේ මිල බලලා අයියා දිහා ඇයි මේ කියලා අහන්න වගෙ බැලුවාම අයියා මගෙත් එක්ක හිනාවෙලා කොණ්ඩෙ ඇවුස්සුවා...

"සුදු නෝනා එනකල් වාහනේ නතර කරගෙන හිටියෙ චොක්ලට් ස්ටෝල් එකක් ළඟ..."
එයා සපත්තු දෙක ගලවලා තියලා ඇතුළට ගියාම මාත් ඒ පස්සෙන් ගියා...අහිංසා අක්කා තේශ් අයියගෙ ළඟින් වාඩිවෙලා ඔලුව අතගානවා...

මහිම අයියා රෑට උයනවා...තේව් අයියා මීට්න් එකක... තුහින අයියා මොකද්ද රේස් එකකට ප්‍රැක්ටිස් කියලා කොහෙද යන කතාවක් කිව්වා මට මතක නෑ...

තුහින අයියා මොකකට හරි මහියා එක්ක රණ්ඩු වෙනවා අපි නැති තැන... මට අහගන්න ඕනෙ ඇයි කියලා... මහියා මේ දවස්වල සිහියකින් නෙවෙයි ඉන්නෙ...ගිහින් පාර මැදින් හිට ගනින් කිව්වොත් පාර මැදට ගිහිල්ලයි බලන්නෙ ඇයි මම පාර මැද කියලා... එච්චරට අවුල් ඒකා...ලෙක් වලට මගෙ වදේට ආවට ඌ ඉන්නෙ සිහියෙන් නෙවෙයි.... දැනුත් ඇඳට වෙලා සිවිලිම දිහා බලන් ඉන්නවා එක කම්මුලක කඳුළු පාරකුත් තියෙනවා...

සීමා...Where stories live. Discover now