21 කොටස

558 87 21
                                    

මහිම අයියගෙයි තේශ් අයියගෙයි කන්වකේශන් එක තිබුණෙ පෙරේදා... ඉතින් ඒකට තුහින අයියයි අභී අයියයි වද කරලා ට්‍රීට් එකක් ඉල්ලලා ඒකෙ ප්‍රතිඵල විදිහට අපි සෙට් එකම අද වෙනදත් යන KFC එකේම අපිට පුරුදු ටේබල් එකේ ඉඳගෙන ඉන්නවා...ඕඩර් එක ලැබෙනකල් අපි කට්ටිය වාඩිවෙලා කතා කර කර හිටියා ඉතින්...තේව් අයියා නම් කෝල් එකක...එයා මේ පැය දෙකකට ලීව් එකක් දාලා ඇවිත් තියෙන්නේ...

ටිකකින් එහා පැත්තෙ ටේබල් එකෙන් බැලූ බැල්මට යුනි එකක කියලා පේන නැට්ටුක්කාරියො ටිකක් ඇවිත් ඉඳගෙන ඇඹරෙන්න ගත්තා ම මං ඉතින් ගණන් නොගෙන මේසෙට යටින් අභී අයියගෙ ඇඟිලිවල මගෙ ඇඟිලි ටික පටලන් මහියයි ආවියි එක්ක කතා කර කර හිටියෙ අයියලා යමු කිව්ව ට්‍රිප් එකට තැන් තෝර තෝර හිටියා....

පහුගිය මාස දෙක තුනට ආවියි තේශ් අයියයි ගොඩක් ළං වෙලා තිබුණා...ඒ දෙන්න ම වැඩිය කතා නොකරන කාවවත් කෙයා නොකරන අය වුණාට දෙන්නගෙම අප්පච්චිලා ක්ලාස් මේට්ස්ලා කියලා දැනගත්තාම ඒ දෙන්නා ටිකක් විතර යාළුවො වෙලා තිබුණා...ඒකට වැඩියෙන් ම හේතුව වුණෙ ආවි තේශ් අයියා එක්ක සයිකො ඩිසීසස් ගැන මාස තුනක විතර රිසර්චි එකක් කරපු එක...

අපේ ඕඩර් එක ලැබුණට පස්සෙ අපි ඉතින් කන ගමන් එක එක දේවල් කියව කියව හිටියා...එතන එක එක මාතෘකා තිබුණා ඉතින්...වැඩියෙන් ම තුහින අයියා ඇදලා ගත්තෙ මහී අයියගෙයි තේව් අයියගෙයි වෙඩින් එක වෙද්දි මහිම අයියා හිටියෙ රතුම රතු වෙලා...

"ඌහ්...අයියූ මගෙ ස්කර්ට් එක!!"
එහා පැත්තෙ ටේබල් එකේ හිටිය තැනින් තැන තඹ කරලා තිබ්බ කොණ්ඩෙ කඩාගෙන දණහිසෙන් වියතක් විතර උඩට තියෙන තද රතුපාට ගවුමක් ඇඳගත්ත කෙල්ලෙක් කෑ ගහද්දි අපි කට්ටියට ම ඒ පැත්ත බැලුණත් ආවි ඇස් රෝල් කරලා අහක බලද්දි තේශ් අයියට හිනා යනවා මං දැක්කා...

තුහින අයියා මහියගෙ කර වටෙන් අත දාගෙන ආයෙ ටේබල් එක පැත්තට හැරෙද්දි මාත් හැරෙන්න හැදුවත් ආයෙ අර කෙල්ලෙක් කතා කරපු නිසා මම ඒ පැත්ත බැලුවා... මගෙ කරුමෙට ද මන්දා අභී අයියා ඉන්නෙ ඒ සක්කරවට්ටම් ටිකට ළඟ ම පුටුවේ...

"එක්ස්කියුස් මී අයියේ....ටිශූ බොක්ස් එක දෙන්න පුළුවන් ද?"
එක කෙල්ලෙක් අභී අයියා දිහා බලන් ඇඹරි ඇඹරි අහද්දි අයියා ටිශූ බොක්ස් එක ඇඟිල්ලෙන් මේසෙ කොනට තල්ලු කරලා පුටුවෙ පිටිපස්සට වුණා ම ඒකි ටිශූ බොක්ස් එක අරගෙනත් අයියගෙ දිහා බලන් ඉන්න ගත්තා ම මට සාතන් වැහුණා ඉතින්...

සීමා...Where stories live. Discover now