Aghara POV
අද යුලෙත්ගෙ බාප්පා එක්ක යුලෙත් එනවා කිව්ව වෙලාවෙ ඉඳලා ම මං ඔෆිස් එකේ හිටියෙ මොන වෙලාවෙ එළියට පැන ගන්නවද බලාගෙන...
ඒත් ඩැඩා හවසට ඕන කිව්ව ෆයිල් ගොඩ එක්ක මට අද හවස පහ පහුවෙලත් පැය දෙක තුනක් යනකල් ඔලුව උස්සන්න වෙලාවක් ලැබෙන්නෙ නැති බව හොඳටම දැනගෙනත් මගෙ මුරණ්ඩු ඇස් දෙක සැරින් සැරේ ටේබල් ක්ලොක් එක පැත්තට ගියේ කෑම පැය එනකල් බල බල.... බඩගින්නකට නෙවෙයි....ඒ පැය මම මෙතන නැති වුණාට ඩැඩා මොනවත් කියන්නෙ නෑ...
සදෙව් මල්ලිත් එන නිසා තුහිනයා යනවා....ඒක අවුලක් නෑ ඌ වැඩ ටික බලා ගනී....අවුල තියෙන්නෙ ධුරා ෆ්‍රී නිසා ඌත් යනවා...මට මෙතනින් හෙලවෙන්න විදිහක් නෑ...
"ආශ්....#ක්"
"මිස්ට අභිනව්?"
මම ලිය ලිය හිටිය එක වැරදුණ කේන්තියට ම පෑන කැබින් එකේ කෙළවරට විසි කරලා සද්දෙටම කියන ගමන් අත මිටි කරලා මේසෙට ගහද්දි මගෙ සෙකට්‍රි උඩැක්කිය ඔලුව උස්සලා මිච්ච ඇභිඤැව් ගෑවා....මට පෙන්නන්න බෑ රට උඩැක්කිය... ඩැඩා මොන මඟුලකට මේ උරචක්කරමාලෙ මට උදව්වට එව්වද මන්දා...මට හිසරදෙ හැදෙන්නෙ මේකගෙ තොරොම්බල් දැකලා...
"Any question Mr.Abhinaw?"
පොෂ් වෙන්න එනවා ඉතිම්....පස්ස හිර වෙන්න අඟල් දෙකේ සායක් ඇඳලා තද රතුපාට ලිප්ස්ටික් ටිකක් උලා ගත්තාම මේ ගෑණුන්ට සිංහලත් අමතක වෙනවා.. ඔෆිස් එකේ නෙවෙයි වුණා නම් මම ඕකිට සුද්ද සිංහල උගන්නනවා... මගෙ අවාසනාවට මේක ඔෆිස් එක...."මට ඩාක් කොෆී එකක් ගේනවා!"
මම එක අතකින් ඔලුව මසාජ් කරන ගමන් කෑ ගැහුවා ම ඒ උඩැක්කිය පස්ස වන වන ටොක් ටොක් ගගා එළියට ගියා...මට කේන්තී...මට ගොඩක් කේන්ති යනවා...ඒක මගෙ හැටි....මට ඕන විදියට දේවල් හැන්ඩ්ල් කර ගන්න බැරි වෙද්දි මට කේන්තී...
ඔෆිස් එකේ අය දන්න අභිනව් අතුකෝරළ කියන්නෙ නූලට තිතට වැඩ කරන පොඩ්ඩ ඇත්තන් යකා නගින වල්ගෙ ගිනි ගත්ත හනුමෙක්... ලොකු වෙනසක් නෑ මම හැමතැනම එහෙමයි...අරුන් ටිකයි සුදු නෝනයි ළඟ ඇර....අරුන් සෙට් එක...හැටි දන්න නිසා මට පාඩුවේ ඉන්න දෙනවා.. ධුරා තමයි වලි අදින්නෙ ටිකක්...ඒත් තේව් රණ්ඩු වෙන්න දෙන්නෑ...තේව් නොහිටින්න අරූ මගෙන් ඇට කුඩු වෙන්න කාලා ගොඩක් කල්...ඌ රණ්ඩු වෙන්නෑ...මට කේන්ති ගිහින් කලබල වෙලා ඉද්දිත් ඌ අර පුරුදු තාලෙම කිසිම කලබලයක් නැතිව කන්ටිනිව් කරද්දි මට යකා වැහෙනවා...උගෙ ඒ ගතිය මාව කේන්ති ගස්සනවා...
YOU ARE READING
සීමා...
Non-Fictionසීමා....කියන්නෙ ම තමන් තවමත් උත්සාහ නොකරපු අළුත් දේවල් විතරයි.... තවත් විදියකින් කියනවා නම් සීමා කියන්නෙම මිනිස්සු හිතින් මවාගත්ත හිතළුවක් විතරයි...